.


අද මේ කියන්න යන්නේ ඈඹරෙල්ලා ගෑන පොඩි කථාවක් හොදේ.අපේ කට්ටියට ඈඹරෙල්ලා ගහක් කිව්වාම මතක් වෙන්නේ ගහේ ප්‍රමාණය ,එතකොට ස්වරූපය මොන වගේද?මහ විසාල අතු පතර විහිදුනු අලි ගහක්ද!!!ම්ම් එතකොට මෙන්න මේ පල්ලෙහායින් තියෙන පිංතූරෙ තියෙන්නේ මොකද්ද ?ඔව් ඔයාලා දන්නවා මේ මිටි ඈඹරෙල්ලා ගහක්.මේ පිංතූර ටික නම් මම ගත්තේ අපේ කාර්යාලෙ ඉදිරිපස තියෙන වගාවෙන්.වගාවක් කිව්වාට ලස්සනට වගේ වවලා තියෙනවා කුරු ඈඹරෙල්ලා පෑල පේලියක් .ආන් න ඒකෙන්.....

මට ඈත්තටම මෙන්න මේ කුරු ඈඹරෙල්ලා ගෑන තමයි ඔයාලට කියන්න ඕන උනේ.මේ මිටි ඈඹරෙල්ලා ගස් දෑන් බොහොම වේගයෙන් අපේ ගෙවතු වල වගා කරගෙන යනවනේ.ඈත්තටම කිව්වත් වගේ මේ වර්ගය හොදයිද?

මගේ මතයට අනුව නම් මේක කිසිම වෑඩක් නෑති වර්ගයක්.හොදයි මේකෙ වාසි අවාසි ගත්තෝතින් නම් වගා කරන්න වෑය වෙන්නේ කුඩා ඉඩක් .ඒ වගේම ඉක්මනට හෑදිලා ඉක්මනටම අස්වනු දෙන්න මේ ප්‍රබේදය හරිම දක්ශයි

ඒ වාගේම ඕනම පලාතක ඕන පරිසරයකට ඔරොත්තු දෙන්න වර්ධනය වෙන්න මෙයාට හෑකියාව තියෙනවා.ඒ ඔක්කොටම වෑඩිය මේ කුරු ඈඹරෙල්ලා ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තියෙනවා.ඒක තමයි ගෙවතු අලංකරනයේදි ,භූමි අලංකරනයෙදි ගොඩ දෙනෙක් මේ කුරු ඈඹරෙලි වර්ගය ගෑන විස්වාසය තියලා තියෙනවා.ඒකට හේතු මං කලින් කිව්වානේ..නේද

ඒතකොට අවාසි...අපෝ ඈඹරෙල්ලා කිව්වට මේකෙ රස නම් අපේ ගමේ ඈඹරෙල්ලා වලට කිට්ටු කරන්නවත් බෑ.කොටින්ම ඈඹුල් ගතියක් ඈත්තෙම නෑ වගේ.ඒක නිසා මේකෙන් ඈඹරෙල්ලා මාලුවක් හෑදුවට මෙලෝ රහක් නම් නෑ.ඒ ක නිසා මේවා වෑව්වා කියලා වෙළද පොලේ මාකට් එකක් නම් නෑ.මොකද ගොඩ දෙනෙක් මේවා මිලදී ගන්න කෑමති නෑනේ.අනෙක් එක තමයි ගෙඩියේ ප්‍රමාණය .ඔයාලත් දන්නවනේ මේ කුරු ඈඹරෙල්ලා වර්ගයේ ගෙඩිය සාපේක්ෂව ගොඩක් කුඩායි.ඉතින් ඒකත් ගෑටලුවක්.

දෑන් මේ කියන්න හදන්නේ මේවයි පෑලයක් කොහොමද හදා ගන්නේ කියලා.බෑනලා බෑනලා තව පෑලත් මොකටද නේද?අනේ නෑ අපේ ගොඩ දෙනෙක් හිතන්නේ මේ කුරු ඈඹරෑල්ලා පෑල හදන්නේ බද්ධ කරලා කියලා ..මොකද කට්ටිය මටත් කියලා තියෙනවා මේ ඈඹරෙල්ලා පෑල බද්ද කරන විදිය කියලා දෙන්න කියලා.ඒත් මතක තියාගන්න යාලුවනේ මේක මේ බද්ද කොරලා හදාපු ගහක් නිසා නෙමෙයි මෙහෙම මිටියට හෑදෙන්නේ.කොටින්ම මේක විදෙස් රටකින් හදුන්වලා දීපු ප්‍රබේදයක්

මිටියට හෑදෙන එක ඒ ප්‍රබේදයේ ආවේනික ලක්ශණයක්.ඉතින් මේ කුරු ඈඹරෙල්ලා පෑලයක් හදාගන්න එක හරිම ලේසි වෑඩක්.කරන්න තියෙන්නේ ගහේම හොදට ගෙඩියක් ඉදෙන්න දීලා පස්සේ ඒක වෑලි තවානක හිටුවා ගන්න එක.පෑල උනාට පස්සේ එතනින් ඉවත් කොරගෙන ක්ශේත්‍රයේ සංස්ථාපනය කරගන්න ඕන.එච්චරයි.කුරු ඈඹරෙල්ලා ගහක් ඔයාලටත් ලෑබේවි.

ලිපිය ටිකක් දිග උනා වගේ එහෙනම් ගිහිල්ලා එන්නම් යාලුවනේ සුභ සති අන්තයක් ඔයාලට.

"අපි සෝයා බෝංචි වගා කරමු- 2" හා " විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රිලංකාවේ වගා කරමු "(පසු විපරමක්)


ඉතින් යාලුවනේ මේ දවස් වල දිගටම වගේ ක්ශේත්‍රයේ රාජකාරි කටයුතු වෙනුවෙන් තමයි කාලය වෑඩිපුර මිඩංගු කලේ.ඒ හින්දාම ලිපියක් වත් දාන්න ඉඩක් ලෑබුනේ නෑ නේ. ඒකට කමක් නෑ.කට්ටියට මතකද මම මිට කලින් ලිපියක කිව්වා අපේ කොටසේ සෝයා බෝංචි වගා කරපු හෑටි.ම්ම් මතක නෑ වගේ නම් මෙන්න මෙතනින් ආයෙත් මතක් කර ගන්න පුලුවන් ඔයාලට...

ඉතින් මේ පහලින් තියෙන පිංතූර ට්ක බලන්නකෝ.මොකද හිතෙන්නේ ඔයාලට .ඔන්න අපි සෝයා වගාවේ අස්වනු නෙලලා අවසන් කලා.අපි කිව්වට අපේ කොටසේ ගොවි මහත්වරු හොදේ.


අක්කරේකින් 400 -500kg අතරේ සාමාන්‍ය අස්වෑන්නක් තමයි ලබාගන්න පුලුවන් උනේ.ඒකට හේතු විදියට මම දෑක්කේ අපි තෝරාගත්තු කාලය සහ වගාවට අවශ්‍ය වෙච්චි ජලය ප්‍රමානය සපයා ගෑනීමේ අපහසුවත් එක්ක ඈති උන ගෑටලුව.අපි වගාව සදහා තෝරා ගත්තේ එහෙම නෑත්නම් වෑඩසටහන ආවේ කලේ යල කන්නයේ. ඉතින් අපේ යාලුවො දන්නවනේ යලේ වියලි කලාපෙ තියෙන පෑවුමේ හෑටි.අපිට තේරුන විදියට මාස් කන්නේ වගාව කලා නම් මේ ගෑටලුව මග හරවා ගන්න තිබුනා.

කොහොම හරි අලුතෙන්ම කල සෝයා බෝංචි වගාව ඒ පිලිබදව අත් දෑකීමක් නොතිබුනු අපිටත් අපේ ගොවි මහත්වරුන්ටත් නව දෑනුමක් ලබා ගන්න උදව් උනා කිව්වොත් මා නිවෑරදියි. මේ වෙන කොට ඒ අස්වනු අලෙවි කරන්නත් අපි අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ සදහා මා කලින් සදහන් කරපු ආකාරයටම සමපෝශ ආයතනය සම්බන්ද වෙලා අපිත් එක්ක.

හරි ඔන්න යාලුවනේ මම පොරොන්දු උන විදියටම සෝයා වගාවේ තොරතුරු ඔයාලට ඔන්න කිව්වා.දෑන් මේ කියන්න හදන්නේ ආයෙමත් පෑරණි ලිපියක අලුත් තත්වයක් ගෑන. මතකද ඔයාලට මේ ලිපිය

විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රි ලංකාවේ වගා කරමු.

මේ එදා මම සටහන තෑබුවෙ ඩ්‍රෑගන් ෆෘට් වගාව ගෑන.
ඒ ලිපිය මෙතනින් බලන්න පුලුවන්.
දෑන් මේ පහලින් තියෙන පිංතූරේ බලන්නකෝ.

මේ කරුනාවතී ඈය මගේ කොටසේ ඉන්න ගොවි කාන්තා සාමාජිකාවක්.ඈයත් ඒ කාලෙ අපේ උපදෙස් වලට අනුව මේ වගාව කරන්න යොමු උනා.දෑන් ඉතින් ඒවයේ ප්‍රථිඵල ඈයත් ඒ වා දිහා බලලා අවංක සතුටක් අපිත් භුක්ති විදිනවා .
ඉතින් යාලුවනේ අපි තවත් වගාවකුත් අලුතෙන්ම කොටසේ ගොවි මහත්වරුන්ට හදුන්වලා දුන්නා .සුපුරුදු විදියට ඊලග ලිපියෙන් ඒ ගෑනත් ඔයාලට විස්තර කියන්නම් .එහෙනම් ගිහින් එන්නම් සුභම සුභ සති අන්තයක් .

Related Posts Plugin for WordPress, Blogger...