.


Showing posts with label How to prepare quality Mango plant. Show all posts
Showing posts with label How to prepare quality Mango plant. Show all posts

කෙටි කාලයකින් හොද බද්ධ අඹ පෑළයක් නිවසේදීම හදාගමු...

ආයුබෝවන් දයාබර මිතුරු මිතුරියන් සියලුම දෙනාට.ඒ වගේම තවත් දෙයක් ඔන්න අපේ රටේ කෘශි නිෂ්පාදනයට දායක කරගන්න පුලුවන් බිම් ප්‍රමාණයත් තුනෙන් එකකින් විතර වෑඩි වෙලා.අපේ දකුණේ ගොවි මහත්වරුන්ටත් එක පෑත්තකින් හොද අභියෝගයක් මොකද අපි දන්නවා උතුරු කරේ අපේ සහෝදරවරු කෘශිකර්ම ක්ශේත්‍රයේ අති දක්ෂයින් බව.ඔවුන්ගේ ඈගේම ඒක තියෙනවා විශේෂයෙන්ම ධාන්‍ය භෝග වගාවට නම් උපන් හපන්නු.කෙසේ වෙතත් අපේ රටට පිටරටවලින් ගේන ,නමුත් අපේ රට තුලවගා කරන්න පුලුවන් ආහාර නම් අනිවාර්යෙන්ම වෑඩි ප්‍රමාණයක් මෙරටම හදාගන්න පුලුවන් වේවි ඉදිරියෙදි.
ඔන්න අද කියන්න යන්නේ අපේ ගෙදරදිම සාර්ථකව බද්ධ අඹ පෑලයක් හදාගන්න පුලුවන් විදියක් ගෑන.හරිම ලේසියි විනාඩි 15 වෑඩේ ඉවරකරන්න පුලුවන්. කෙටි කාලයකින් අස්වනු ගෑනීමට පුලුවන් වීම,ගසේ උස අඩු වීම,ඒ වගේම මව් ශාඛයට 100% සමාන ලක්ශණ ඈති ගසක් හදාගන්න පුලුවන් වීම වගේ වාසි බද්ධ කිරීම තුලින් අපිට ලබාගන්න පුලුවන්.... මේකෙ අවාසිත් නෑතුවා නෙමෙයි.හෑබෑයි සාපේක්ෂව වාසි වෑඩියි. හරි පටන් ගනිමු..............


මේ වෑඩේට අපි යොදාගන්නේ කුඤ්ඤ බද්ධ ක්‍රමය.මොකද ඒක හරිම සරළයි.ලොකු පුහුණුවක් අවශ්‍ය නෑ.මුලින්ම අපි ග්‍රාහකය නෑත්නම් මුල් සහිත කොටස විදියට පාවිච්චි කරන කොටස සාදා ගෑනීම කල යුතුයි.හොද මුල පද්ධතියක් තියෙන,කටුක පරිසර තත්ව වලට ඔරොත්තු දෙන කොහු අඹ වල් අඹ වගේ වර්ගයක් මේ සදහා සුදුසුයි. කෑපෙන පිහිතලයකින් අඹ ඈටයේ පොත්ත ඉවත් කරන්න ඕන.පෑය 2 විතර වතුරේ පොගවලා ගත්තොත් පෑල වීම ඉක්මන් කරගන්න පුලුවන්. මේ ඈට වෑලි තවානක සිටුවා ගන්න ඕන.පෑලවෙන්න දවස් 15 විතර යනවා. දවස් 15-20 වෙනකොට අපේ වෑඩේට හොදයි.මුලින්ම මේ පෑලේ වෑලි තවානෙන් ගලවලා වියලි ගොම:මතුපිටපස් 1:1 අනුපාතයට කලවන් කර ගෙන පුරවාගත්තු කලු පොලිතින් බෑග් එකක හිටුවා ගන්න ඕන.
වෑදගත්ම දේ තමයි අනුජය තෝරාගන්න එක.අපිට ගෙඩි ගන්න අවශ්‍ය රසවත් හොද පලදාවක් තියෙන අඹ ගහක් තෝරාගෙන ඒකේ පසුගිය වාරේ ගෙඩි හෑදුනු කලින් පෑල කරගත් ග්‍රාහකයේ කදේ ප්‍රමාණයට සමාන අගල්2-3 දිගකින් යුක්ත රිකිල්ලක් තමයි මේ සදහා යොදාගන්නේ............ ඔන්න වෑඩේට මුවහත් බද්ධ පිහියක් හරි නෑත්නම් අලුත් බ්ලේඩ් තලයක් හරි ඕන වෙනවා.මුලින්ම ග්‍රාහකය අගල් 5උසින් කපා ඉවත් කල යුතුයි.ඉන් පසුව එහි හරි මෑදින් සෙ.මි 2 පමණ ගෑබුර පෑල්මක් පහලට දාන්න ඕන. කලින් සූදානම් කරගත් අනුජ කොටස කුඤ්ඤ හෑඩයට දෙපෑත්තෙන් බ්ලේඩ් තල පාරවල් දෙකකින් කෑපුමක් යොදාගෙන ග්‍රාහකයේ පෑල්ම තුලට බස්සවා 1/2 පොලිතින් පටියක් මගින් බද්ධ සංධියේ පහල සිට ඉහලට වෙලීම සිදුකර ඉහලින් ගෑටයක් යෙදිම කල යුතුයි............. පොලිතින් ආවරණයක් යොදා පෑලය සෙවනේ තෑබීම සුදුසුයි.නෑත්නම් වේලෙන්න බලනවා.දින 14 පොලිතින් ආවරනය ඉවත් කිරීම කල යුතුයි.වෑඩේ සාර්ථක නම් රිකිල්ල කොල පෑහෑයෙන් දකින්න පුලුවන් වේවි.මාස 3-4 යනකොට හොද මට්ටමේ පෑලයක් හදාගන්න පුලුවන්........... සල්ලිත් වියදම් කරගෙන වෙළද පොලේ කපටින්ට රෑවටිලා අවුරුදු 2-3 බලන් ඉදලා පස්සේ පසුතෑවෙනවාට වඩා කෙටි කාලයකින් මේ වගේ දෙයක් කරලා තෘප්තියකුත් ලබන්න පුලුවන් නම් කොයිතරම් වටිනවද ...

Related Posts Plugin for WordPress, Blogger...