.


Showing posts with label අඩු පරතර කෙසෙල් වගාව. Show all posts
Showing posts with label අඩු පරතර කෙසෙල් වගාව. Show all posts

මේ කතාව පටන් ගන්නෙ හරියටම ඔන්න මීට අවුරුද්දකට විතර කලින්. මගේ ක්ශේත්‍රයෙ අපිත් එක්ක බොහොම කිට්ටුවෙන් එකතුවෙන් වෑඩ කරන ගොවි මහත්මයෙක් ඉන්නවා.එයාගෙ නම අනුරදේව.අපේ ආදර්ශන එහෙමත් මෙයා බොහොම උනන්දුවෙන් කරන කෙනෙක්.ආ මේ ඉන්නෙ අනුරදේව මහත්තයා.මේ පින්තූරෙ ගත්තෙ එයා අපිත් එක්ක එකතු වෙලා සෝයා බෝංචි වගාව කරපු කාලෙදි.
ඉතින් ඔන්න ඔහොම කාලය ගත වෙලා යද්දි දවසක් මට කෝල් එකක් එනවා"ආ නුවන් මහත්තයද.ඉඩක් තියෙනවනම් අපේ ගෙවල් පෑත්තෙ ඈවිත් යන්න පුලුවන්ද,සර්ට දෙන්න පොඩි තෑග්ගක් තියෙනවා"මාත් ඉතින් විස්තරේ අහලා බෑලුවා.මොකද්ද දන්නවද මේ තෑග්ග!
මන් කිව්වනේ අපේ මේ යාලුවා වගාවට ගොඩක් උනන්දුයි කියලා.මෙයාට නේත්‍රංපලම් කෙසෙල් පෑලයක් ලෑබිලා.පස්සෙ ඒක ලොකු වෙලා පලවෙනි අස්වෑන්න ලබා දීලා.ඉතින් මේ නේත්‍රං පලම් අස්වෑන්නෙන් කොටසක් මටත්  දෙන්නයි මේ එන්න කියන්නෙ තකහනියෙ.
ඉතින් කොහොමහරි මම එනව කිව්වත් මට යෙදුනු වෑඩත් එක්ක මට අනුරදේව මහත්තයගෙ ගෙදරට යන්න බෑරි උනා.පස්සෙ දවසක හමු වුන වෙලාවෙ බොහොම දුකෙන් වගේ කිව්වා අපි සර් එනකන් දවස් ගානක් තියන් ඉදලා අයින් කලා කියලා.මටත් ඉතින් වෑඩේ අවුල් වගේ එත් මොනවා කරන්නද...........
ඔන්න ඊලග සතියෙ උදේම මම නෑවතිලා ඉන්න තෑනට අනුරදේව මහත්තයා එනවා.නිකන් නෙමේ තෑග්ගකුත් අරගෙන මොකද්ද දන්නවද,නේත්‍රංපලම් කුඩා පෑලයක් තමයි ගෙනත් දුන්නෙ.මේක ගෙදර යනකොට අරගෙන ගිහින් හිටවන්න සර්.අර ගෙදර පදුරෙන් තමයි ගලවං ඈවිත් තියෙන්නෙ.


ඉතින් මමත් ගෙදර එද්දි මේක බයිසිකලේ එක පෑත්තක ගෑට ගහගෙන බොහොම අමාරුවෙන් කි.මී75 විතර දුර ගෙවාගෙන ගෙදර ආවා.අපේගෙතර ලොකු ඉඩක් නෑ.ගේත් එක්ක මුලු ඉඩමම පර්චස්10 .ඉතින් මිදුලෙ කෙලවරක මගේ අතින්ම රෝපනය කලා.හෑබෑයි අවාසනාවට මට මේකට කාබනික පොහොරවත් රසායනික පොහොරවත් මොකුත් දාන්න උනේ නෑ.කොටින්ම සාත්තුවක් කරන්න උනේ නෑ......වඩුවගෙ කතාව වගේ තමයි හොදේ.
ඉතින් මම මේ ලිපිය ලිව්ව හේතුව දෑන් කියන්නෙ.මේ බලන්න මෙ එදා සිටෙව්ව නෙත්‍රංපලම් කෙසෙල් පෑලේ.බලන්න අද ලොකු ගහක් වෙලා.අස්වෑන්නකුත් දෙන්නයි සූදානම් වෙලා තියෙන්නෙ.මේ පිංතූර ටික මං දෑන් ගත්තේ.ඊට පස්සෙ මට හිතුනා මේ තොරතුර අපේ යාලුවන්ටත් කිව්වොත් හොදයි කියලා.


ඉතින් නෙත්‍රංපලම් කෙසෙල් දෑකලා නෑති අය ඉන්නවානම් ඔන්න බලාගන්න.කඩේ සාමාන්‍යයෙන් රුපියල්100-150 වගෙ මුදලකට මේ ගෙඩියක් අලෙවි වෙනවා.මේ පෑලේ මට දුන්නු අනුරදේව මහත්මයා ඔබටත් බොහොමත්ම ස්තුතියි.තවම මේ ආරන්චිය මට එයාට කියන්න බෑරි උනා.මම දෑන් එහේ නෑති නිසා.එහෙනම් යාලුවනේ මේ පෑත්තෙ ආවට ඔයාලටත් ගොඩාක් ස්තුතියි.

High density banana cultivation in srilanka

තුන් ගුණයක් අස්වනු වෑඩි කරනා අඩු පරතර කෙසෙල් වගාව


සතිය මුල නම් ඒ තරම් හොද ආරංචියක් නම් නෙමේ අහන්න ලෑබුනෙ.පෙට්‍රල් මිල දහයකින් වෑඩි කරලා.මොනවා කරන්නද දුප්පත් අපි බයිසිකලේට ඩීසල් ගහලා දුවන්නෑය.දෑන්130 යි.
මේ දවස් වල කෙසෙල් ,ගස්ලබු මිලත් නෑගලා.පෙරේදා පුවාලු ගෙඩියක් ඈහුවා...රුපියල් 18 එක ගෙඩියක්.ගස්ලබු කිලෝ එක ගන්නේ රුපියල් 35-40 මිලකට.දෑන් නම් ගොවියාගෙන් ගන්නෙත් කාර්ගිල්ස් මිලකට.විකුනන්නේ කොහොමෙයි.
අද මේ කියන්න හදන්නේ හෑමදාමත් කරපු සාම්ප්‍රදායික ක්‍රොමේ ටිකක් වෙනස් කරෝලා ඊට වඩා ටිකක් වෙනස් විදියකට කෙසෙල් වගා කරලා කෙටි කාලෙකින් වෑඩි අදායමක් ලබාගන්න පුලුවන් ක්‍රමයක් ගෑන.
කෙටියෙන් කියන්නම්.මේ ක්‍රමය හදුන්වන්නේ "අඩු පරතර වගාව" කියලා අපි කලින් කෙසෙල් වගාව කලේ සමාන්ය්‍යයෙන් අඩි10*10 පරතරේටනේ.එතකොට පෑල 400 විතර තමයි අක්කරේකට වෑටෙන්නේ.අනිත් එක ඒ විදියට වගාවක් වෑඩි කාලයක් නඩත්තු කරන්න අපි බලාපොරොත්තු උනත් දෑන් තියෙන ලෙඩවල් එක්ක එහෙම කරගන්න ලෑබෙන්නේ නෑ ගොඩ දෙනෙක්ට.අනික පෑනමා කියන රෝගි තත්වයත් එක්ක විශේශයෙන් පුවාලු නම් හදන්නම බෑ.අනිත් එක අන්තිම වේනකන් කෙහෙල් ගහට සාත්තු කරලා,වතුර ගහලා පීදෙන්න ඔන්නමමෙන්න තියා තමයි මේ ලෙඩ එන්නේ.අවසානයේ ලක්ශ ගානක් වතුරේ.
මේ අඩු පරතර ක්‍රමේදි අපි වගාවක් උපරිම වශයෙන් නඩත්තු කරන්නේ ක්ශේත්‍රයේ අවුරුදු 02 විතරයි.නමුත් වෙනස තමයි අපි සාමාන්‍යයෙන් වගා කරන පෑල ප්‍රමාණය වගේ තුන් ගුනයක් පෑල ඒ ඉඩ තුලම වගා කරනවා.ඒ කියන්නේ අක්කරේකට නම් පෑල1200 ක්.වාසිය තමයි සාමාන්‍ය ක්‍රමේට වඩා තුන්ගුණයකින් අස්වෑන්න ,අදායම වෑඩි කරගන්න පුලුවන්.ඒ වගේම වගාවට සපයන ජලය පොහොර ටික උනත් කාර්‍යක්ෂමව භාවිතයට ගන්න පුලුවන්.ඒ වගේම පෑනමා රෝග ව්‍යාප්තියටත් යම් තාක් දුරකට විසදුමක් මේ විදිය.
මේ හේතු නිසාම වගාවට වෑය කරන ලද මුදල පියවාගෙන කෙටි කාලයකින් උපරිම ලාභයක් ගන්න පුලුවන්.
පරතරය ගත්තොත් ඈබුල් වලට පේලි හා පෑල අතර 3*1m,ඈම්බන් ආනමාලු වගේ උස ප්‍රභේද වලට 3*2.5m සුදුසුයි.වලවල් සකස් කිරීම උදලු තලේ ප්‍රමාණයට දිග, පළල, ගෑබුර 45 *45 *30cm වඩා යෝග්‍යයි මේ ක්‍රමේදි.ඒ වගේම මේ වලවල් වලට කාබනික පොහොර ටිකක් යෙදීම නම් ඉතාම වෑදගත් ඒ වගේම ගොවි මහත්වරු ටිකක් කම්මෑළි කොරන්නෙත් මේකම තමයි.
අනිත් එක තමයි නිරෝගි වගාවකින් තෝරා ගනිපු ශක්තිමත් පෑල සිටුවන්න ගන්න එක.එහෙම නොවුනොත් පස්සෙ පසුතෑවෙන්න වෙන එක නම් ස්ථිරවම කියන්න පුලුවන්.පෑල වල ගොබය ඈදිගෙන එද්දි පොළොව මට්ටමේ ඉදන් අඩි2.5 න් හෑඩකෑපුමකින් කද කපා ඉවත් කරන්න අවශ්‍ය වෙනවා.ඒ නිසා අපිට ඒකාකාරව වගාව පවත්වගන්න පුලුවන් .වගාව නඩත්තු කරන් යද්දි මව් ගහෙන් එන මොරෙයියන් සියල්ලම ඉවත් කිරීම අනිවාර්යෙන්ම කල යුතුමයි.උඩට මතුවෙද්දිම පාගලාහරි එහෙම නෑත්නම් තලා විනාශ කරන්න පුලුවන්.මොකද මේ ක්‍රමේදි තනි ගහක්නෙ අපි බලාපොරොත්තු වෙන්නේ.ඒක නිසා විසාල සරු කෑනක් ලෑබෙනවා.ඒ වගේම එන පෑල වගාවෙන් ඉවත් කරලා එවා අලෙවියෙන් අමතර අදායමක් හොයා ගන්නත් පුලුවන්.
ඉතින් ඔයාලත් අඩු පරතරේට කෙසෙල් දාන්න හිතන් ඉන්නවා නම් කියන්න.දෑනට මහවෑලි සංවර්ධන ඉඩම් වල විසාල වශයෙන් මේ ක්‍රමයට කරපු වගාවල් තියෙනවා.එහෙනම් ගිහින් එන්නම්.සතුටුදායක සාමකාමී සති අන්තයක් ඔබට.

Related Posts Plugin for WordPress, Blogger...