.


Showing posts with label police. Show all posts
Showing posts with label police. Show all posts

ඔන්න දඩ කොල නෑ කෙලින්ම උසාවි !   මේ හය කලෝතින්

තමන්ගේ රෑකියාව වෙනුවෙන් වාහනෙත් එක්ක එහෙම නෑත් නම් යතුරු පෑදියත් එක්ක ඔට්ටු වෙන වෑඩිපුර මහා මාර්ගෙ ජීවත් වෙන අපේ සහෝදරයන් වෙනුවෙන් ,මෑතකදි පොලිසිය රථ වාහන සම්බන්දයෙන් අලුතෙන් හදුන්වා දීපු නව නීති කිහිපය ඉදිරිපත් කලෝතින් හොදයි කියලා හිතුනා.මොකද පොලිස් මහත්වරුන්ගෙ අතංගුවලට පාරෙ කොටු වෙලා ඉන්න පිරිස් දෑක්කාම තවම අපේ ගොඩ දෙනෙක් ඒ ගෑන ඒ තරම් දෑනුවත් වෙලා නෑ කියලා හිතුන නිසා.
ඒ නීති වලට අනුව වාහන සම්බන්දයෙන් සිදු වෙන වෑරදි හයක් සදහා දඩ කොල ලබා දීමක් නොකර කෙලින්ම උසාවි දාන්න කටයුතු කරනවා.ඒ වෑරදි හය තමයි මේ,

  • රක්ශණ සහතිකය නොමෑතිව රිය පෑදවීම
  • ජංගම දුරකථනය භාවිතා කරමින් රිය පෑදවීම
  • අපරීක්ෂාකාරී ලෙස රිය පෑදවීම
  • අන්තරායකාරී ලෙස රිය පෑදවීම (දෑනට හයිස්පීඩ් ලියන්නේද මේ වරදටය)
  • නොසෑලකිලිමත් ලෙස රිය පෑදවීම
  • බීමත්ව රිය පෑදවීම ...............................ඉතින් මේවයේ හොද නරක නම් තිරනය කිරීම කියවන ඔබලාට භාරයි.මොකද මේව ක්‍රියාත්මක කොරන්නෙත් අපේ රටේ පොලීසියනේ .කොහොම උනත් පුවත් පතක නෙත ගෑටුනු මෙන්න මේ වෑකිපෙලින් ලිපිය නිමා කරන්නම්.සුභ ගමන් ඔබට.( පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය විය යුත්තේ ලයිට් කණු අස්සේ තාප්ප අස්සේ හොරා පොලිස් කරන්නට මෙන් සෑගව සිට වේග සීමා ඉක්මවන වාහන අල්ලා රියදුරන්ට අච්චු කිරීම නොවෙයි.ඔහු සෑබෑවටම රියදුරාට නියාමකයකු විය යුතුයි.අඩුම තරමින් ඔවුන් හෝ මේ ලයිට් කණු අස්සෙන් ගස් ගල් අස්සෙන් බෝක්කු කටවල් අසලින් එලියට ගත යුතුය.මාරක අනතුරු සිදුවීමට ඉඩ ඈති තෑන්වල,මගී ජීවිත අනතුරට ලක් වීමට ඉඩ ඈති තෑන් ,රියදුරන් අපරීක්ශාකාරි ලෙස රිය පෑදවීමට පෙළබෙන මාර්ගවල සේවයේ යෙදවිය යුතුය.)

මා ලොකුවෙලා කවුරු වෙන්න කෑමතිදෑයි අපේ අම්මලා අහන වෙලාවලදිත් මං එක පාරටම කියන්නේ කවදාහරි මම ලොකු පොලිස් කාරයෙක් වෙනවා කියලාය.මෙහෙම කියනකොට අම්මා නම් මොකුත් නොකීවත් අපේ තාත්තාට නම් මල පනී.ඒ ඈයිද කියා නම් මට තේරෙන්නේ නෑත.අපේ අල්ලපු ගෙදර ත් ඉන්නේ පොලිස් මාමා කෙනෙකි.ඕකා ජරා පප්පා යයි අපේ තාත්තා කොයි වෙලේ කිවුවත් මට එහෙම දෑනෙන්නේ නෑත.ඒ මාමාගේ ගෙදර තරම් ලොකු ගෙයක් අපේ අහල ගමක වත් නෑත.ගෙදර කොයි වෙලෙත් සෙනග පිරිලාය.ගේ හදන්න ගල් වෑලි ඔක්කෝම ගෙනත් බෑවේ යාලු මාමලාය.අපේ තාත්තාට කොයින්ද ඒ වගේ යාලු ගොල්ලො.මට හිතෙන්නේ නම් ඒ මාමා ට්‍රෑෆික් එකේ ඉන්න නිසා අපේ තාත්තාට ඉරිසියා හිතිලා විය යුතුය.

පොලිස් මාමලා උදවු කීරීමට ගොඩාක් කෑමතිය.දවසක් අපි කතරගම යද්දී පොලිස් මාමලා දෙන්නෙක් ගහක් අස්සේ හිටන් එක පාරටම පාරට පෑන්නෝය.අපේ ඩ්‍රයිවර් මාමා ඉර කපලා නෙ කියා තාත්තා කීවාය.ඒකට ලොකු දඩයක් ගෙවන්න ඕනලු.ලයිසම පොලිස් මාමලා ගන්නවාලු.අනේ අපේ තාත්තා දන්න තරම.අර මාමලා දෙන්නා අපිට එහෙම කලේ නෑත.ඩ්‍රයිවර් මාමා කිව්වේ රුපියල් පන්සීයෙන් වෑඩේ ශේප් උනා කියලාය.ඉතින් අනුන්ට උපකාර කරන මේ වගේ මාමලා කොයි තරම් හොදද?
පොලිස් මාමා කෙනෙකු වීමට කෑමති හේතු තව ඕනෑ තරම්ය.මා වීරයන්ට ගොඩාක්ම කෑමතිය.රොබිහුඩ් ,ටාසන් තව මතක් වෙන්නේ නෑත.දවසක් මං ටිවි එකේ බලද්දී මරු සීන් එකක් දුටුවාය.පොලිස් මාමලා ටිකක් එකතු වී දුස්ටයාට පොල්ලකින් හොදට තඩි බාන්නේය.මේ ය මාගේ සිත් ගත්තේ ගොඩ බිමේ නොව මූදේදී මේ මාමලා වෑඩ පෙන්වීම නිසාය.රොබින්හුඩ්ලා පරාදය.තාත්තා ට නම් එදා යකා වෑහිලා වාගේය.අහින්සක මනුස්සයෙක් මුන් එකතු වෙලා මෑරුවායයි කිය කියා හිටියේය.මට නම් හිතෙන්නේ තාත්තාට ඒවා බෑරි නිසා විය යුතුය.පොලිස් මාමලා වීරයන් යයි මා කියන්නේ ඒ නිසාය.

තාත්තා මේ ලගකදී කියපු කතාවකින් මගේ සිතද තරමක් කම්පා උනාය.ඒ පොලිස් මාමලාගේ පඩිය අඩු කොරලානේ පුතේ ඔයාගිහින් වෑඩක් නෑ.කියු නිසාය.එසේ කලේ ඈයි දෑයි මට කුතුහලයක් ඈතිවූ නිසා මේ ගෑන ඈසූ විට තාත්තා නම් කියුවේ දෑන් හයිස්පිඩ් ලියන්නේ නෑනේ කොල්ලෝ කියාය.ඉතින් ඒක හා මේ මාමලාගේ පඩිය අතර සම්බන්දයක් තියේය.අපේ තාත්තාට නම් පිස්සු හෑදී ගෙන එනවාද කියා මට සිතුනි.

අනික මේ මාමලාට කොයි තරම් සලකනවාද මිනිස්සු.බස් එකේ දි ටිකට් වත් ගන්න ඕන නෑය,අපේ බාගේ ටිකටය ගත්තේ නෑත්නම් කොන්දොස්තර මාමලාගෙන් බලු බෑනුම්ය.මා එසේ බෑනූ අපේ ගමෙ බස් එකේ කොන්දොස්තරට පොලිස් කාරයෙක් වී හොද පාඩමක් උගන්වන්නේය.හංදියෙ හෝටලයෙන් නොමිලේ කන්නට අවස්තාවද මට ලෑබෙන්නේය.

ඉතින් මාගේ අනාගත බලාපොරොත්තුව නම් පොලිස් මාමෙක් වීමය. (ටීච මට හොදයි එකක් දෙන්න )

අපෝයි. වෙච්ච විනාසේ පාරෙ බෑහෑලා යන්න බෑ නොවෑ.මුන් පිස්සු වෑටී ගෙන එනවද .......නෑ මේ කියන්නේ මිනිස්සු ගෑන කතාවක් නෙමේ.මේ තිරිසන්නු ..එහෙම කිව්වොත් උන් තව හොදයි.මේ කියන්නේ බල්ලො ගෑන ,නෑත්නම් සුනඛයො ගෑන කතාවක් ........................................ මුන්ට අර පිස්සු බලු රෝගෙද මොකද්ද කියන වහංගතේ බෝ වෙලා.මනුස්සයෙක් පෙන්නන්න බෑ.දෑක්කොත් කඩන් පනිනවා.වෙන බල්ලො වගෙ නෙමේ මේක හෑදුනු එවුන් පනින්නේ බෙල්ලටමයි.මිනී කාලා ලේ බොන එකෙන් තමයි මේ ලෙඩේ හෑදුන බල්ලො ලේසියෙන්ම අදුරගන්න පුලුවන් වෙන්නේ ................................................ මුන්ට මේ ලෙඩේ හෑදුනාම චාරයක් නෑ.රෑහේ යන්න ගියාම මහ එවුන් ,පොඩි එවුන් වෙන එකක් තියා නකුට පන නෑති පුන්චි කුක්කාත් බෑල්ලියො ,,සමාවෙන්න බලු ස්ත්‍රි පාරිශවේ කියන විදියට යි වෑඩේ කොරන්නේ.ඒ පාරිශවේ කිව්වොත් අරූ මරාපිය කියලා, ආයි බල්ලො කෙසේ වෙතත් මනුස්සයෙක් නම් ඉතුරු කොරොත් ඒ නම් බොරු ................................................ අවාසනාවක මහත.මේ ලෙඩේ හෑදුනු බල්ලොන්ට ජාතක වෙන බලු පෑටවුන්ටත් මේ කරුමෙ බෝ වෙනවානෙ.උන් මහා එවුන්ට හපන් පොඩි නිසා වෙන්නත් ඈති.එත් ඉතින් පොඩියි කියලත් බෑ නොවෑ මොකෝ උනුත් පිස්සු බල්ලොමනේ. ඈයි කතාවට කියන්නෙ බුරන බල්ලා සපා කන්නෙ නෑ කියලා අනේ නොදකින් මුන් ඉස්සෙල්ලා හපා කාලා ඒ මදිවාට තව උජාරුවට බුරන හෑටි විතරක් ........................................ බලු වරිගෙටම නින්දාවක් නේ මේ වහන්ගතේ.මෙහෙම ගියොත් අහිංසක මනුස්සයොන්ට මොනා වේවිද? දවස ගානෙ බල්ලො කාලා මෑරෙන්න ගියාම .....මිනිස්සු බල්ලො කන්නද...අනේ මන්දා.................................... දෑන් පාරෙ දඩාවතේ යන බල්ලො වෑහි වෑහෑලානෙ.බලු අයිතිවාසිකම් ගෑන කතා කරපු උන්නෑහේලාත් සද්ද නෑ .මොකක් හරි විස දුමක් දුන්නොත් හොදා.අර සයනයිඩ් පොලු ආයිත් අරන් පිස්සු බල්ලො ටික එන්නත් කොරොත් නරකෙයි....................................... නෑතුව මෙහේ එකා උස්සන් ගිහින් වෙන කොහේ හරි අත ඈරලා මක් කොරන්නෙයි.අර කතාවට කියන්නා වගෙ කෑලෑව මාරු උනාට කොටියාගෙ පුල්ලි මාරු වෙන්නේ නෑතිවා වාගේ මුනුත් ආයි එහේ එවුන් කනවානෙ.මුන් පිස්සු බල්ලොනේ. පොලිශ් බල්ලොනෙ .................. (සෑ.යු-මේ කතාව අදාල වන්නේ පිස්සු බල්ලන්ට පමණි)

Related Posts Plugin for WordPress, Blogger...