.


Showing posts with label Department Of Motor Traffic Srilanka. Show all posts
Showing posts with label Department Of Motor Traffic Srilanka. Show all posts

ඔන්න දඩ කොල නෑ කෙලින්ම උසාවි !   මේ හය කලෝතින්

තමන්ගේ රෑකියාව වෙනුවෙන් වාහනෙත් එක්ක එහෙම නෑත් නම් යතුරු පෑදියත් එක්ක ඔට්ටු වෙන වෑඩිපුර මහා මාර්ගෙ ජීවත් වෙන අපේ සහෝදරයන් වෙනුවෙන් ,මෑතකදි පොලිසිය රථ වාහන සම්බන්දයෙන් අලුතෙන් හදුන්වා දීපු නව නීති කිහිපය ඉදිරිපත් කලෝතින් හොදයි කියලා හිතුනා.මොකද පොලිස් මහත්වරුන්ගෙ අතංගුවලට පාරෙ කොටු වෙලා ඉන්න පිරිස් දෑක්කාම තවම අපේ ගොඩ දෙනෙක් ඒ ගෑන ඒ තරම් දෑනුවත් වෙලා නෑ කියලා හිතුන නිසා.
ඒ නීති වලට අනුව වාහන සම්බන්දයෙන් සිදු වෙන වෑරදි හයක් සදහා දඩ කොල ලබා දීමක් නොකර කෙලින්ම උසාවි දාන්න කටයුතු කරනවා.ඒ වෑරදි හය තමයි මේ,

  • රක්ශණ සහතිකය නොමෑතිව රිය පෑදවීම
  • ජංගම දුරකථනය භාවිතා කරමින් රිය පෑදවීම
  • අපරීක්ෂාකාරී ලෙස රිය පෑදවීම
  • අන්තරායකාරී ලෙස රිය පෑදවීම (දෑනට හයිස්පීඩ් ලියන්නේද මේ වරදටය)
  • නොසෑලකිලිමත් ලෙස රිය පෑදවීම
  • බීමත්ව රිය පෑදවීම ...............................ඉතින් මේවයේ හොද නරක නම් තිරනය කිරීම කියවන ඔබලාට භාරයි.මොකද මේව ක්‍රියාත්මක කොරන්නෙත් අපේ රටේ පොලීසියනේ .කොහොම උනත් පුවත් පතක නෙත ගෑටුනු මෙන්න මේ වෑකිපෙලින් ලිපිය නිමා කරන්නම්.සුභ ගමන් ඔබට.( පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය විය යුත්තේ ලයිට් කණු අස්සේ තාප්ප අස්සේ හොරා පොලිස් කරන්නට මෙන් සෑගව සිට වේග සීමා ඉක්මවන වාහන අල්ලා රියදුරන්ට අච්චු කිරීම නොවෙයි.ඔහු සෑබෑවටම රියදුරාට නියාමකයකු විය යුතුයි.අඩුම තරමින් ඔවුන් හෝ මේ ලයිට් කණු අස්සෙන් ගස් ගල් අස්සෙන් බෝක්කු කටවල් අසලින් එලියට ගත යුතුය.මාරක අනතුරු සිදුවීමට ඉඩ ඈති තෑන්වල,මගී ජීවිත අනතුරට ලක් වීමට ඉඩ ඈති තෑන් ,රියදුරන් අපරීක්ශාකාරි ලෙස රිය පෑදවීමට පෙළබෙන මාර්ගවල සේවයේ යෙදවිය යුතුය.)

Related Posts Plugin for WordPress, Blogger...