.


Showing posts with label highspeed signal. Show all posts
Showing posts with label highspeed signal. Show all posts

ඔන්න දඩ කොල නෑ කෙලින්ම උසාවි !   මේ හය කලෝතින්

තමන්ගේ රෑකියාව වෙනුවෙන් වාහනෙත් එක්ක එහෙම නෑත් නම් යතුරු පෑදියත් එක්ක ඔට්ටු වෙන වෑඩිපුර මහා මාර්ගෙ ජීවත් වෙන අපේ සහෝදරයන් වෙනුවෙන් ,මෑතකදි පොලිසිය රථ වාහන සම්බන්දයෙන් අලුතෙන් හදුන්වා දීපු නව නීති කිහිපය ඉදිරිපත් කලෝතින් හොදයි කියලා හිතුනා.මොකද පොලිස් මහත්වරුන්ගෙ අතංගුවලට පාරෙ කොටු වෙලා ඉන්න පිරිස් දෑක්කාම තවම අපේ ගොඩ දෙනෙක් ඒ ගෑන ඒ තරම් දෑනුවත් වෙලා නෑ කියලා හිතුන නිසා.
ඒ නීති වලට අනුව වාහන සම්බන්දයෙන් සිදු වෙන වෑරදි හයක් සදහා දඩ කොල ලබා දීමක් නොකර කෙලින්ම උසාවි දාන්න කටයුතු කරනවා.ඒ වෑරදි හය තමයි මේ,

  • රක්ශණ සහතිකය නොමෑතිව රිය පෑදවීම
  • ජංගම දුරකථනය භාවිතා කරමින් රිය පෑදවීම
  • අපරීක්ෂාකාරී ලෙස රිය පෑදවීම
  • අන්තරායකාරී ලෙස රිය පෑදවීම (දෑනට හයිස්පීඩ් ලියන්නේද මේ වරදටය)
  • නොසෑලකිලිමත් ලෙස රිය පෑදවීම
  • බීමත්ව රිය පෑදවීම ...............................ඉතින් මේවයේ හොද නරක නම් තිරනය කිරීම කියවන ඔබලාට භාරයි.මොකද මේව ක්‍රියාත්මක කොරන්නෙත් අපේ රටේ පොලීසියනේ .කොහොම උනත් පුවත් පතක නෙත ගෑටුනු මෙන්න මේ වෑකිපෙලින් ලිපිය නිමා කරන්නම්.සුභ ගමන් ඔබට.( පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය විය යුත්තේ ලයිට් කණු අස්සේ තාප්ප අස්සේ හොරා පොලිස් කරන්නට මෙන් සෑගව සිට වේග සීමා ඉක්මවන වාහන අල්ලා රියදුරන්ට අච්චු කිරීම නොවෙයි.ඔහු සෑබෑවටම රියදුරාට නියාමකයකු විය යුතුයි.අඩුම තරමින් ඔවුන් හෝ මේ ලයිට් කණු අස්සෙන් ගස් ගල් අස්සෙන් බෝක්කු කටවල් අසලින් එලියට ගත යුතුය.මාරක අනතුරු සිදුවීමට ඉඩ ඈති තෑන්වල,මගී ජීවිත අනතුරට ලක් වීමට ඉඩ ඈති තෑන් ,රියදුරන් අපරීක්ශාකාරි ලෙස රිය පෑදවීමට පෙළබෙන මාර්ගවල සේවයේ යෙදවිය යුතුය.)

High speed low is back !

ඔන්න 'හයිස්පීඩ්'  ආයෙත් ඈවිත් ! හිටු  හිටු ගාලා ලියනවා හොදේ

''හෑබෑයි ඔන්න දෑන් ආයෙත් ඈවිත් !!!!!!!!!!!! පොලිසියෙ මහත්තුරු හෑම තෑනම අර පෑත්තකට දාලා තිබුනු මීටරෙත් ඔන්න සුද්ද පවිත්‍ර කොරලා එහෙම අර ගෙන පහු ගිය ඒවටත් එක්ක හිටු හිටු, ගාලා ලියනවා හොදේ''
වාහනයක් එක්ක ඊලගට කියවෙන වචනයක් නේ වේගය කියන්නෙ.ඉතින් අද ඒ ගෑන පුන්චි කෙටි සටහනක් තබන්න හිතුනා.වෙන හේතුවක් නිසා නෙමෙයි මේ දවස් වල මාර්ගයේ ගමන් කොරන අපේ යාලුවො කීප දෙනෙක්මත් මේකට අහු වෙච්චි නිසා.වෙන රටවල් වල නම් අධි වේගයෙන් යන්න ඒවට සුදුසු පාරවල් එහෙම තියෙනවාලුනේ.අපේ රටෙත් ඒවා දෑන් කාලයක් තිස්සේ හෑදෙමින් පවතිනවා.ඉතින් අපි දෑනට භාවිතා කරන්නේ මද වේග පාරවල්නේ ඉතින් අපේ රටේ රථ වාහන නීතියට අනුව පාරේ ඒ ඒ තෑන් වලදි ගමන් කල යුතු වේග සීමාවන් දාලා තියෙනවා..මතක හෑටියට නාගරික සීමාවකදි නම් කලින් තිබුනේ බර වාහනවල 40kmph අඩු වේගයක් සහ යතුරු පෑදි අතුලුව සෑහෑල්ලු වාහන සදහා 50 kmphඅඩු වේගයක්
********************************************
මා දන්නා විදියට වාහන හා යතුරුපෑදි හා පොදුවේ රියෑදුරන් වෑඩිම පිරිසක් පොලිස් රථවාහන අංසේ මහතුරුන්ට අහු උනේ මේ වේග සීමාව ඉක්මවා තමන්ගේ රථය ධාවනය කොරලා...වසර කීපයකට කලින් සිදු වෙච්චි දඩ ගාස්තු සංශෝදනයත් එක්ක රුපියල් දෙදාහකට නොඅඩු මුදලක් මේ වෙනුවෙන් දඩ ගෙවන්න අපේ කට්ටියට සිදු උනා.ඒ එක්කම දඩ ගෙවිල්ල කෙසේ වෙතත් සංතෝසන් ගාස්තුවත් ඉහල ගිය බව පාරෙ නිතර යන එන අය නම් දන්නවා.හෑම කෙනෙක්ම එහෙම කරන්නේ නෑ.ඒත් බිලීපිත්තෙන් මාලුවෙක් අල්ලා ගන්නවා වගේ සංතෝසෙකින් මනුස්සයෙක් මේ නීතියට මුවා වෙලා ඩෑහෑගන්න බලන් ඉන්න බහුතර නිලදාරීන් පිරිසක් ඉන්න බව කනගාටුවෙන් උනත් පිලිගත යුතු සත්‍යක්
************************************
හොදයි අධිවේගයෙන් රිය පෑදවීම අනුමත කරන්න පුලුවන්ද.බෑහෑ අපරීක්ශාකාරීව හා අධිවේගයෙන් ජනතාව අපහසුතාවයට ලක් කරමින් මාරාණ්තික විදියට එලවීම පාලනය කල යුතුයි.ඒ වගේම මාර්ගය රේස් පිටියක් කරගෙන තමන්ගේ ආරක්සාව තමන්ම සලසා ගත යුතු මතේ හිදිමින් උබලා කානුවට හරි දාලා බේරියල්ලා කියමින් ධාවනය කරනා බස් රේස් කරුවන් පාලනය කල යුතුයි.වෑරදි විදියට මාර්ග නිති උල්ලංගනය කරන්නා වූ රියෑදුරන් පාලනය කල යුතුයි.ඒකේ තර්කයක් නෑ..
*********************************************
ඒත් ප්‍රායෝගිකව දෑන් නම් මේ නිතියෙ උනත් ඒ කිව්වේ මේ අධි වෙගී වේග සීමාවලත් යම් යම් සංශෝදන විය යුතුයි කියන මතේ මමත් ඉන්නවා.මොකද මේ අපි අරං යන්නේ මීට වසර බර ගානකට කලින් ඉදලා සම්මත වෙච්චි වේග සීමාවන් කිහිපයක්.ඒ වගේම වර්ථමානයේ මහා මාර්ග පද්ධතිය ලොකු වෙනසකට භාජනය වෙලා තියෙනවා.තව ලෙසකින් ගත්තොත් කලින් අනතුරුදායක වංගුවක් තිබුනු තෑනක් ;මේ වෙද්දි ඒය ඉවත් කරලා අනතුරුදායක නොවන විදියට සකස් වෙලා වෙන්න පුලුවන්.අනෙක් කාරනේ තමයි මං දකින විදියට අනතුරක් වලක්වාගෑනීමටත් වඩා මාර්ගය හොදින් පෑහෑදිලිව පෙනෙන පුලුල් ව තියෙන ස්ථාන වල මේ වේග සීමා ලෑලි සවි කරලා තියෙන්නේ මේ උගුලට රියෑදුරාව අහු කර ගන්න බලාපොරොත්තුවෙන්මද කියලා හිතෙන අවස්ථාත් නෑතුවාම නෙමෙයි.වෑඩි වේගය හොද නෑ.ඒත් ඕනවාට වඩා ප්‍රමාදයත් හොද නෑ නේද
**************************************
හෑබෑයි ඔන්න දෑන් ආයෙත් ඈවිත් !!!!!!!!!!!! පොලිසියෙ මහත්තුරු හෑම තෑනම අර පෑත්තකට දාලා තිබුනු මීටරෙත් ඔන්න සුද්ද පවිත්‍ර කොරලා එහෙම අර ගෙන පහු ගිය ඒවටත් එක්ක හිටු හිටු ගාලා ලියනවා හොදේ
**************************************
වෑඩේ කියන්නේ ඔන්න මේ පාර දඩ කොලේකුත් නෙමෙයිලු දෙන්නේ.....ඒ වෙනුවට කෙලින්ම දාන්නේ උසාවි.මගෙත් යාලුවො කීප දෙනෙක්ම අහු උනා පරන පුරුද්දට ගිහිල්ලා...ඉතින් ඒ ගෑන ඔයාලවත් දෑනුවත් කරන්න හිතුනා...දෑන් ආයෙත් වේගය අඩු කර ගත්තෝතින් හොදා!!!
ඔබගේ අදහස් වලට විවෘර්ථයි....

Related Posts Plugin for WordPress, Blogger...