.


Showing posts with label tsunami 2004. Show all posts
Showing posts with label tsunami 2004. Show all posts

අද 2012 දෙසෑම්බර් මාසේ 26 .ඔව් අපේ රටට ජීවිත වලට කියාගන්න හිතාගන්න වත් බෑරි තරමේ විනාශයක් කරපු,හතලිස් දාහක ජීවිත එක නිමේශයකින් ඩෑහෑ ගත්තු සුනාමි රකුසා ඈවිත් හරියටම අවුරුදු අටක්.ජාති ආගම් කුල මල දුප්පත් පොහොසත් භේදයක් නෑතිව වටිනා ජීවිත රාශියක් අපිට අහිමි උනා.විශේෂයෙන්ම පෑරෑලිය දුම් රිය අනතුර,මේ වෙනකොටත් මතක් වෙනකොට දෙනතට කදුලක් නෑගෙනවා.එදා අම්බලන්ගොඩින් දුම් රිය පිටත් වෙද්දී කවුරුත් හිතන්නෙ නෑතුව ඈති මේ වගේ ඉරනමකට ගොදුරු වේවි කියලා.මේ සිදුවීම මට ගොඩාක් ම සංවේදී උනේ අපේ ගෙවල් ආසන්නයේ අම්මා තාත්තා දරුවො තුන් දෙනා ඈතුලු සම්පුර්න පවුලම මේ දුම් රියෙදි සුනාමි රකුසාට ගොදුරු උනා.පාසල් නිවාඩුවට 
කොළඹ  නෑන්දලාගේ ගෙදර ගිහින් නෑවත නිවෙස් බලා එද්දී තමයි එහෙම උනේ.ඒ වගේම ගාල්ලේ බස් නෑවතුම්පලේ සිදුවීම මම හිතන්නේ කිසිදාක අපේ මතකයෙන් ගිලිහෙන එකක්  නෑ.තව මොන තරම් සිදුවීම් වෙන්න ඈත්ද.

ඉතින් අද මම ආයෙත් ඒ දිනයේ  මතකයන් අන්තර්ජාලයෙන් බලද්දී ලෑබුන සංවේදී චායාරූප ටිකකුත් සටහනට එකතු කලා.

අවසාන වශයෙන් එදා අපෙන් වෙන්වී ගිය ශ්‍රිලාංකික සියලුම සහොදර සහෝදරියන්,දරුවන්,දෙමව්පියන් වෑඩිහිටි සියලුම දෙනාට නිවන් සුව අත්වෙවා...ඒ වගේම මින් මතුවට මේ වගේ අකල් මරණ වලට ලක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා.


























Related Posts Plugin for WordPress, Blogger...