.


Showing posts with label මිදි වගාව. Show all posts
Showing posts with label මිදි වගාව. Show all posts

මිදි කප්පාදු කරන්නේ මෙහෙමයි...


ගොඩ දෙනෙක් කතා කල නිසාම අද මිදි කප්පාදුව ගෑන කෙටියෙන් හරි අපේ යාලුවො දෑනුවත් කරන්න ඕන කියලා හිතුනා.කලින් මිදි වගාව ගෑන ලිපියක් ලිව්වත් ඒකෙ මිදි කප්පාදුව ගෑන ලියන්න බෑරි උනානේ.අපේ යාලුවො මතක තියා ගන්න ඕන මිදි වෑලක් ගෙදර තිබුනාට ඒකෙ අස්වෑන්නක් ලබා ගන්න නම් අනිවාර්යෙන්ම කප්පාදුව කියන එක කරන්නම ඕන දෙයක් බව.එහෙම නොකලොත් ඉතින් අවාරෙට හෑදෙනවා වගේ මිදි පොකුරක් දෙකක් වගේ තමයි වෑලෙන්ම ගන්න පුලුවන් වෙන්නේ....... කප්පාදු කරන්න අපි තෝරාගන්න ඕන වෑස්ස රහිතව වියලි කාළගුණයක් තියෙන කාලයක්.වෑස්ස තියෙද්දි කප්පාදුව කලාට හොද ප්‍රථිපල ලබාගන්න අමාරුයි.ඒකට හේතුව ඔයාලට මේ ලිපිය කියවද්දි පෑහෑදිලි වේවි.ඉතින් ජල සම්පාදනය කිරීමත් කප්පාදුවට අවම වශයෙන් දවස් පහකට කලින් වත් නවත්වන්න ඕන.ඒ කියන්නේ වගා ක්ශේත්‍රයේ පස වියළි තත්වයේ පවත්වාගන්න ඕන.

සාමාන්‍යයෙන් මිදි වල ගෙඩි හටගන්න නෑත්නම් මල් ඈතිවෙන විශේෂ ශාඛා අපි හදුන්වන්නේ තෘතීක ශාඛා කියලා.ඉතින් කප්පාදුව මගින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගෙඩි හෑදෙන තෘතීක ශාඛා ඈති කර ගෑනීමක්.ඒ තුලින් වෑඩි මල් ප්‍රමාණයක් ලබා ගෙන වෑඩි අස්වනු ලබා ගෑනීමක් සිදු කරන්න...
පොඩි උදාහරනයක් මගින් පෑහෑදිලි කරන්නම්.මේ රූපෙ හොදට බලන්නකෝ.මේකෙ මිදි වෑල ප්‍රධාන කද පොළොවෙ මට්ටමේ ඉදන් අඩි කීපයක් උඩ්ට ගියාට පස්සේ ශාඛා දෙකකට බෙදිලා තියෙනවා.ඒ ශාඛා වලට අපි කියන්නේ ප්‍රාථමික ශාඛා කියලා.මෙවායේ ගෙඩි හෑදෙන්නේ නෑ.මේ ප්‍රාථමික ශාඛා වලින් දෙපෑත්තට එන අතු අපි හදුන්වන්නේ ද්විතීක ශාඛා කියලා.මේවා තිබුනයි කියලාත් මිදි වෑලේ ගෙඩි එන්නේ නම් නෑ හොදද.එතකොට කොහෙන්ද මේ කලින් කිව්ව තෘතීක ශාඛා ඈති වෙන්නේ.අන්න ඒකට තමයි කප්පාදුව කරන්නේ.හොද මුවහත් සෙකටියරයක් යොදාගෙන මේ ද්විතීක ශාඛා පුරුක් තුනෙන් පහෙන් ආදි වශයෙන් කපා දෑමීමක් කරන්නේ.....එතකොට ඒවයෙන් එන්නේ අපිට වෑදගත් තෘතීක ශාඛා කෙටියෙන්ම කිව්වොත් මල් එන අතු..
ඔන්න ගොඩාක්ම සරළවමයි කිව්වෙ.කප්පාදුවෙන් පස්සේ කරන්න ඕන වෑඩ ටිකක් තියෙනවා.කප්පාදු කරපු තෑනින් වෙනත් දිලීර වර්ග රෝග ආසාදනය වෙන්න පුලුවන් නිසා අනිවාර්යෙන්ම කෑපුම් තලයේ දිලීර නාශකයක් ආලේප කරන්න ඕන. මං කිව්වානේ කප්පාදුවෙදි වියළි කාලගුණයක් ඕන කියලා.ඒකට හේතුව තමයි අපි කප්පාදු කරලා සතියක් වගේ ඈතුලත නිර්දේශිත රසායනික පොහොර මිශ්‍රණයත් වගාවට යොදලා එක වර ජල සම්පාදනයක් වගාවට කරනවා.එතකොට දිගු කාලයක් කටුක පරිසර තත්ව වලට භාජනය වෙලා හිටපු මිදි වෑලට එකවරම දෑනෙන වෙනසත් එක්ක එයා මල් ඈති කරන්න උත්තේජනය වෙනවා.
ඔන්න ඔය ක්‍රියාවලිය තමයි මිදි කප්පාදුව කියලා අපි හදුන්වන්නේ.ගොඩාක් සරළවම තමයි විස්තර කලේ.පොහොර නිර්දේශ ය වගා කටයුතු පිළිබදව විස්තර ටික මිදි වගාව ගෑන මුල් ලිපියෙ තියෙනවා.මොනවා හරි ගෑටලුවක් තියෙනවා නම් අහන්නකො.ආ මුල් ලිපියේ කමෙන්ට් කරපු උශාන් මල්ලිගෙ මිදි වෑලෙත් මල් ඈවිත් .මෙන්න එයා ඊ මේල් කරපු ෆොටෝ එකක්....
(අපි මිදි වගා කරමු ලිපිය බලන්න)

අපි මිදි වගා කරමු...

ඔන්න අපේ යාලුවො කීප දෙනෙක්ම අහලා තිබුනු ඒ වගේම කාලීන වෑදගත්කමකුත් තියෙන මාතෘකාවක් ගෑන අද කතා කරන්න හිතුනා.වෙන මොකුත් නෙමේ මිදි වගාව ගෑන. මෙහෙම කියන්නම් .වගාවක් කිව්වාට අපේ යාලුවන්ට ගෙදර මිදි වෑලක් දෙකක් උනත් හදාගෙන රස බලන්න පුලුවන්.ප්‍රදේශය ගෑන හිතන්න එපා.ඕනෑම පෑත්තක හදන්න පුලුවන්. ඒත් ආර්ථික වගාවක් කරන්න නම් සුදුසුම වියළි කලාපය තමා.මේ පෑත්තේ නම් ඒ වගේ මිදි මෑහි තියෙනවා.මෑහි කිව්වම මතක් උනේ....මිදි ගස් නෙමේ වෑල් විදියට යි හෑදෙන්නේ.සාමාන්‍යයෙන් මිදි වෑලකින් අවුරුදු 35-40 විතර කාලයක් අස්වෑන්න ගන්න පුලුවන්.හෑබෑයි අත ඈර දාලා නෙමේ හරි විදියට නඩත්තු කරලා හොදේ. ලංකාවෙ වගා කරන්න පුලුවන් හොද ප්‍රභේද දෙකක් තියෙනවා.එකක් කාඩිනල්.අනෙක ඊශ්‍රායෙල් බ්ලු.චායාරූප තියෙනවානේ.

ඒකෙනුත් මෙහේ වෑඩිපුර කරන්නේ ටිකක් තද පාට වෑඩි ඊශ්‍රායෙල් බ්ලු කියන මිදි ප්‍රභේදය තමයි. තෙත් කලාපෙත් මෙයා හදන්න පුලුවන්. පහලින්තියෙන්නේ ඒ වර්ගය.උඩ තියෙන්නේ කාඩිනල් කියන ප්‍රභේදය...
හිටවන්න තෑනක් තෝර ගන්න කොට හොදින්ම හිරු එළිය වෑටෙන තෑනක් ගන්න ඕන.විශේෂ දෙයක් නිතරම වතුර රෑදෙන තෙතමනය තියෙන තෑනක් නම් තෝරගන්න එපා.එහෙම උනොත් නම් ගෙඩි කන්න නම් වෙන්නෙ නෑ.වෑල විතරයි ඉතුරු වෙන්නේ කොලදාවත් එක්ක.... හරි අඩි3x3x3 වලක් සකස ගන්න ඕන.පොඩි වලවල් ගහලා නම් බෑ හොදේ.ටිකක් මහන්සි වෙන්න වෙනවා .දෑන් මේකට කොම්පෝස්ට් පොහොර කි.ග්‍රෑ 50 විතර පසුත් එක්ක කලවම් කොරලා පුරවාගන්න ඕන.හොදින් දිරාපු ගොම උනත් ගන්න පුලුවන්. හරිනේ දෑන් මිදි පෑලය ගනිමු.මාස 3/4 විතර වයසෙ පෑලයක් තමයි හිටවන්න වඩාත් ම සුදුසු වෙන්නෙ.අලුත් රිකිල්ලේ පුරුක් තුනක්වත් අඩුම ගානේ දුබුරු පාට වෙලා තියෙන්න ඕන.මේ විදියට......... පෑලයේ පොලිතින් බෑග් එක ඉවත් කරලා ගන්න ඕන.මුල් ටිකක් දිග වෑඩි නම් ඒවා හොද මුවහත් පිහියකින් ටිකක් කොට කරගන්න එක හොදයි.එතකොට වර්ධනයත් ඉක්මන් වෙනවා.දෑන් ඉතින් අපි කලින් සකස් කර ගනිපු වලේ මෑද්දට වෙන්න පෑලේ හිටවාගත්තොත් හොදා......
අප්පේ අමතක උනා.ඊට කලින් කරන්න ඕන වෑඩක් තියෙනවා....වලට මූලික පොහොර මිශ්‍රණය කලවම් කර ගන්න ඕන.හොදට මතක තියා ගන්න මූලික පොහොර යොදලා දින තුනකටවත් පස්සෙ තමයි වලේ පෑලය හිටවාගන්න ඕන. ඔන්න මූලික පොහොර යොදන්න ඕන ප්‍රමාණවල් හා ඊට පස්සෙ පොහොර දමන්නේ කොහොමද කියලා මේ වගුවේ තියෙනවා.
හරි වෑල් පුහුණු කිරීම මිදි වගාවේ කල යුතුම කාර්යයක්.මේ ක ක්‍රම කීපයකට කරනවා.ලොකු වගාවලට නම් වෑඩිපුරම භාවිතා කරන්නේ පන්දලම් ක්‍රමය. කොන්ක්‍රිට් කනු හා යකඩ බට යොදාගෙන තමයි මේ පන්දලම හදාගන්නේ.අවුරුදු ගානක්ම අස්වෑන්න ගන්න පුලුවන් වගාවක් නිසා කල් පවතින විදියට ශක්තිමත්ව හදා ගන්න ඕනා.මිදි වගාවේ ලොකු වියදමකුත් යන්නේ මේ වෑඩේට තමයි.
ඒත් ගෙදරක වෑලක් දෙකක් හදාගන්නවා නම් "වෑට ක්‍රමය" හරි "පදුරු ක්‍රමය" ට හරි වෑල් පුහුණු කර ගෑනීම කරගන්න පුලුවන්......
. මිදි වෑලකින් අස්වෑන්න ගන්න නම් මිදි කප්පාදුව අනිවාර්යයෙන්ම කල යුතුමයි.ගොඩ දෙනෙක්ට තියෙන ගෑටලුවක් තමයි හොදට වෑල නම් හෑදිලා තියෙනවා.ඒත් ගෙඩි නම් නෑනේ කියලා.ඉතින් හේතුව කප්පාදුව නොකිරීම .ඒක විශේෂ විදියකට සෙකටියරයක් යොදාගෙන කරන්න ඕන.මිදි කප්පාදුව අවුරුද්දකට දෙසෑරයයි කරන්නේ.කප්පාදුවෙන් පස්සේ තමයි ගෙඩි හෑදෙන්නේ.අවුරුද්දකට අස්වනු වාර දෙකක් ගන්න පුලුවන් ඒ විදියට..... මිදි කප්පාදුව ගෑන වෙනම ලිපියක් ලියන්නම් ඉදිරියේදි අපේ යාලුවන්ට දෑන ගන්න.මේ විස්තර ටිකත් පුලුවන් තරම් කෙටි කරලා තමයි මේ කිව්වේ.වගාවක් නොකලත් පොඩි හරි අදහසක් ගන්න.මොකද දවසක් මගේ යාලුවෙක් ඈහුවා ලංකාවෙ මිදි වවන්න පුලුවන්ද කියලාත්.ඉතින් මේ විදියට නඩත්තු කරලා ආදායම් ගන්න මිදි වගා කරන ගොවි මහත්වරු මේ පෑත්තේ ඉන්නවා.මිදි පෑලයක් රුපියල් 80-100 වගේ මුදලකට ගන්න පුලුවන් පෑල අලෙවි කරන තෑනකින්. ඉතින් මොනවා හරි ගෑටලුවක් තියෙනවා නම් අහන්න යාලුවනේ.........

Related Posts Plugin for WordPress, Blogger...