.


Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

ජීවිතය හරි පුදුමාකාර දෙයක් සතුට වෙලාවකට දුක උරුම වෙන හෑටි.අපේ පාසල් විය මතකය හරිම සුන්දරයි.ඒ කාලේ අපේ ජීවිතයම උනේ අපේ පාසල ඈය රාහුල මාතාව ,මාතර ඉතින් පහේ පන්තියෙ ඉදන් සාමාන්‍ය පෙල දක්වා කාලය පාසල් දිවියේත් හොදම කාලය.අපි බලන් ඉන්නේ ඕෆ් පීරියඩ් එකක් එනකන්.පන්තිය ඈතුලේ මෙස ටික එකතු කරලා පුන්චි ප්ලාස්ටික් බෝලෙන් ගහන ක්‍රිකට් ඒ කාලේ හරි ජනප්‍රියයි,
ඉතින් මන් මේ කියන අපේ දයාබර මිත්‍රයා එකොලහේදි අපි පන්ති නායකයා කලා ඔහු සෑම දේකටම දක්ශ හොද යාලුවෙක් මට තාම මතකයි උඹ ඔෆ් පිරියඩ් වල අපි කෑ ගහන කොට ටොකු අනින්න ආව හෑටි ,අපි උබට කොල ගුලි වලින් ගහනවා අහක බලද්දී අනේ මේවා මේ තරහට නෙමේ ඒ කාලේ ජොලියට කල දෙවල් ඔහු නමින් චාමින්ද ද සිල්වා මාතර ඉසදීන් නගරයේ පදිංචිය ,උසස් පෙල 2000 කන්ඩායමේ
ඉතින් මේ ශෝක ජනක ආරංචිය දෑනගන්න ලෑබුනේ පෙරේදා උදේ ඔහු අපිව හෑර ගිහින් ආයෙ නො එන්නම;මුලු ලොවෙන්ම,ඉතින් මේ ආරංචිය ඈහුවාම උබලා අපි ඒ ගතකරපු සුන්දර අතිතය,උබේ කොයි වෙලෙත් තියෙන ඔය සුන්දර හිනාව මෑවිලා පෙනුනා .
දුකයි ඒත් මොනවා කරන්නද හමුවීම වෙන්වීම අපිට පොදු දෙයක්.අද සවස ඔබ අවසන් ගමන් යනවා ඉතින් දයාබර යහලුවේ වෙන් වෙමු අපි කදුලු සමගින්,ඔබට නිවන් සුව.

මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා.
කරුනා ගුන දේවා සිත් තුල කරුනා ඉතිරේවා...
තණ්හා අශා වයිරේ ක්‍රෝධේ සංකා නෑති වේවා.
පාපේ ද්වේශේ ක්‍රෝධේ මානේ මෙලොවින් දුරු වේවා...
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා.
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා.
සමගිය සාමේ දෑ අනුරාවේ යුතුකම් රජවේවා.
හොර බොරු වංචා බිය සෑක දුරුවී සෑමටම සෙත් වේවා...
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා.
දයාබර ඔබ සියලු දෙන හට සුභ වෙසක් මංගල්‍යක් වේවා.....
(nuwan 2010/05/27)

High speed low is back !

ඔන්න 'හයිස්පීඩ්'  ආයෙත් ඈවිත් ! හිටු  හිටු ගාලා ලියනවා හොදේ

''හෑබෑයි ඔන්න දෑන් ආයෙත් ඈවිත් !!!!!!!!!!!! පොලිසියෙ මහත්තුරු හෑම තෑනම අර පෑත්තකට දාලා තිබුනු මීටරෙත් ඔන්න සුද්ද පවිත්‍ර කොරලා එහෙම අර ගෙන පහු ගිය ඒවටත් එක්ක හිටු හිටු, ගාලා ලියනවා හොදේ''
වාහනයක් එක්ක ඊලගට කියවෙන වචනයක් නේ වේගය කියන්නෙ.ඉතින් අද ඒ ගෑන පුන්චි කෙටි සටහනක් තබන්න හිතුනා.වෙන හේතුවක් නිසා නෙමෙයි මේ දවස් වල මාර්ගයේ ගමන් කොරන අපේ යාලුවො කීප දෙනෙක්මත් මේකට අහු වෙච්චි නිසා.වෙන රටවල් වල නම් අධි වේගයෙන් යන්න ඒවට සුදුසු පාරවල් එහෙම තියෙනවාලුනේ.අපේ රටෙත් ඒවා දෑන් කාලයක් තිස්සේ හෑදෙමින් පවතිනවා.ඉතින් අපි දෑනට භාවිතා කරන්නේ මද වේග පාරවල්නේ ඉතින් අපේ රටේ රථ වාහන නීතියට අනුව පාරේ ඒ ඒ තෑන් වලදි ගමන් කල යුතු වේග සීමාවන් දාලා තියෙනවා..මතක හෑටියට නාගරික සීමාවකදි නම් කලින් තිබුනේ බර වාහනවල 40kmph අඩු වේගයක් සහ යතුරු පෑදි අතුලුව සෑහෑල්ලු වාහන සදහා 50 kmphඅඩු වේගයක්
********************************************
මා දන්නා විදියට වාහන හා යතුරුපෑදි හා පොදුවේ රියෑදුරන් වෑඩිම පිරිසක් පොලිස් රථවාහන අංසේ මහතුරුන්ට අහු උනේ මේ වේග සීමාව ඉක්මවා තමන්ගේ රථය ධාවනය කොරලා...වසර කීපයකට කලින් සිදු වෙච්චි දඩ ගාස්තු සංශෝදනයත් එක්ක රුපියල් දෙදාහකට නොඅඩු මුදලක් මේ වෙනුවෙන් දඩ ගෙවන්න අපේ කට්ටියට සිදු උනා.ඒ එක්කම දඩ ගෙවිල්ල කෙසේ වෙතත් සංතෝසන් ගාස්තුවත් ඉහල ගිය බව පාරෙ නිතර යන එන අය නම් දන්නවා.හෑම කෙනෙක්ම එහෙම කරන්නේ නෑ.ඒත් බිලීපිත්තෙන් මාලුවෙක් අල්ලා ගන්නවා වගේ සංතෝසෙකින් මනුස්සයෙක් මේ නීතියට මුවා වෙලා ඩෑහෑගන්න බලන් ඉන්න බහුතර නිලදාරීන් පිරිසක් ඉන්න බව කනගාටුවෙන් උනත් පිලිගත යුතු සත්‍යක්
************************************
හොදයි අධිවේගයෙන් රිය පෑදවීම අනුමත කරන්න පුලුවන්ද.බෑහෑ අපරීක්ශාකාරීව හා අධිවේගයෙන් ජනතාව අපහසුතාවයට ලක් කරමින් මාරාණ්තික විදියට එලවීම පාලනය කල යුතුයි.ඒ වගේම මාර්ගය රේස් පිටියක් කරගෙන තමන්ගේ ආරක්සාව තමන්ම සලසා ගත යුතු මතේ හිදිමින් උබලා කානුවට හරි දාලා බේරියල්ලා කියමින් ධාවනය කරනා බස් රේස් කරුවන් පාලනය කල යුතුයි.වෑරදි විදියට මාර්ග නිති උල්ලංගනය කරන්නා වූ රියෑදුරන් පාලනය කල යුතුයි.ඒකේ තර්කයක් නෑ..
*********************************************
ඒත් ප්‍රායෝගිකව දෑන් නම් මේ නිතියෙ උනත් ඒ කිව්වේ මේ අධි වෙගී වේග සීමාවලත් යම් යම් සංශෝදන විය යුතුයි කියන මතේ මමත් ඉන්නවා.මොකද මේ අපි අරං යන්නේ මීට වසර බර ගානකට කලින් ඉදලා සම්මත වෙච්චි වේග සීමාවන් කිහිපයක්.ඒ වගේම වර්ථමානයේ මහා මාර්ග පද්ධතිය ලොකු වෙනසකට භාජනය වෙලා තියෙනවා.තව ලෙසකින් ගත්තොත් කලින් අනතුරුදායක වංගුවක් තිබුනු තෑනක් ;මේ වෙද්දි ඒය ඉවත් කරලා අනතුරුදායක නොවන විදියට සකස් වෙලා වෙන්න පුලුවන්.අනෙක් කාරනේ තමයි මං දකින විදියට අනතුරක් වලක්වාගෑනීමටත් වඩා මාර්ගය හොදින් පෑහෑදිලිව පෙනෙන පුලුල් ව තියෙන ස්ථාන වල මේ වේග සීමා ලෑලි සවි කරලා තියෙන්නේ මේ උගුලට රියෑදුරාව අහු කර ගන්න බලාපොරොත්තුවෙන්මද කියලා හිතෙන අවස්ථාත් නෑතුවාම නෙමෙයි.වෑඩි වේගය හොද නෑ.ඒත් ඕනවාට වඩා ප්‍රමාදයත් හොද නෑ නේද
**************************************
හෑබෑයි ඔන්න දෑන් ආයෙත් ඈවිත් !!!!!!!!!!!! පොලිසියෙ මහත්තුරු හෑම තෑනම අර පෑත්තකට දාලා තිබුනු මීටරෙත් ඔන්න සුද්ද පවිත්‍ර කොරලා එහෙම අර ගෙන පහු ගිය ඒවටත් එක්ක හිටු හිටු ගාලා ලියනවා හොදේ
**************************************
වෑඩේ කියන්නේ ඔන්න මේ පාර දඩ කොලේකුත් නෙමෙයිලු දෙන්නේ.....ඒ වෙනුවට කෙලින්ම දාන්නේ උසාවි.මගෙත් යාලුවො කීප දෙනෙක්ම අහු උනා පරන පුරුද්දට ගිහිල්ලා...ඉතින් ඒ ගෑන ඔයාලවත් දෑනුවත් කරන්න හිතුනා...දෑන් ආයෙත් වේගය අඩු කර ගත්තෝතින් හොදා!!!
ඔබගේ අදහස් වලට විවෘර්ථයි....

පට්ටිය වරාය සහ පරෙවි දුවේදි.
පහු ගිය දවසක යාලුවෙක්ගෙ පොඩි අවශ්‍යතාවයකට මාලු ටිකක් ගන්න ඕන වෙලා ගියා පට්ටිය වරාය පෑත්තේ.ඔව් මතක ඈතිනේ මීට කලිනුත් පාරක් කලමෑටියෙ පරව් අහු වෙච්චි දවසක ඒ ගෑන තොරතුරු ඔයාලට කිව්වනේ.මේකත් ඒ කිට්ටුවම තියෙන තවත් ධීවර වරායක් .කොළඹ කතරගම මාර්ගයේ බට අත කියන නගරයට ආසන්නව තමයි මේ පට්ටිය වරාය පිහිටලා තියෙන්නේ.ඉතින් අපේ හිතවතෙක් ඉන්නවා ඒ කිට්ටුව මිනිහත් අල්ලගෙන තමා ගියේ.බොහෝම සුන්දර ස්වාභාවිකව නිර්මානය වෙච්චි ස්ථානයක් විදියට මේ තෑන හදුන්වා දෙන්න පුලුවන්.
ඔන්න මේ භාන්ඩේ හම්බු උනේ මෙතෙන්දිම තමයි.හොදට බලන්නකෝ මේ චායාරූපෙ දිහා.මේ කුඩා ප්‍රමාණයේ මාලුවෙක් වගේ පේන්නේ මොකද්ද දන්නවාද ?හොදට බෑලුවොත් පෙනේවි මේ කගේ පිටි පස්ස පෑත්තේ කොකු තුනක් තියෙනවා බොහෝම තියුනු.හරි මේ අර සම්ප්‍රදායික බිලී පිත්තේ තියෙන බිලී කොක්ක වෙනුවට ඊට වඩා තරමක් වෙනස් විදියකට වෑඩි දියුණු කොරලා ආපු ආදේශකයක්.මේක රබර් වගේ දේකින් තමයි නිර්මානය කරලා තියෙන්නේ.වතුරට දෑම්මාම මේ බොරු මාලුවා ඈත්ත මාලුවෙක් වගේ දියේ ජල රෑලි අතරේ පිහිනා යනවා.මේකට ගිජු වෙච්චි ලොකු මාලු මෙයාව ගොදුරු කර ගන්නවා නමුත් අවාසනාවකට අර උල් කටු උගුරෙ හිර වෙනවා .ඉතින් පෑහෑදිලියි නේ වෑඩේ.
මේක බහුලව භාවිතා වෙන ක්‍රමයක් නම් නෙමෙයිලු.ගොඩාක් වෙලාවට විනෝදෙට වගේ ඔය මාලු අල්ලන්න කෑමති උදවිය ඉන්නවාලු නේ.ආන්න ඒ අය ඉලක්ක කොරලා පිටරටින් එන බිලී පිත්තක් කියලා තමයි තොරතුරු විමසද්දී දෑන ගන්න ලෑබුනේ .අනිත් එක මේ කේ වටිනාකමත් ටිකක් වෑඩියිලු.ඔය පල්ලෙහා තියෙන චායාරූපෙ ඉන්න පුද්ගලයා තමයි මේ පිත්තේ හිමිකරු.ඔහුට විදෙස් ගත යාලුවෙක් මාර්ගයෙන් තමයි මේ කට්ටලේ ලෑබිලා තියෙන්නේ.කිව්ව විදියට ඔහුත් හවස් ජාමෙට ඈවිත් එකෙක් දෙන්නෙක් භාගෙන යනවලු.කෑමට.

ඔන්න මේ පින්තූරෙ එහෙමත් එතෑනදීම ගත්තු එකක්.ඒ ස්ථානයේ තියෙනවා විසාල පර්වතයක් .ඒක අතීතයේදි අකුනක් වෑදිලා දෙපලු වෙච්චි ස්වභාවයක් තමයි පෙන්නුම් කොරන්නේ.ඒ ක නිසාම හෙන ගහපු ගල කියල තමයි මිනිස්සු මේක හදුන්වන්නේ.ඒකෙන් මුහුදට දික් වෙච්චි කොටසක් තමයි මේ තියෙන්නේ.
හරි ඒ ගෑන ඔය ඈතිනේ කිව්වා.ඔයාලා අහලා තියෙනවාද පරෙවි දූව ගෑන.දකුණු පලාතෙ අය නම් මේ ගෑන දන්නවා.මීට කලින් ඒ ගෑන ලිව්ව ලිපිය කියෙව්වේ නතිනම් මෙතනින් බලන්නකෝ.ඉතින් අවුරුද්ද වෙනුවෙන් ගෙදර ආපු දවස් ටිකේ හවස් වරුවේ මාතර මුහුදු වෙරළ පෑත්තේ සවස් ජාමේ ගත කොරලා පරවි දූවටත් ගිහින් තමයි ආවේ.ඉතින් කොහේ ගියත් ඔය පින්තූරයක් දෙකක් ගන්න මට හිතෙනවානේ.ඉතින් ඔය ඒ ඉසව්වෙදි ගතිපුවායින් කීපයක් .බලන්නකෝ.
ආ අමතක උනා අද අපේ යාලුවො බොහොමයක් මෑරතන් දුවන්න ත් සෙට් වෙලා ඉනවානේ. චතුරංග මල්ලී තමයි ඊයේ මටත් මතක් කොලේ.ඉතින් මගෙනුත් ඒ සියලුම සහෘදයින් වෙත උණුසුම් සුභ පෑතුම් ......
ඔන්න දුවන්නේ නෑති උනාට බලලා සපෝර්ට් එක දෙන්න අපිත් එනවා හොදේ....එහෙනම් ගිහින් එන්නම් .සුභම සුභ සති අන්තයක් ඔබට .

ඉතින් යහලුවනේ වසරක් ගෙවිලා ගිහින් අපි කාටවත්ම නොදෑනීම වගේ.......ආයෙමත් සිංහල දෙමල අලුත් අවුරුදු උත්සවය අපේ ආලින්දයටම අපිව සොයාගෙන ඈවිත් වෙනදා වගේම.හෑබෑයි වෙනදාට තිස් වසරක පුරුදු විදියට වඩා වෙනස්ම විදියකට,ගිය අවුරුද්දේ මේ සටහන තබන වෙලාවේ නම් ත්‍රස්තවාදය මුලිනුපුටා දෑමීමේ මානුශීය මෙහෙයුමේ අවසන් අදියරේ තමයි අපි හිටියේ.මතකයි නේද අපේකොල්ලෝ මෝටාර් උන්ඩ කොටස් වලින් කොකිස් අච්චු හදාගෙන ඒ මොහොත සමරපු හෑටි.කොහෝම හරි දෑන් ඒ සාපය අවසන් වෙලා.උතුරු කරේ අපේ සහෝදර දෙමල සහෝදර සහෝදරියනුත් එක්කම එකම රටක ,අභිමානයෙන් යුතුව සිංහල දෙමල අලුත් අවුරුදු උත්සවය සමරන්න මෙදා පාර අපිට පුලුවන්.

ඉතින් දයාබර බ්ලොග් යහලුවන්ටත්,ඈත දුරු රටවල සේවයේ නියුක්තව සිටින සහෝදරවරුන්ටත්,ත්‍රිවිධ හමුදාවේ සේවයේ සිට රට රකින විරුවන්ටත්,සමස්ත ශ්‍රීලංකා වාසී සියලුම දෙනාටමත් සියලු බලාපොරොත්තු ඉටුවන්නා වූත් සාමය සතුට සෞභාග්‍ය පිරුනු ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වේවායි පෑතුම් එක් කරමි.

නුවන්(2010.04.13)

මා ලොකුවෙලා කවුරු වෙන්න කෑමතිදෑයි අපේ අම්මලා අහන වෙලාවලදිත් මං එක පාරටම කියන්නේ කවදාහරි මම ලොකු පොලිස් කාරයෙක් වෙනවා කියලාය.මෙහෙම කියනකොට අම්මා නම් මොකුත් නොකීවත් අපේ තාත්තාට නම් මල පනී.ඒ ඈයිද කියා නම් මට තේරෙන්නේ නෑත.අපේ අල්ලපු ගෙදර ත් ඉන්නේ පොලිස් මාමා කෙනෙකි.ඕකා ජරා පප්පා යයි අපේ තාත්තා කොයි වෙලේ කිවුවත් මට එහෙම දෑනෙන්නේ නෑත.ඒ මාමාගේ ගෙදර තරම් ලොකු ගෙයක් අපේ අහල ගමක වත් නෑත.ගෙදර කොයි වෙලෙත් සෙනග පිරිලාය.ගේ හදන්න ගල් වෑලි ඔක්කෝම ගෙනත් බෑවේ යාලු මාමලාය.අපේ තාත්තාට කොයින්ද ඒ වගේ යාලු ගොල්ලො.මට හිතෙන්නේ නම් ඒ මාමා ට්‍රෑෆික් එකේ ඉන්න නිසා අපේ තාත්තාට ඉරිසියා හිතිලා විය යුතුය.

පොලිස් මාමලා උදවු කීරීමට ගොඩාක් කෑමතිය.දවසක් අපි කතරගම යද්දී පොලිස් මාමලා දෙන්නෙක් ගහක් අස්සේ හිටන් එක පාරටම පාරට පෑන්නෝය.අපේ ඩ්‍රයිවර් මාමා ඉර කපලා නෙ කියා තාත්තා කීවාය.ඒකට ලොකු දඩයක් ගෙවන්න ඕනලු.ලයිසම පොලිස් මාමලා ගන්නවාලු.අනේ අපේ තාත්තා දන්න තරම.අර මාමලා දෙන්නා අපිට එහෙම කලේ නෑත.ඩ්‍රයිවර් මාමා කිව්වේ රුපියල් පන්සීයෙන් වෑඩේ ශේප් උනා කියලාය.ඉතින් අනුන්ට උපකාර කරන මේ වගේ මාමලා කොයි තරම් හොදද?
පොලිස් මාමා කෙනෙකු වීමට කෑමති හේතු තව ඕනෑ තරම්ය.මා වීරයන්ට ගොඩාක්ම කෑමතිය.රොබිහුඩ් ,ටාසන් තව මතක් වෙන්නේ නෑත.දවසක් මං ටිවි එකේ බලද්දී මරු සීන් එකක් දුටුවාය.පොලිස් මාමලා ටිකක් එකතු වී දුස්ටයාට පොල්ලකින් හොදට තඩි බාන්නේය.මේ ය මාගේ සිත් ගත්තේ ගොඩ බිමේ නොව මූදේදී මේ මාමලා වෑඩ පෙන්වීම නිසාය.රොබින්හුඩ්ලා පරාදය.තාත්තා ට නම් එදා යකා වෑහිලා වාගේය.අහින්සක මනුස්සයෙක් මුන් එකතු වෙලා මෑරුවායයි කිය කියා හිටියේය.මට නම් හිතෙන්නේ තාත්තාට ඒවා බෑරි නිසා විය යුතුය.පොලිස් මාමලා වීරයන් යයි මා කියන්නේ ඒ නිසාය.

තාත්තා මේ ලගකදී කියපු කතාවකින් මගේ සිතද තරමක් කම්පා උනාය.ඒ පොලිස් මාමලාගේ පඩිය අඩු කොරලානේ පුතේ ඔයාගිහින් වෑඩක් නෑ.කියු නිසාය.එසේ කලේ ඈයි දෑයි මට කුතුහලයක් ඈතිවූ නිසා මේ ගෑන ඈසූ විට තාත්තා නම් කියුවේ දෑන් හයිස්පිඩ් ලියන්නේ නෑනේ කොල්ලෝ කියාය.ඉතින් ඒක හා මේ මාමලාගේ පඩිය අතර සම්බන්දයක් තියේය.අපේ තාත්තාට නම් පිස්සු හෑදී ගෙන එනවාද කියා මට සිතුනි.

අනික මේ මාමලාට කොයි තරම් සලකනවාද මිනිස්සු.බස් එකේ දි ටිකට් වත් ගන්න ඕන නෑය,අපේ බාගේ ටිකටය ගත්තේ නෑත්නම් කොන්දොස්තර මාමලාගෙන් බලු බෑනුම්ය.මා එසේ බෑනූ අපේ ගමෙ බස් එකේ කොන්දොස්තරට පොලිස් කාරයෙක් වී හොද පාඩමක් උගන්වන්නේය.හංදියෙ හෝටලයෙන් නොමිලේ කන්නට අවස්තාවද මට ලෑබෙන්නේය.

ඉතින් මාගේ අනාගත බලාපොරොත්තුව නම් පොලිස් මාමෙක් වීමය. (ටීච මට හොදයි එකක් දෙන්න )

දවස් ටිකේ නම් ලොකු අවුලකින් තමයි කල් ගත කොරන්න සිදු උනේ.සති අන්තයේ ගෙදර ඈවිත් ඔන්න කොම්පුටරේ ගාවට ගිහින් හරි බරි ගෑහිලා වාඩි වෙලා බලපුවාම මොඩම් එකේ අර කොල පාට බල්බ් එක නිමි නිමි පත්තු වෙනවා.සිග්නල් නෑ...අනේ කාට කියන්නෙයි!වෙනදා යාන්තම් තිබිච්ච සිග්නල් ටිකත් හොරු අරන් ගිහිල්ලද කොහෙද,මේ ගෙවිච්චි මාස දෙක තුනේම දත්ත භාවිතා කොරන්න තිබුනු මුලු ප්‍රමානෙම වගේ ඉතුරුයි.මං නිකන් බිල් ගෙව ගෙවා ඉන්නවා.අනේ මොබිටෙල් වලටත් ගිය කලක්!

ගිය සතියේ ගියා නේ ලෝකාන්තේ පෑත්තේ පොඩි රවුමක්.අප්පේ සෑහෙන්න වෙනස් වෙලා නොවෑ .නෑ මේ පරිසරේ එහෙම නෙමෙයි .අය කොරන ගාස්තු.ඒවා දෑක්කාම නම් ආපහු හෑරිලා එන්න හිතෙනවා.ඈතුල්වීමේ ගාස්තු.එතකොට සේවා ගාස්තු අනේ තව අරවා මේවා වාහනේට වෙනම චාර්ජ් කොරලා දන්නවාද තුන්දෙනෙකුට හදපු බිල් එක රුපියල් 690 ක්!වෑන් එකක් බස් එකක් ගියොත් බුදු සරනයි.ඔන්න අපේ පරිසර හිතකාමී ඒවා විදින්න කෑමති අයට සලකන හෑටි. බන්ඩාරවෙලින් හපුතලේට ගිහින් බොරලන්ද ඔහිය හරහා තමා ගියේ.වෙනදා නම් අර පයින් යන ටිකට නේ ටිකට් ගන්න ඕන.දෑන් එහෙම නෙමෙයි .ඔහියෙන් ගොඩ වෙලා ටික දුරක් යද්දිම මහා ගේට්ටුවක් හරස් කොරලා තියෙනවා.යන කට්ටිය මේ ගෑනත් දෑනුවත් උනොත් හොදා.පට්ටිපොල පෑත්තෙන් ගියත් මේ සන්තෑසියම තමා.නරකද මීට වඩා සාධාරන ගානක් අය කලොතින්?අපි ඉතින් දුප්පත් මනුස්සයොනේ.....
ගෙදර ඉස්සරහා බෝගන්විලා පදුරෙ කොන්ඩ කුරුලු ජෝඩුවක් කූඩුවක් හෑදුවා.පහුගිය දවස් ටිකේ බලන්නත් බෑරි උනා.අද බලනකොට මෙන්න පොඩි පෑටව් දෙන්නෙක් ,අම්මා කෑම ගෙනත් කවනකන් කට ඈරගෙන බලාගෙන ඉන්නවා.අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට පුදුම ආදරේකින් මේ පෑටවුන්ට කෑම කවනවා.තව ටික දවසකින් ලොකුවෙලා ඉගිලිලා යාවි.මාත් එයාලට කරදරයක් නොවෙන විදියට කෑමරාව දාලා මේ චායාරූපෙ ගත්තා.
මෙන්න මේ චායාරූපයත් හවස් වරුවේ පොල්හේන කියන සුන්දර මුහුදු තීරයේදියි ගත්තේ.ඔයාලා අහලා තියෙනවා නේ.මාතර ඉදන් කි.මි 2 විතර දුරින් තමයි පොල්හේන පිහිටලා තියෙන්නේ.මේක ගල් වෑටියකින් ආරක්ශා වෙලා තියෙන නොගෑබුරු මුහුදු තීරයක් නිසා ගොඩ දෙනෙක් මෙතෙන්ට ඈවිත් නාන්න නම් අමතක කරන්නේ නෑ.හවස් කාලෙට නම් ගොඩාක් ලස්සනයි.මාතර හරහා කතරගම එහෙම යනවා නම් අපේ යාලුවන්ටත් මේක බලලාම යන්න පුලුවන්. ඉතින් සුභම සුභ සති අන්තයක්.ගිහින් එන්නම්.

( .com ) sale !!!

ආයුබෝවන් යාලුවනේ.ඉතින් කාලෙකින් වගේ නේද ...ම්ම් එහෙමමත් නෑ ටික දවසකින් ආවේ.ඉතින් මට දෑනගන්න ලෑබුනු පොඩි දෙයක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්නයි මේ කෙටි සටහන තබන්නේ....ඩොමේන් ගෑන.ඒ පාර කෘෂිකරුමේ පෑත්තකින් තියලා කොම්පියුටර් ගෑන ලියන්නෙයි හදන්නේ!!! අනේ එහෙම නම් නෑ.දන්න යකා හොදයිනේ...හික්.හික්...

මම කොහොමත් සතියකට සෑරයක් ගෙදර ආවම ගෝ ඩෑඩී ලගේ පෑත්තේ ගිහින් බලනවා නිකමට වගේ.මොකද දෑන් පොඩි ඩොමේන් පිස්සුවක් තියනවානේ.මගේ බ්ලොග් එකෙත් ලිපිනය බෑලුවාම පෙනේවි ඔයාලටත් .මගේ මිත්‍රයා ටිලාන්ත එහෙම මේක දන්නවා..ඌට මාර කරදරේ මේ නිසා.ඉතින් කියන්න හෑදුවේ .com ඩොමේන් එකක් ඩොලර් 10.69 වෙනවා ගෝ ඩෑඩී ලගේ....පසුගිය මාස කීපයේ දිගටම ඔය මිල ගනනේ තමයි පෑවතුනේ.ඒත් අද බලද්දි සයිට් එකේ පොඩි වෙනසක් .....දකුනු පෑත්තේ තියෙන වීඩියොව play කලා....

ටිකක් අමුතු දෑන්වීමක්.....ඔන්න බොලේ අන්තිමට වීඩියෝව නෑරඹුවාට ස්තුතියි.......ඒ නිසා .com ඩොමේනයක් ඩොලර් 7.49 දෙනවාලු.මේ ගොල්ලන්ගේ ප්‍රචාරාත්මක වෑඩක් වෙන්න ඈති ඒත් ඉතින් ඩොලර් තුනකටත් වඩා අඩුයිනේ....ඉතින් මේක අපේ සමහර යාලුවෝ දන්නවත් ඈති .කොහොම උනත් තමන්ගේම ඩොමේන් එකක් ගන්න ඉන්න අය පොඩ්ඩක් ඒ පෑත්තට ගිහින් බලන්නකෝ....මාත් ඔන්න ගත්තා.දෑන් ලෙඩේ සනීපයි.....

https://www.godaddy.com/

Related Posts Plugin for WordPress, Blogger...