කියවා බෑලීම සදහාම පමණක් නොව බලා සෑකසීම උදෙසාමය.
ඔන්න අද කියන්න හදන්නේ අපේ ගෙවතු වගාවට,ගෙවත්තේ වගා කරන මල් වගාවලට ලේසියෙන්ම යොදන්න පුලුවන් ඒ වගේම ඉතාම ප්‍රයෝජනවත් කොම්පෝස්ට් පොහොරක් හදාගන්න විදියක් ගෑන. මේ ක්‍රමය අපි හදුන්වන්නේ ගොඩ ක්‍රමය විදියට.ඒක පොඩ්ඩක් වෙනස් කරලා එප්පාවල රොක් පොස්පේට් කියන ඛ්නිජයත් මේ සදහා යොදාගෙන තවත් ගුනාත්මක විදියටත් මේ වෑඩේ කරන්න පුලුවන් .එතකොට පොස්පොකොම්පෝස්ට් කියලා තමයි හදුන්වන්නේ. හොදයි ඕන වෙන ජාති කියන්නම්.අමු ගොම(250කි.ග්) ,මකුලත(ග්ලිරිසීඩියා),සූරිය,වගේ පහසුවෙන් දිරා යන කොල වර්ග(500කි.ග්), ඒ වගේම පිදුරු,ඉතාම ලේසියෙන් දිරාපත් වන ජබර වගේ ගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.පෙතිගහපු කෙහෙල් කද කෑබලි වගේ දේවල් උනත් ගන්න පුලුවන්.(ඊ.ආර්.පී)එප්පාවල රොක් පොස්පේට්25කි.ග්, යුරියා පොහොර ටිකක්.ආ කලු පොලිතින් එකක් කොම්පෝස්ට් එක වහන්න. හරි වෑඩේට බහිමු.මුලින්ම මේ රූපයේ තියෙන විදියට මීටර් 1*3 ප්‍රමාණයට ලනු ඈදලා භූමියේ සීමාව ලකුණු කර ගන්න ඕන.එම ඉඩේ තමයි කොම්පෝස්ට් එක හදන්නේ.
Showing posts with label පොස්පොකොම්පෝස්ට් සෑකසීම. Show all posts
Showing posts with label පොස්පොකොම්පෝස්ට් සෑකසීම. Show all posts
ඊට පස්සේ පරන කොම්පෝස්ට් ගොඩකින් ගනිපු පොහොර ටිකක් තුනිවට අර වෙන් කොරාපු කොටසේ අතුරන්න ඕන.එහෙම නෑතිනම් අමු ගොම ටිකක් වතුරේ දිය කරලා පොල්කටුවකින් තුනියට ඉහින්න ඕන(අපි කරේ ඒ විදියට )
ඒ තට්ටුව උඩ මේ චායාරූපයේ තියෙන විදියට පෙති ගසා ගත්තු කෙහෙල් කද කෑබලි තට්ටුවකුත් නෑවත ඒ මත එකතු කර ගත් ජබර තට්ටුවකුත් අතුරන්න ඕන.
දින 45 යනකොට ඉතාම ගුනදායක වගාවට,පරිසරයට මනුස්සයින්ට විස දේවල් අඩංගු නොවෙච්ච උසස් තත්වයේ කොම්පෝස්ට් පෝර නිශ්පාදනයක් කර ගන්න පුලුවන්.අර රුපියල් සීයක් දිලා අපේ නෝනලා බොහෝම උජාරුවට අරන් එන පාට පාට පිංතූර දාපු පෑකට්ටුවේ එන පෝර වලට වඩානම් සියක් ගුණයක් වටිනවා මේ හදාගත්තූ පෝර. ඔයාලටත් ඔන්න අවස්ථාව තියෙනවා මේ ක්‍රමේ අත් හදා බලන්න.මේ ප්‍රමාණයට වඩා කුඩාවට උනත් කරන්න පුලුවන් අමුද්‍රව්‍ය හොයා ගන්න අපහසු නම්.
ගෑටලුවක් එහෙම තියෙනවානම් අහන්නකෝ.
ගොඩක් කිව්වා.එහෙනම් ගිහින් එන්නම්.......
Subscribe to:
Posts (Atom)
