.


Showing posts with label kopral ranjith wirawardhana. Show all posts
Showing posts with label kopral ranjith wirawardhana. Show all posts

සුපුරුදු විදියට සදුදා උදේ සේවයට යන්න සූදානම් වෙද්දී දුරකතන ඈමතුමක් ආවා .මගේ නෑගණිය කතා කලේ "අයියේ අර.......... සතුටුදායක ආරංචියක් ...ඉතින් වෑඩ ඉවර වෙලා සවස කිට්ටුව තිබෙන කඩේට ගියා එළවලු කලමනා ටික ගන්න.මෙන්න කඩේ ලෑල්ල උඩ තිබුනු පත්තරේ ඔහු ඉන්නවා සුපුරුදු හිනාවෙන් මුව සරසගෙන.ඒ පාර ඒ වෑඩේ පොඩ්ඩක් නවත්වලා පත්තරේ අතට අරගෙන ඒ ලිපිය ඉක්මනට කියෙව්වා.ගිය සතියේ තරුණි පුවත් පත.උදේ නංගි කිව්වෙත් මේ ගෑන.වෙන කවුරුවත් නෙමෙයි ඔහු නමින් කෝප්‍රල් රන්ජිත් වීරවර්ධන.එහෙමත් නෑත්නම් අද රටේ හෑම තෑනම ,මං සන්ධි වල රණවිරු උපහාර පුවරුවල,බස් රථ වල,වෙනදා නිලියන්ගේ පිංතූර වලින් හෑඩ වෙච්ච ත්‍රිරෝධ රථවල කලු පෑහෑති රෙදි කඩක් හිසේ බෑදගෙන සිනාමුසුව සිටිනා සුන්දර සෙබළා මතකද,ඒ වගේම ත්‍රස්තවාදින්ගේ ප්‍රහාරයකින් මිය ගියා කියලා ලොකු කට කතාවක් ගියෙත් රන්ජිත් ගෑන තමයි.අපේ සිංහල බ්ලොග් පිටුවකත් මේ ගෑන ලියවිලා තිබුනා.හෑබෑයි මම එහිත් අදහසක් එක් කලා ඈයි ඔහුගේ නම සදහන් නොකලේ කියලා.මොකද මේ කතාව ගෑන සෑක හිතුනු නිසා.ඒ කතා කියන්න ඕන නෑ නමුත් පින් බිමේ මහිමයෙන් මේ රණවිරුවා තවමත් රණ බිමේ ඉන්නවා.මිලේච්ච කොටියාට එරෙහිව සටන් කොට සතුරා මර්ධනය කරලා බොහෝම නිරෝගීව ජීවත් වෙනවා."ඈත්තටම හරි සතුටුයි .රටේ හෑමතෑනම මගේ චායාරූප සහිත බෑනර් තියෙනවා කියලා ආරංචියි.නිවාඩු යනකොට මමත් දෑක්කා මේ බෑනර් ,කටවුට්,පෝස්ටර් පාරේ තියෙනවා මේ චායාරූප ගත්තේ මාවිල් ආරු විජයග්‍රහණයෙන් පස්සේ.ජනාධිපතිතුමාත් මාවිල් ආරුවට ආවා ඒ වෙලාවේදි.මම කවදාවත්ම හිතුවේ නෑ එදා ගත්තු චායාරූප මේ රටේ මේ තරම් ජනප්‍රිය වේවි කියලා"ඔහු කට හඩ අවදි කරයි.රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන රංජිත් ගේ උපන් ගම වේ.යුධ හමුදාවට එක්වී ඈත්තේ 1992 වසරේදිය.මූලික පුහුණුවීම් වලින් පසුව ගෙවී ගිය වසර 17 කාලයම ඔහු ගත කල ඈත්තේ උතුරු නෑගෙනහිර ‍යුධ මෙහෙයුම් කලාපයේය.(ඈතෑම් කොටි පඹයන් නම් මේ විරුවන් නලුවන් ලෙස හදුන්වා තිබුනි )යුධ මෙහෙයුම් වලින් පසුව දෑනට වන්නි කෑලයේ සෝදිසි මෙහෙයුම් වල යෙදෙමින් ඔහු තවමත් සිය මාතෘ භුමිය රෑක ගෑනිමේ කාර්යයට එකතුව සිටී."මුලින්ම ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව ඉදලා පසුව පළමු වෑනි විශේෂ බලකායට එකතු උනා එදා ඉදන් අවුරුදු 17 ම මම සේවය කලේ ක්‍රියාන්විත ප්‍රදේශ වල.මාවිල් ආරුවෙන් පටන් ගත් මෙහෙයුමේ සිට වන්නිය මුදා ගෑනීමේ අවසන් සටන දක්වාම මම ඊට දායක උනා" රංජිත් පුන්චි පවුලක හිමිකරුවෙකි.දයාබර බිරිය දුමීකා නිරෝශිනීය.කුඩා දියණිය තරුශි කාව්‍යාය.ඩබ්ලිව්.කේ සුමනසේකර මහතා හා පුන්චිමෑණිකේ මාතාව රංජිත් ගේ දෙමව්පියන්ය.මේ සියලු දෙනා ජීවත් වූයේ සිතේ ගින්දර සමගිනි.අද ඒ සියල්ල අවසන් වී ගොසින්ය.යුධ ගිනි නිවී ගොසිනි."යුද්ධය මේ විදියට නිම වීම ගෑන හරිම සතුටුයි.අපේ දු දරුවන්ට දෑන් නිදහසේ දිවි ගෙවන්න පුලුවන් .අපේ ජීවිත යුධ බිමට ම කෑප කරලා ඉදිරි පරපුරට නිදහස් රටක් ඉතිරි කර දෙන්න හෑකි උනා.සතුටුයි ආඩම්බරයි.ඔය අතරේ රණබිමේදි මා මිය ගිය කතාවකුත් තියෙනවා .අවසන් යුධ ජයග්‍රහණය උදෙසාම මට ජීවත් වෙන්න ලෑබීම සතුටක්"අවසන් වශයෙන් රංජිත් පවසයි.ඉතින් ඔහුගේ දුරකතන අංකයත් තියෙනවා.(දුරකතන අංකය අවශ්‍ය නම් nuwanslane@gmail.com ඉල්ලන්න) මමත් ඔහුට කතා කරලා රට වෙනුවෙන් කල සේවයට ස්තුති කරලා සුභ පෑතුවා.ඔබටත් පුලුවන් ඔහුට කතා කරන්න.අවසන් වශයෙන් ඔබේ ඒ සුන්දර සිනහව අප අතරම තිබීම ගෑන ලොකු සතුටක් හිතේ රදවා ගෙන මින් ඉදිරියටත් රට වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ලෑබේවායි ප්‍රාර්තනා කරමින් මේ ලිපිය අවසන් කරනවා.(ස්තුතිය තරුණී පුවත් පතට )

Related Posts Plugin for WordPress, Blogger...