.


Showing posts with label දහයියා අගුරු සෑකසීම. Show all posts
Showing posts with label දහයියා අගුරු සෑකසීම. Show all posts

අද මම කෙටියෙන් හදුන්වලා දිමට උත්සාහ කරන්නේ කෘශිකාර්මික කටයුතු වලදි අපිට ඉතාම වෑදගත් වන තවත් යාලුවෙක් ගෑන. මේ දවස් වල අපේ ගොවි මහත්වරු මෙයා ගෑන ගොඩාක් උනන්දුවෙන් කතා කරන්නේ. හොදයි .අපි එයාව දහයියා අගුරු විදියට හදුන්වමු.එතකොට ගෑටලුවක් නෑහෑනේ. අලු නොවෙන විදියට කර කරගත් දහයියා වලට තමයි සරලවම ගත්තොත් දහයියා අගුරු කියලා කියන්නේ..මේක වි වගාවෙදි විතරක් නෙමෙයි අනෙකුත් ගොඩ බොග සදහාත්,මල් වගාවෙදිත් ,ගෙවතු වගාවේදිත් පාවිච්චි කරන්න පුලුවන් හොද පොහොරක්.ප්‍රඩානම වාසිය තමයි ශාකයක වර්දනයට ඉතාම වෑදගත් ක්ශුද්‍ර පෝශකයක් වන සිලිකන් ලබාදෙන්න මෙයාලට පුලුවන්.මේ පොශකය ශාකයේ මාන්ශල ගතිය අඩු කිරිම, ශාකය ශක්තිමත් කිරිම සිදු කරනවා. මේ හේතුව නිසාම දහයියා අගුරු යොදලා වගාවක් කලාම පලිබොද හානි අවම කරගන්න අපිට පුලුවන්.ඊට අමතරව කාබනික පොහොර පසට යෙදිමෙන් ලෑබෙන වාසිත් ඔක්කොම මෙයාගෙනුත් ලෑබෙනවා.සාමන්යයෙන් කුබුරකට නම් අපි නිර්දෙශ කරනවා දහයියා අගුරු කිලො 250 යොදන්න කියලා. ඒ වගෙම දහයියා කොටස් 3කින් අපිට අගුරු කොටස් 01 පුලුස්සා ගන්න පුලුවන්. දහයියා අගුරු හදා ගන්න සුවිශේශ උපකරනයකුත් අපේ දෙපාර්තමේන්තුවෙන් හදුන්වලා දිලා තියෙනවා "කුන්තානිය කියලා තමයි ඒක හදුන්වන්නේ. අපි ඉතින් මේ තාක්ශනය ගොවින්ට හදුන්වා දිමට ගොවින්ව එකතු කරලා ඒවා සකස් කිරිම ගෑන ප්‍රායොගිකව දෑනුවත් කිරිම සිදු කරනවා.මේ චායාරූප කිපයත් මගෙ කොටසේ පවත්වපු ඒ වගේ වෑඩසටහනකදි ගත්ත ඒවා.ඔයාලත් බලන්නකො.

Related Posts Plugin for WordPress, Blogger...