.


Showing posts with label ශාඛ අතු බෑදීම. Show all posts
Showing posts with label ශාඛ අතු බෑදීම. Show all posts

ජම්බු ගසක කතාව....






"දෑන් අපේ ගෙදරට උඩහ ඉඩමේ තියෙන්නේ දෙමහල් නිවාසයක්.ඒ ගේ හදන කොට අර විසාල ජම්බු ගහ ඉවත් කලා.එත් එයාගෙන් අතු බෑදිම මගින් හදා ගත්තු දරුවා අපේ ගෙදර තවමත් ඉන්නවා...අස්වෑන්න ලබා දෙනවා"
අපේ ගෙදර තියෙන ජම්බු ගහ තමයි මේ පලමුවෙනි චායාරූපයෙන් දෑක්වෙන්නේ . මේකට වයස දෑන් අවුරුදු අටකටත් වෑඩියි.ඒත් ගහේ ප්‍රමානය ඔයාලට තේරෙනවා නේද.සාම්ප්‍රදායික විශාල ස්වරූපයක් මේ ගසේ දක්නට ලෑබෙන්නේ නෑහෑ.අනික අපේ ගෙදර තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක ඒ වගේ විශාල ගහක් හදාගන්නත් අපහසුයි.මේ ගස ගෑන තව දුරටත් කිව්වොත් මෙයා වසර පුරාම අපිට අස්වෑන්නත් ලබා දෙනවා.තවත් දෙයක් සාමාන්‍ය ගසකට වගේ මුදුන් මුලක් නම් මේ ගසේ දකින්න ලෑබෙන්නේ නෑ.හොදයි මුදුන් මුලකුත් නෑති කෙටි කාලෙකින් අස්වෑන්න ගන්නත් පුලුවන් ඒ වගේම වෑඩිය ලොකු වෙන්නෙත් නෑති මේ ගහ හදාගන්න පුලුවන් කොහොමද? ම්ම්ම් ඒක ඒ තරම් අමාරු නෑ.ඒ වගේම බද්ද පෑලයක් වෙලද පොලෙන් ලබාගන්න යන මුදල අපිට ඉතුරු කරගන්නත් පුලුවන්.අනිත් දේ තමයි වෙලද පොලෙන් බද්ද පෑල කියලා දෙන සමහර ඒවා බද්ද නොකරපුවා වෙන්නත් ඉඩ තියෙනවා.මම බද්ද කරපු පෑල ගෑන කිව්වේ ඔයාලට වෑඩිපුර පුරුදු ඒ වචනේ නිසා.නමුත් ඒ තරම් වත් මහන්සි නොවි සරලවම මේ වගේ ශාකයක් හදාගන්න පුලුවන් මේ ක්‍රමය හදුන්වන්නේ "අතු බෑදිම" කියලා.මේකෙන් අපිට මව් ගහට 100% ම සමාන ගහක් හදාගන්න පුලුවන් විම වාසියක්.අපිට බිජ පෑලයක් මගින් නම් 100% අම්මට සමාන පුතෙක් ගන්න බෑනේ.අනිත් දේ තමයි කෙටි කාලෙකින් අස්වනු ගන්න පුලුවන්.හොදයි මම කරන විදිය කියන්නම්................ මීට අවුරුදු ගනනාවකට කලින් අපේ ගෙදරට උඩහින් පාලු ඉඩමක් තිබුනේ.බෑද්ද ඈරුනාම මේකෙ තිබුනේ අවුරුදු ගානක් පරන නාකි වෙච්ච ජම්බු ගහක් විතරයි.ඉතින් මේකෙන් තමයි අතු බෑදිම මගින් පෑලයක් හදා ගන්න මම කල්පනා කලේ.මුලින්ම මම ගසේ අස්වනු දෙන කලින් පාර ගෙඩිත් හෑදුන පෑන්සලක මහතෙන් යුක්ත අත්තක් තෝර ගත්තා.ඊට පස්සේ හොද අලුත් බ්ලේඩ් තලයක් අරගෙන අර අත්තේ පොතු වලයක් අයින් කරා.මේක අගල් බාගයක් විතර පලලට වටේටම ඉවත් කරන්න ඕන.දෑන් හොදට ඈලෙන ගානට වතුර දාලා අනාගත්තු කොම්පෝස්ට් පොහොර ගුලියක් අතට අරගෙන අර පොතු වලය අයින් කරපු තෑනට තියලා තද කරලා කලු පොලිතින් එකකින් සම්පුර්න ස්තානයම තද වෙන්න ඔතලා දෙපෑත්තෙන් ගෑට දෙකක් යොදන්න ඕන.ඔන්න වෑඩේ ඉවරයි.මිනිත්තු 10 යයි ඔක්කොටම. .......... මාසෙකට විතර පස්සේ දෙවෙනි කොටස පටන් ගන්න ඕන .මුලින්ම හිමින් සෑරේ ආවරනය කරපු පොලිතින් එක අයින් කලා.එතකොට අර පොතු වලේ ගහපු තෑනින් කොම්පොස්ට් ගුලියත් එක්ක කොටස මුල් වර්දනය වෙලා තියෙනවා ඔයාලටත් දකින්න පුලුවන් වේවි.ඊලගට හොද මුවහත් පිහියක් යොදා ගෙන මුල් වලට පහලින් මේ මුල් අද්දවා ගත්තු අත්ත මව් ශාකයෙන් වෙන් කර ගන්න ඕන .දෑන් වෑඩේ සාර්තකයි.මේ මුල් ඈදුනු අතු කෑල්ල අපිට කෙලින්ම සුදුසු ස්තානයක හරි එහෙම නෑත්නම් පෑකට් එහෙක හිටවලා තව ටිකක් ලොකු කරගෙන ඊට පස්සේ ක්ශේත්‍රයේ හරි හිටවා ගන්න පුලුවන්.මේ විදියට අපිට අඹ,දොඩම්, පේර ,දෙලුම්, දෙහි, වගේ තව ගොඩකුත් ශාක වලින් අතු බෑදිමේ ක්‍රමය යොදාගෙන පෑල හදා ගන්න පුලුවන්. ඔයාලටත් උත්සාහ කරලා බලන්න පුලුවන් ********************************** දෑන් අපේ ගෙදරට උඩහ ඉඩමේ තියෙන්නේ දෙමහල් නිවාසයක්.ඒ ගේ හදන කොට අර විසාල ජම්බු ගහ ඉවත් කලා.එත් එයාගෙන් අතු බෑදිම මගින් හදා ගත්තු දරුවා අපේ ගෙදර තවමත් ඉන්නවා...අස්වෑන්න ලබා දෙනවා. (මේ චායාරූප වලින් පෙන්වන්නේ මගේ කොටසේ ගොවි සාමාජිකාවන් කීප දෙනෙකුට දෙලුම් ශාකයක් යොදා ගෙන අතු බෑදිම ප්‍රායෝගිකව සිදු කරලා පෙන්වපු අවස්තාවක්)

Related Posts Plugin for WordPress, Blogger...