.


Showing posts with label pattiyawaraya. Show all posts
Showing posts with label pattiyawaraya. Show all posts

පට්ටිය වරාය සහ පරෙවි දුවේදි.
පහු ගිය දවසක යාලුවෙක්ගෙ පොඩි අවශ්‍යතාවයකට මාලු ටිකක් ගන්න ඕන වෙලා ගියා පට්ටිය වරාය පෑත්තේ.ඔව් මතක ඈතිනේ මීට කලිනුත් පාරක් කලමෑටියෙ පරව් අහු වෙච්චි දවසක ඒ ගෑන තොරතුරු ඔයාලට කිව්වනේ.මේකත් ඒ කිට්ටුවම තියෙන තවත් ධීවර වරායක් .කොළඹ කතරගම මාර්ගයේ බට අත කියන නගරයට ආසන්නව තමයි මේ පට්ටිය වරාය පිහිටලා තියෙන්නේ.ඉතින් අපේ හිතවතෙක් ඉන්නවා ඒ කිට්ටුව මිනිහත් අල්ලගෙන තමා ගියේ.බොහෝම සුන්දර ස්වාභාවිකව නිර්මානය වෙච්චි ස්ථානයක් විදියට මේ තෑන හදුන්වා දෙන්න පුලුවන්.
ඔන්න මේ භාන්ඩේ හම්බු උනේ මෙතෙන්දිම තමයි.හොදට බලන්නකෝ මේ චායාරූපෙ දිහා.මේ කුඩා ප්‍රමාණයේ මාලුවෙක් වගේ පේන්නේ මොකද්ද දන්නවාද ?හොදට බෑලුවොත් පෙනේවි මේ කගේ පිටි පස්ස පෑත්තේ කොකු තුනක් තියෙනවා බොහෝම තියුනු.හරි මේ අර සම්ප්‍රදායික බිලී පිත්තේ තියෙන බිලී කොක්ක වෙනුවට ඊට වඩා තරමක් වෙනස් විදියකට වෑඩි දියුණු කොරලා ආපු ආදේශකයක්.මේක රබර් වගේ දේකින් තමයි නිර්මානය කරලා තියෙන්නේ.වතුරට දෑම්මාම මේ බොරු මාලුවා ඈත්ත මාලුවෙක් වගේ දියේ ජල රෑලි අතරේ පිහිනා යනවා.මේකට ගිජු වෙච්චි ලොකු මාලු මෙයාව ගොදුරු කර ගන්නවා නමුත් අවාසනාවකට අර උල් කටු උගුරෙ හිර වෙනවා .ඉතින් පෑහෑදිලියි නේ වෑඩේ.
මේක බහුලව භාවිතා වෙන ක්‍රමයක් නම් නෙමෙයිලු.ගොඩාක් වෙලාවට විනෝදෙට වගේ ඔය මාලු අල්ලන්න කෑමති උදවිය ඉන්නවාලු නේ.ආන්න ඒ අය ඉලක්ක කොරලා පිටරටින් එන බිලී පිත්තක් කියලා තමයි තොරතුරු විමසද්දී දෑන ගන්න ලෑබුනේ .අනිත් එක මේ කේ වටිනාකමත් ටිකක් වෑඩියිලු.ඔය පල්ලෙහා තියෙන චායාරූපෙ ඉන්න පුද්ගලයා තමයි මේ පිත්තේ හිමිකරු.ඔහුට විදෙස් ගත යාලුවෙක් මාර්ගයෙන් තමයි මේ කට්ටලේ ලෑබිලා තියෙන්නේ.කිව්ව විදියට ඔහුත් හවස් ජාමෙට ඈවිත් එකෙක් දෙන්නෙක් භාගෙන යනවලු.කෑමට.

ඔන්න මේ පින්තූරෙ එහෙමත් එතෑනදීම ගත්තු එකක්.ඒ ස්ථානයේ තියෙනවා විසාල පර්වතයක් .ඒක අතීතයේදි අකුනක් වෑදිලා දෙපලු වෙච්චි ස්වභාවයක් තමයි පෙන්නුම් කොරන්නේ.ඒ ක නිසාම හෙන ගහපු ගල කියල තමයි මිනිස්සු මේක හදුන්වන්නේ.ඒකෙන් මුහුදට දික් වෙච්චි කොටසක් තමයි මේ තියෙන්නේ.
හරි ඒ ගෑන ඔය ඈතිනේ කිව්වා.ඔයාලා අහලා තියෙනවාද පරෙවි දූව ගෑන.දකුණු පලාතෙ අය නම් මේ ගෑන දන්නවා.මීට කලින් ඒ ගෑන ලිව්ව ලිපිය කියෙව්වේ නතිනම් මෙතනින් බලන්නකෝ.ඉතින් අවුරුද්ද වෙනුවෙන් ගෙදර ආපු දවස් ටිකේ හවස් වරුවේ මාතර මුහුදු වෙරළ පෑත්තේ සවස් ජාමේ ගත කොරලා පරවි දූවටත් ගිහින් තමයි ආවේ.ඉතින් කොහේ ගියත් ඔය පින්තූරයක් දෙකක් ගන්න මට හිතෙනවානේ.ඉතින් ඔය ඒ ඉසව්වෙදි ගතිපුවායින් කීපයක් .බලන්නකෝ.
ආ අමතක උනා අද අපේ යාලුවො බොහොමයක් මෑරතන් දුවන්න ත් සෙට් වෙලා ඉනවානේ. චතුරංග මල්ලී තමයි ඊයේ මටත් මතක් කොලේ.ඉතින් මගෙනුත් ඒ සියලුම සහෘදයින් වෙත උණුසුම් සුභ පෑතුම් ......
ඔන්න දුවන්නේ නෑති උනාට බලලා සපෝර්ට් එක දෙන්න අපිත් එනවා හොදේ....එහෙනම් ගිහින් එන්නම් .සුභම සුභ සති අන්තයක් ඔබට .

Related Posts Plugin for WordPress, Blogger...