.


Showing posts with label චරිත. Show all posts
Showing posts with label චරිත. Show all posts

දවස් ටිකේ නම් ලොකු අවුලකින් තමයි කල් ගත කොරන්න සිදු උනේ.සති අන්තයේ ගෙදර ඈවිත් ඔන්න කොම්පුටරේ ගාවට ගිහින් හරි බරි ගෑහිලා වාඩි වෙලා බලපුවාම මොඩම් එකේ අර කොල පාට බල්බ් එක නිමි නිමි පත්තු වෙනවා.සිග්නල් නෑ...අනේ කාට කියන්නෙයි!වෙනදා යාන්තම් තිබිච්ච සිග්නල් ටිකත් හොරු අරන් ගිහිල්ලද කොහෙද,මේ ගෙවිච්චි මාස දෙක තුනේම දත්ත භාවිතා කොරන්න තිබුනු මුලු ප්‍රමානෙම වගේ ඉතුරුයි.මං නිකන් බිල් ගෙව ගෙවා ඉන්නවා.අනේ මොබිටෙල් වලටත් ගිය කලක්!

ගිය සතියේ ගියා නේ ලෝකාන්තේ පෑත්තේ පොඩි රවුමක්.අප්පේ සෑහෙන්න වෙනස් වෙලා නොවෑ .නෑ මේ පරිසරේ එහෙම නෙමෙයි .අය කොරන ගාස්තු.ඒවා දෑක්කාම නම් ආපහු හෑරිලා එන්න හිතෙනවා.ඈතුල්වීමේ ගාස්තු.එතකොට සේවා ගාස්තු අනේ තව අරවා මේවා වාහනේට වෙනම චාර්ජ් කොරලා දන්නවාද තුන්දෙනෙකුට හදපු බිල් එක රුපියල් 690 ක්!වෑන් එකක් බස් එකක් ගියොත් බුදු සරනයි.ඔන්න අපේ පරිසර හිතකාමී ඒවා විදින්න කෑමති අයට සලකන හෑටි. බන්ඩාරවෙලින් හපුතලේට ගිහින් බොරලන්ද ඔහිය හරහා තමා ගියේ.වෙනදා නම් අර පයින් යන ටිකට නේ ටිකට් ගන්න ඕන.දෑන් එහෙම නෙමෙයි .ඔහියෙන් ගොඩ වෙලා ටික දුරක් යද්දිම මහා ගේට්ටුවක් හරස් කොරලා තියෙනවා.යන කට්ටිය මේ ගෑනත් දෑනුවත් උනොත් හොදා.පට්ටිපොල පෑත්තෙන් ගියත් මේ සන්තෑසියම තමා.නරකද මීට වඩා සාධාරන ගානක් අය කලොතින්?අපි ඉතින් දුප්පත් මනුස්සයොනේ.....
ගෙදර ඉස්සරහා බෝගන්විලා පදුරෙ කොන්ඩ කුරුලු ජෝඩුවක් කූඩුවක් හෑදුවා.පහුගිය දවස් ටිකේ බලන්නත් බෑරි උනා.අද බලනකොට මෙන්න පොඩි පෑටව් දෙන්නෙක් ,අම්මා කෑම ගෙනත් කවනකන් කට ඈරගෙන බලාගෙන ඉන්නවා.අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට පුදුම ආදරේකින් මේ පෑටවුන්ට කෑම කවනවා.තව ටික දවසකින් ලොකුවෙලා ඉගිලිලා යාවි.මාත් එයාලට කරදරයක් නොවෙන විදියට කෑමරාව දාලා මේ චායාරූපෙ ගත්තා.
මෙන්න මේ චායාරූපයත් හවස් වරුවේ පොල්හේන කියන සුන්දර මුහුදු තීරයේදියි ගත්තේ.ඔයාලා අහලා තියෙනවා නේ.මාතර ඉදන් කි.මි 2 විතර දුරින් තමයි පොල්හේන පිහිටලා තියෙන්නේ.මේක ගල් වෑටියකින් ආරක්ශා වෙලා තියෙන නොගෑබුරු මුහුදු තීරයක් නිසා ගොඩ දෙනෙක් මෙතෙන්ට ඈවිත් නාන්න නම් අමතක කරන්නේ නෑ.හවස් කාලෙට නම් ගොඩාක් ලස්සනයි.මාතර හරහා කතරගම එහෙම යනවා නම් අපේ යාලුවන්ටත් මේක බලලාම යන්න පුලුවන්. ඉතින් සුභම සුභ සති අන්තයක්.ගිහින් එන්නම්.

දයාබර... අමරදේව ,නම්වූ සොදුරු සරළ ,සංගීතවේදියානෙනි,මව් බිමට ආදරය කල සහෘදයානෙනි!  ඔබට සුභ උපන් දිනයක් වේවා!

ජීවන මං පෙත තරනය කිරීම තුල අසූ දෙවෑනි විය පසු කර යන නමින් දයාබර... අමරදේව ,නම්වූ සොදුරු සරළ ,සංගීතවේදියානෙනි,මව් බිමට ආදරය කල සහෘදයානෙනි!දිවි මං පෙතේ තවත් චිරාත් කාලයක් හෙල අඹර දිදුලන තරුවක් ලෙසින් අප අතරම හිදිමින් දිගු ගමනක් යාමට ශක්තිය වාසනාව ලෑබේවායි එක් සිතින් පෑතුම් එක් කරමි. ඔබට සුභ උපන් දිනයක් වේවා!

තම මාතෲ භූමියේ ඒකීය භාවය ,නිදහස හා විජයග්‍රහනය වෙනුවෙන් තම දිවි පූජා කල වීරොධාර රණවිරුවෙකුගේ දහ අටවන වන අනුස්මරණය යෙදෙන්නාවු අද දිනයේ ඔහු කල ගෞරවණීය සේවය වෙනුවෙන් මේ කෙටි සටහන තෑබීමට සිත් විය.
නමින් ඔහු ගාමිණි කුලරත්නය.නෑතහොත් අප කවුරුත් දන්නා හදුනන ආකාරයට නම් "හසලක ගාමිණිය".
දෙවන ඊලාම් යුද්ධය පෑවති අදුරු යුගය තුල අලිමංකඩ හමුදා කදවුර සිව්පාවන් අතට පත් වීමට ඔන්නමෙන්න තිබියදි නෑවතත් බලෙන්ම මෙන් ලක් මව් තුරුලට උදුරාගත් වීර සොයුරා ඔහුය.
ඒ මොහොතේ ගාමිණි ට තමාගෑන සිතීම අමතක වූයේ ,තම අදරෑති දිවි දෙවෙනි වූයේ ,අතීතයේ විරුවන් දිවිදි රෑකගත් ලක් මෑණිය ගෑන සිතීම ඈය ආරක්ශා කිරීම ,අමතක නොවූ හෙයිනි.පින් බිමේ සුරක්ශිතතාව පලමු තෑන තිබූ හෙයිනි.
සිතුනාද සිතුවාද වීරයා හසලක
කදවුර බේර ගන්නට
පෑන්නාද,පෑන්නා ..ඒ මරුවා දෑක දෑකමාරක බුල්ඩෝසරේට...
ඔහු ගෑන කතා කිරීමේදි නිතෑතින්ම මුවගට නෑගෙන්නා වු ගීතයකින් කොටසකි.මතකය වසර දහ අටක අතීතයකට ඈදි යයි.ඒ 1991 වර්ශයයි.එවක අලිමංකඩ කදවුර අත් පත් කර ගෑනීමට පෑමිණි පුපුරන ද්‍රව්‍ය පටවා ගත් කොටි බුල්ඩෝසරයේ ගමන වෑලෑක්වීම සදහා දිවි පුදකලේ ඔහුයි.
ඔබ වෑනි වීර සෙබළ සොයුරනගේ ජීවිත පරිත්‍යාගයෙන් මව් බිම අද එක් සේසත් වී ඈත.ඔබ එදා දිවි දි රෑකගත් අලිමංකඩ ඈතුලුව සමස්ත භුමියෙන්ම ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ඈත.ගාමිණිඅප හෑර ගියත් තවමත් ඔබ අප අතරම හිද ලක් මව් තුරුලේ උණුහුමේ පහස විදිනා බව අපට විශ්වාසය.මන්ද යත් රණබිමේ විරුවන් සදා නොමියෙන බෑවිනි.

කව්ද මේ මොහොමඩ් කලිල් කියන්නේ, විදේශ රාජතාන්ත්‍රිකයෙක්ද,නෑත්නම් දේශපාලන මහත්මයෙක්ද??? ම්ම්. අනේ එහේම කෙනෙක් නම් නෙමෙයි.එහෙනම් මොන එහෙකටද ලංකාවට එන්නේ!!! ඈයි ඔය දෙගොල්ලන්ට විතරද අපේ රටට එන්න පුලුවන්??? මතකද ඒ අදුරු දිනය ශ්‍රිලංකාවට විතරක් නෙමෙයි මුලු ලෝකයටම, ක්‍රිඩා ක්ශේත්‍රයටම කලු පෑල්ලමක් එක් කල දිනය.පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගනය අපට නුහුරු නුපුරුදු තෑනක් නම් නොවෙයි.අපේ වීරයන් ලෝක ශුරයන් විදියට අභිශේක ලෑබු විජයග්‍රාහි බිම මේ විදියට මරු කපොල්ලක් වෙවි කියලා නිකමටවත් හිතුනාද,එදා ලේ පිපාසිත මිලේච්චයන් ශ්‍රිලංකා ක්‍රිකට් විරුවන්ට එලව එලවා වෙඩි තබද්දී අපේ ක්‍රීඩකයින් රෑගත් බස් රථය තම දිවි පරදුවට තබා වේගයෙන් නොනවත්වා ධාවනය කලේ මොහොමඩ් කලිල්...කලිල් මේ ඍජු තීරනය ඒ මොහොතේ නොගත්තානම් ඒ ක්ශනයකින් එල්ල වූ මෝටාර් ප්‍රහාරයෙන් මුලු බස් රථයම විනාශ වෙන්න ඉඩ තිබුනා..........ඔහු ශ්‍රිලාංකිකයින්ට වීරයෙක්. ලංකාවට පමනක් නොවෙයි මුලු ලෝකයටම වීරයෙක්.ඒ විතරක් නොවෙයි ක්‍රිකට් ක්‍රීඩාවටම ඔහු මහත්මා වීරයෙක්.කලිල් කල මේ විරක්‍රියාවට උපහාර දෑක්විමක් කරන්න ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය තිරනය කරලා.ඒ අනුව අද දින උදෑසන ඔහු ශ්‍රිලංකාවට පෑමිනීමට නියමිතයි...සදාදරනිය කලිල්, ඔබට අපගේ ගෞරවනිය උත්තමාචාරය!!!

වරදට දඩුවම්...?

මේ කතාව පටන් ගත්තෙ හරියටම මිට අවුරුදු 8 විතර කලින්.හම්බන්තොට හා තන්ගල්ල කියන නගර 2 මෑදිව හුන්ගම කියන නගරයට ඉතාම ආසන්න වු කුඩා ගමක.මේ ගමේ වෑඩ් පිරිසකගෙ ප්‍රදාන ආදායම් මාර්ගය උනෙ දිවර වුර්තිය.ගොඩක්ම අඩු ආදයම් ලාබින් තමයි මෙහෙ ගොඩක්ම හිටියෙ.මේ ගමේ මනුස්සයෙක් හිටියා පියදාස කියල දිවර දෑල් ඉරුනම ඒවාට අඩුවම් දමන්න මෙයා හරිම දක්ශයි.ඒකෙන් ලෑබුන ආදායම එතරම්ම ප්‍රමානවත් නොවු නිසා මෙයා ගමෙ සිට්ටු දෑමිමත් කරගෙන ගියා.මෙහෙම කාලයක් කරගෙන යනගමන් මෙ පියදාස උන්නෑහේ මිනිස්සුන්ගෙන් මුදල් නයට අරන් එවට පොලි ගෙවන්නත් උනා..ඔන්න ඔතනින් තමයි ලොකුම විප්ලවය පටන් ගත්තේ. රු100000 කට මාසිකව පොලිය විතරක් රු 7000. ලක්ශ 3 දාගත්තානම් මාසෙකට රු 21000 අරන් ජොලියෙ ජිවත් වෙන්න පුලුවන් . මිනිස්සු මුලින් සුලු සුලුවෙන් තමන්ගෙ මුදල් මෙයාට ගෙනිහින් දුන්න.ප්‍රොමිසරි නොට්ටුවක් අත්සන් කරල තමයි මේ මුදල් ලබා ගත්තෙ.ඒකත් එක්කම මිහිබට දේවිකෙනෙක් වගෙ දඩුවම් මුදලාලි කියන අති දෑවෑන්ත චරිතය නිර්මානය උනා..මෑතකදි ජනමාද්ය මගින් රටම මේ නම දෑනගත්තට දකුනු පලාතට නම් මෙ නම හුරු පුරුදු කිට්ටු චරිතයක්.හයක් හතරක් තේරෙන ලමයගෙ ඉදන් හෑරමිටියෙන් යන වයස්ගතම පුද්ගලයන් පවා දඩුවම් මුදලාලි ලග මුදල් තෑන්පත් කලා. ඒ වගෙම රාජ්යසෙවයේ විතරක් නොවෙයි පොලිසියෙ ත්‍රිවිද හමුදවෙ විශාල පිරිසක් මේ සේවය ලබාගත්ත.එමෙන්ම මම දන්න බෑන්කු කලමනකරුවන් කිප පොලක්ද මෙහි මුදල් අයොජනය කල අති විශාල පිරිස අතර හිටියා.ඒ වගෙම මෙහි මුදල් අයොජනය කල විසාල පිරිසක් මෙහි ප්‍රතිලාබ ලබා ගත් බවත් සදහන් කල යුතුමයි. ඒ වගෙම පොදු කටයුතුවලදිත් , සමාජසේවා කටයුතුවලදිත් දඩුවම් මුදලාලි යන නාමය ඉහල තලයක තිබුනා. ඒ එක්කම කටින් කට නොයෙකුත් කට කතාත් පෑතිරුනා.සුනාමියෙන් පසුව දේවියන්ගෙ වරමක් ලබි මිනිසුන්ට පිහිට විමට මිනිස් වෙසින් ආ දෙවි කෙනෙක් කියල ප්‍රසිඩ්ද උනා,. ඒ වගෙම නිදානයකින් රන් තෑබිලි වල්ලක් මොහුට ලෑබි අති බවත් එම මුදල් මිනිසුන්ට පිහිට පතා යොදවන බවත් ප්‍රසිඩ්ද උනා.කොහොම උනත් 500/600 පමන පිරිසක් දිනකට ගනු දෙනු සදහා මේ ගෙදරට අව ගියා.ඒ වගෙම තෑන්පතු මුදල් නෑවත ඉල්ලු විට එම මුදල් නෑවත ලබාදෙන්නත් දඩුවම් මුදලාලි ක්‍රියා කරා. මිනිස්සුන්ගෙ විස්වාසය කොතරම්ද කිව්වොත් තමන්ගෙ ගෙවල් යාන වාහන පවා විකුනලා මුදලාලි ගාව සල්ලි තෑන්පත් කලා.මේක නිත්යානුකුල තෑනක් නොවන බව මිනිස්සු හොදින්ම දෑනගෙන හිටියෙ.හබෑයි සල්ලි දාපු අයට අවදානමක් තිබුනෙ මාස 14යි. මොකද එතකොට දාපු මුදල ලෑබිල. ඊට පස්සෙ ලෑබෙන සල්ලි ලාබයි.මේ ක්‍රමෙත් එක්කම මේ විදියට පොලි ගෙවන දෑඩි දඩුවම් ,මරන දඩුවම් කියන අලුත් .පුද්ගලයනුත් ඈති උනා .කොහොම උනත් මේක නිත්යානුකුල ආයතනයක් නොවන විදියට මහ බෑන්කුව නම් කලාට පස්සෙත් මෙතන සල්ලි තෑන්පත් කල සමහර මිත්‍රයන් ඉන්නවා. සක්විති පෑනල ගියත් සමගම දඩුවම් මුදලාලි ගෑන තවත් විශ්වාසය වෑඩි උනා කියලයි ඔවුන් කිව්වෙ.මේ හේතුව නිසාම තමයි දඩුවම්ට විරුද්දව මිනිස්සු පොලිසියේ පෑමිනිල්ලක්වත් දාන්න ඉදිරිපත් උනෙ නෑත්තෙ.කොහොම උනත් ගොඩක් මිනිස්සු දෑනුත් සාප කරන්නෙ සක්විති කරපු මේ වෑඩේ නිසයි මෙහෙම ගෑටලුවක් උනේ කියල.හාතගල පන්සලේ දුශන ව්මර්ශන අන්ශයෙන් ඈව්ල්ල පෑමිනිලි සටහන් කරගත් වෙලෙ කි .මි ගනන් දිග පොලින් තිබුනා.එදා පෑමිනිලි දාපු පිරිසගෙ මුදල්වල වටිනාකම කොටි 600 කට වෑඩියි.ඒත් මෙතන පෑමිනිලි නොකල තවත් විශාල පිරිසක් තව ඉන්නවා.සක්විති රජෙක් විදියට හිටපු දඩුවම් වරෙන්තු කරල. කලින් පුජනිය ස්තානයක් විදියට මිනිස්සු හදූන්වපු නිවස මිනිස්සුම විනාශ කරලා.දෑන් දඩුවම් මුදලාලිගෙ සිද්ඩියත් අතිතෙට එකතු වෙලා

Related Posts Plugin for WordPress, Blogger...