"ආයුබෝවන් මම ඔබට සහය වන්නේ කෙසේද?" - රින්ගින් ටෝන් (RingingTones) වෙනුවෙන් ඔබත් බයිට් උනාද?



BLOG ABOUT LIFE & SHARING MY FIELD EXPERIENCE WORKING AS AGRICULTURE INSTRUCTOR IN SRILANKA
"ආයුබෝවන් මම ඔබට සහය වන්නේ කෙසේද?" - රින්ගින් ටෝන් (RingingTones) වෙනුවෙන් ඔබත් බයිට් උනාද?



මා ලොකුවෙලා කවුරු වෙන්න කෑමතිදෑයි අපේ අම්මලා අහන වෙලාවලදිත් මං එක පාරටම කියන්නේ කවදාහරි මම ලොකු පොලිස් කාරයෙක් වෙනවා කියලාය.මෙහෙම කියනකොට අම්මා නම් මොකුත් නොකීවත් අපේ තාත්තාට නම් මල පනී.ඒ ඈයිද කියා නම් මට තේරෙන්නේ නෑත.අපේ අල්ලපු ගෙදර ත් ඉන්නේ පොලිස් මාමා කෙනෙකි.ඕකා ජරා පප්පා යයි අපේ තාත්තා කොයි වෙලේ කිවුවත් මට එහෙම දෑනෙන්නේ නෑත.ඒ මාමාගේ ගෙදර තරම් ලොකු ගෙයක් අපේ අහල ගමක වත් නෑත.ගෙදර කොයි වෙලෙත් සෙනග පිරිලාය.ගේ හදන්න ගල් වෑලි ඔක්කෝම ගෙනත් බෑවේ යාලු මාමලාය.අපේ තාත්තාට කොයින්ද ඒ වගේ යාලු ගොල්ලො.මට හිතෙන්නේ නම් ඒ මාමා ට්‍රෑෆික් එකේ ඉන්න නිසා අපේ තාත්තාට ඉරිසියා හිතිලා විය යුතුය.
තාත්තා මේ ලගකදී කියපු කතාවකින් මගේ සිතද තරමක් කම්පා උනාය.ඒ පොලිස් මාමලාගේ පඩිය අඩු කොරලානේ පුතේ ඔයාගිහින් වෑඩක් නෑ.කියු නිසාය.එසේ කලේ ඈයි දෑයි මට කුතුහලයක් ඈතිවූ නිසා මේ ගෑන ඈසූ විට තාත්තා නම් කියුවේ දෑන් හයිස්පිඩ් ලියන්නේ නෑනේ කොල්ලෝ කියාය.ඉතින් ඒක හා මේ මාමලාගේ පඩිය අතර සම්බන්දයක් තියේය.අපේ තාත්තාට නම් පිස්සු හෑදී ගෙන එනවාද කියා මට සිතුනි.
අනික මේ මාමලාට කොයි තරම් සලකනවාද මිනිස්සු.බස් එකේ දි ටිකට් වත් ගන්න ඕන නෑය,අපේ බාගේ ටිකටය ගත්තේ නෑත්නම් කොන්දොස්තර මාමලාගෙන් බලු බෑනුම්ය.මා එසේ බෑනූ අපේ ගමෙ බස් එකේ කොන්දොස්තරට පොලිස් කාරයෙක් වී හොද පාඩමක් උගන්වන්නේය.හංදියෙ හෝටලයෙන් නොමිලේ කන්නට අවස්තාවද මට ලෑබෙන්නේය.
ඉතින් මාගේ අනාගත බලාපොරොත්තුව නම් පොලිස් මාමෙක් වීමය. (ටීච මට හොදයි එකක් දෙන්න )
මාර සිද්ධියක් උනේ...ඉතින් පොඩි අවුලක් දෑනුනු නිසා අද මේක ගෑන ලියන්න ඕන කියලා හිතුනා.ඉතින් දුකට සෑපට අව්වේ වෑස්සේ මාත් එක්ක ඉන්න,මිත්‍රයා තමයි මගේ බයිසිකොලේ...නමින් කිව්වොත් glx125 එක.ඉතින් පහුගිය දවසක ඒකේ අදායම් බලපත්‍රය අලුත් කොරගන්න ගියාම එතනින් දෑනගන්න ලෑබුනා ඒකට දුම් පරීක්සනේ කොරලා වාර්තාවක් ගන්න ඕන කියලා.ඉතින් මේක ගන්න වෙන්නේ ලියාපදිංචි කරලා අවුරුදු 03 පහු උනාට පස්සේ..වාහන ,බයිසිකොල් වලට..පාගන ඒවට නෙමෙයි හොදේ.. අපරාදේ දවස් 04 පහු වෙලා තිබුනේ..ඒත් ඉතින් නීතියනේ.තව දවස් 04 කලින් ගියා නම් මේ කතාව කියන්න වෙන්නේ නෑ...ඒත් ඉතින් කොයි දේටත් අන්තිම වෙනකන් බලන් ඉන්න එක අපේ පුරුද්දනේ....
කොහොම උනත් ඔක්කොටම වඩා මේක කරගෙන අදායම් බලපත්‍රය ගන්න එක වෑදගත් නිසා උදේම ගියා දුම් පරීක්සනේ කරන්න,යාලුවා ලෙඩ වෙලාද කියලා දෑනගන්න එකත් හොදයිනේ....අනිත් එක අපේ රාළහාමිලාට සංතෝසම් ගෙවන්නත් අමාරුනේ...නිකන්... ඉතින් සල්ලි ගෙවලා එතන හිටිය නංගි කෙනෙකුට බිල් එකකුත් දා ගත්තා,,,දෑන් හරි ඔන්න චෙක් කොරන තෑන....කොහේද ඊට කලින් ත්‍රිවීලර් එකකුයි ,මට මතක හෑටියට අසුගනන් වගේ තෑපෑල් නයින්ටි දෙකකුයි මටත් කලින් ඉන්නවානේ..අපරාදේ කියන්න බෑ පුටුවකුත් ලෑබුනා ඒ කේ මහත්තුරුන්ගෙන්,අලුත් දෙයක් නේ ඉතින් බලන් හිටියා,,,,,මුලින්ම වාරේ ත්‍රී වීල් එකේ සටාර්ට් කොලා,,,අප්පේ දුම....එතන ඉන්නත් අමාරුයි වගේ...මේකට් නම් ඉතින් බඩුම තමා....මේ ඉතින් මං හිතාපුවා නෙව,,මන් කියලා හරියන්නේ නෑ මෑසිමෙන් නේ තිරනේ දෙන්න ඕන..ඉතින් තව මල්ලි කෙනෙක් අරකෙ සයිලන්සරේ ගාවට බටේ ලංකොරලා ආයි ගෑලෙව්වා.....හරි හදිසියි වගේ ඒ මල්ලිට????? "දෑන් හරි පාස්නේ"අතෙන්ට ගිහින් හදා ගත්තානේ,,,,,,,හා අතන අතුලෙන් සහතිකේ ගන්නකො,,,,,
මට අන්ඩරදෙමළ වගේ......මගේ උපකල්පනේ වෑරදියි නොවෑ..දෑන් අර තෑපෑල් නයින්ටි වල වාරේ....කලින් එකත් එක්ක බලපුවාම ලොකු වෙනසක් නෑ.බලපු ක්‍රමෙත් වෙනසක් නෑ,,,,,ඒවත් දෙවෙනි පාරට ආපුවා කෙලින්ම පාස් උනා..... දෑන් මගේ වාරේ ....අපෝ මේ අලුත් ඒවා නේ,,,,,,මෙවා ෆේල් වෙයිය...ඈත්තටම මට ඒ ගෑන කිසිම චකිතයක් තිබුනේ නෑ....ඔන්න මල්ලි අර බටේ ගෙනත් ගෑහුවා,මිනිහා හරි දක්ශයා ඒ වෑඩේට...... මෙන්න බොලේ ඒ පාර මු රේස් කොරනවා කොරනවා මාත් එක්ක තරහට වගේනේ,විනාඩි 5 ඉවරයි..ඒත් කෝ ප්‍රතිපලේ?????කොම්පියුටරේ ස්ලෝ වෙලාලු ...කලින් එව්වට නෑ,,,කොහොම හරි මල්ලිලා දෑඩි උත්සාහයේ ප්‍රථිපලයක් විදියට යාන්තම් උත්තරේ ලෑබුනා......
මොකද්ද දන්නවාද???දුම් පරික්සනය අසමත්......මට විතරක් නෙමේ එතන හිටිය අනිත් අයටත් පුදුමයි.....මෙන්න අර ගොල්ලො මට අපුරු විසදුමක් දුන්නා අයියේ ඔයා අහවල් තෑන දන්නවානේ..එතනින් පොඩ්ඩක් බලවන් එන්නකෝ,,,,,,,අනේ අපොයි,,,,අර කලින් පාස් වෙච්ච අයත් එතනින් හදන් ආපු අයනේ... මටත් ඉතින් මොලේ පොඩ්ඩක් පෑදිලා මං කෙලින්ම ගියා මගේ බයිසිකොලේ සෙවා කොරගන්න තෑනට,,,,ගිහින් කාරණේ කිව්වා.....ආ ඔතන ඔහොම තමයි.....අර තියෙන්නේ ඔය යන්න කිව්ව තෑනනෙ.....මාත් බෑලුවා අනේ හෑබෑමනේ,,,දුම් පරික්සනේ කොරන්න එන පරන ලටපටස් ඔක්කොම මෙතනනේ......එතනින් 500 කපනවා,,,,,ඊට පස්සේ ගියාම වෑඩේ ගොඩ,,, මාත් ඉතින් ආපු එකේ එයාර් ක්ලීනරේත් සුද්ද කරගෙන ආපහු ගියා.....වෑඩේ කරගත්තද? ඔව් මල්ලි,,,,,,,බලමු.....අප්පේ පාස්ස්නෙ,,,,,,,,,,යන්තම් හරි.... ඔන්න ඕකයි කතාව,,,,,ඉතින් ඔහොමත් දේවල් වෙන්න පුලුවන්,,ඉතින් පරිසරය රෑකේවිද?මන් කියන්නෙ නෑ හෑම තෑනම මෙහෙමයි කියලා..ඒත්පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න එක හොදයිනේ...
Labels: green test, උපහාස, කාලීන
අපෝයි. වෙච්ච විනාසේ පාරෙ බෑහෑලා යන්න බෑ නොවෑ.මුන් පිස්සු වෑටී ගෙන එනවද .......නෑ මේ කියන්නේ මිනිස්සු ගෑන කතාවක් නෙමේ.මේ තිරිසන්නු ..එහෙම කිව්වොත් උන් තව හොදයි.මේ කියන්නේ බල්ලො ගෑන ,නෑත්නම් සුනඛයො ගෑන කතාවක් ........................................
මුන්ට අර පිස්සු බලු රෝගෙද මොකද්ද කියන වහංගතේ බෝ වෙලා.මනුස්සයෙක් පෙන්නන්න බෑ.දෑක්කොත් කඩන් පනිනවා.වෙන බල්ලො වගෙ නෙමේ මේක හෑදුනු එවුන් පනින්නේ බෙල්ලටමයි.මිනී කාලා ලේ බොන එකෙන් තමයි මේ ලෙඩේ හෑදුන බල්ලො ලේසියෙන්ම අදුරගන්න පුලුවන් වෙන්නේ ................................................
මුන්ට මේ ලෙඩේ හෑදුනාම චාරයක් නෑ.රෑහේ යන්න ගියාම මහ එවුන් ,පොඩි එවුන් වෙන එකක් තියා නකුට පන නෑති පුන්චි කුක්කාත් බෑල්ලියො ,,සමාවෙන්න බලු ස්ත්‍රි පාරිශවේ කියන විදියට යි වෑඩේ කොරන්නේ.ඒ පාරිශවේ කිව්වොත් අරූ මරාපිය කියලා, ආයි බල්ලො කෙසේ වෙතත් මනුස්සයෙක් නම් ඉතුරු කොරොත් ඒ නම් බොරු ................................................
අවාසනාවක මහත.මේ ලෙඩේ හෑදුනු බල්ලොන්ට ජාතක වෙන බලු පෑටවුන්ටත් මේ කරුමෙ බෝ වෙනවානෙ.උන් මහා එවුන්ට හපන් පොඩි නිසා වෙන්නත් ඈති.එත් ඉතින් පොඩියි කියලත් බෑ නොවෑ මොකෝ උනුත් පිස්සු බල්ලොමනේ. ඈයි කතාවට කියන්නෙ බුරන බල්ලා සපා කන්නෙ නෑ කියලා අනේ නොදකින් මුන් ඉස්සෙල්ලා හපා කාලා ඒ මදිවාට තව උජාරුවට බුරන හෑටි විතරක් ........................................
බලු වරිගෙටම නින්දාවක් නේ මේ වහන්ගතේ.මෙහෙම ගියොත් අහිංසක මනුස්සයොන්ට මොනා වේවිද? දවස ගානෙ බල්ලො කාලා මෑරෙන්න ගියාම .....මිනිස්සු බල්ලො කන්නද...අනේ මන්දා....................................
දෑන් පාරෙ දඩාවතේ යන බල්ලො වෑහි වෑහෑලානෙ.බලු අයිතිවාසිකම් ගෑන කතා කරපු උන්නෑහේලාත් සද්ද නෑ .මොකක් හරි විස දුමක් දුන්නොත් හොදා.අර සයනයිඩ් පොලු ආයිත් අරන් පිස්සු බල්ලො ටික එන්නත් කොරොත් නරකෙයි.......................................
නෑතුව මෙහේ එකා උස්සන් ගිහින් වෙන කොහේ හරි අත ඈරලා මක් කොරන්නෙයි.අර කතාවට කියන්නා වගෙ කෑලෑව මාරු උනාට කොටියාගෙ පුල්ලි මාරු වෙන්නේ නෑතිවා වාගේ මුනුත් ආයි එහේ එවුන් කනවානෙ.මුන් පිස්සු බල්ලොනේ. පොලිශ් බල්ලොනෙ ..................
(සෑ.යු-මේ කතාව අදාල වන්නේ පිස්සු බල්ලන්ට පමණි)
පසුව පෞද්ගලික නාලිකා පමණක් නොව ඊට එරෙහිව දෝශාරෝපනය කල රජයේ මාධ්‍යද හරි හරියට මත විමසුම් සිදු කිරීම ,දක්ශයා තේරීම,රූප සුන්දරිය තෙරීම ,ගායකයා තේරීම වෙන එකක් තබා කිඹිහුමක් ගියත් ජනතාවට එස් .එම් .එස් ගෑසීමට ආරාධනා කලේ කොම්පෑණියට වෑටෙන මුදලින් කොටසක් ගරාගෑනීමට නොවේ නම් අහවල් දේකටදෑයි ඈසීමට කෑමෑත්තෙමි. බොහෝ විට මෙවෑනි මත විසදුම් සදහා ගසන පනිවිඩ වලින් රුපියල් දහයකට ආසන්න මුදලක් අය කීරීම සිදු වේ.එමෙන්ම සමහර මත විසදුම් වලදි වලංගු වන්නේ අහවල් කොම්පෑණියෙන් ගහන පනිවුඩ පමණි.නමුත් දුප්පත් මනුස්සයා මේ බව දන්නේ නෑත.ඔහු අනේ මම අර ගායකයාට චන්දේ දුන්නානෙ යයි සිතමින් මානසික තෘප්තියක් ලබමින් නින්දට යයි.අනේ පසුවදා පනිවිඩය වෙනුවෙන් මුදල් කෑපුනත් දුන් මනාපයක් නම් නෑත. අනෙක් කාරණය නම් ශෝචනීයය.ඕනෑම දුරකතනයකින් ඕනෑම මනාප ප්‍රමාණයක් එවිය හෑක. ඔන්න දක්ශයාගේ තරම...... මෙමගින් නිවරදි විනිශ්චයක් ලබා ගන්නේ කෙසේද?ඒ අනුව එක් පුද්ගලයෙකුගේ ජන්ගම දුරකතනයේ මුදල් ඉවර වෙනතුරු ,පසුගෙවුම් නම් රිසිසේ මනාපය පල කල හෑක.සල්ලි තිබේ නම් නොනවතින එස්.එම්.එස් මනාප ගංගාවක් ලබා දුන්නත්ගෑටලුවක් නොවේ.ජන මාධ්‍ය ආයතනය හා දුරකථන සමාගම් එක්ව ටොකු අනින්නේ තමන්ගේම සේවය ලබාගන්නා දුප්පත් ජනතාවටම වීම කනගාටුවට කරුනකි. කතාවේ මුල් සිදුවීමද මේ හා සම්බන්දවූ අතුරුපලයකි.එහි කතා නායකයා සහ නෑගනිය මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වෙන තරගයක තරග කරුවන්ය...දුශ්කර පලාතක සිට තරගයට සම්බන්දවූ ශක්තිමත් දක්ශ තරුණයෙකි. "දුශ්කර ගම් පියසක උපත ලද මා ......තරගයට සහභාගි වන අතර අනෙක් පුද්ගලයන් මෙන් එස්.එම්.එස් ගසා ගෑසීමට මා හට මුදල් නොමෑති අතර ඔබගේ දුරකතනයෙන් අඩුම වශයෙන් එස්.එම්.එස් අටක්වත් ගසා මා ගේ ජයග්‍රහනය වෙනුවෙන් දායක වෙනු මෑනවි" මේ ඔහුගේ කෙටි පත්‍රිකාවේ තිබූ පනිවිඩයයි. ජංගම දුරකතන සමාගම හෝ තරග සෑලසුම් කරන්නාවූ මාධ්‍ය ආයතනය හෝ මේ තරග සදහා ඉදිරිපත් වන තරගකරුවන් හෝ අවසානයේ මෙවා නරඹන අප ??? මොවුන් මේ තත්වයට පත් කල යුතුද,පත් විය යුතුද...... සෑබෑ දක්ශයා සොයා අත දී නෑගිටුවාලීම පසෙක තබා ඔවුන් හරහා වෑඩසටහන් ජනප්‍රිය කොට එස් .එම්.එස් හරහා හම්බ කරගෙන පස්සා දොරෙන් පල නොකියා පලා බෙදිම කෙතරම් දුරකට සදාචාරාත්මකද?
Copyright © 2011 - NUWAN's .COM - Using Blogger
Illacrimo - Design by Design Disease
- Blogger Templates by Blog and Web