කිරි අල. අපි කවුරුත් අහලා තියෙනවානේ.පොල් කිරි එහෙම දාලා හොදවායින් රසවත් හොද්දක් හදා ගන්න පුලුවන්.ගොඩ දෙනෙක්ගේ ගෙවත්තෙත් කිරි අල පෑලයක් දෙකක් නම් හොයාගන්න අපහසු වෙන්නෙත් නෑ.ඉතින් මේ කියන්න හදන්නේ හොද ආදායමක් ගන්න පුලුවන් විදියට කිරි අල වගාවක් කරන විදියක් ගෑන.
අතුරු භෝගයක් විදියට වගා කරන්න පුලුවන් වීම,ඒ වගේම රෝග හා පලිභෝද හානි අවම වීම ,හා ගොවි මහත්මයට අමතර ආදායමක් ගන්න පුලුවන් වගාවක් විදියටත් ජනප්‍රිය වීම නිසාම දෑන් දෑන් මේ වගාව ගෑන ලොකු උනන්දුවක් ඈති වෙලා තියෙනවා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ,විශේෂයෙන් බෙරලිහෙල කොටසේත් මහා පරිමාණ වගා දක්වා කිරි අල වගාව මේ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා.
අනිත් වාසිය විදියට මම දකින්නේ අනිත් එළවලු ,හා වගාවන් එක්ක සංසංදනය කරලා බලද්දි කිරි අල වල මිල විචලනය ගොඩාක් අඩුයි.වසර පුරාම වගේ තොග මිල රු35 උඩ තියෙනවා.පොලෙන් ගන්න ගියොත් ග්‍රෑම් 250 අඩුම ගානෙ රුපියල් 20-25 වෙනවා.
හරි දේශගුණේ ගෑන කතා කලොත් තෙත් හා වියලි කලාප දෙකේම කිසිම ගෑටලුවක් නෑතිව වගාව කරන්න පුලුවන්.ඒ වගේම මේක කන්න භෝගයක් නොවන නිසා ජල පහසුකම තියෙනවා නම් ඕනෑම කාලයක වගා කරන්නත් පුලුවන්.ඒ වගේම කෙසෙල් හා පොල් වගාව තුල කරන්න පුලුවන් ඉතාම යෝග්‍ය අතුරු භෝගයක් විදියටත් කිරි අල වගාව හදුන්වා දෙන්න පුලුවන්.
"ඉසුරු" කියන්නේ කෘශිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරපු අලුත්ම කිරිඅල ප්‍රභේදය.ඉතින් මේ වර්ගය වගා කිරීම තුල ඉහලම අස්වෑන්නකට යන්න පුලුවන්.
අඩි2*2*2 වලවල් පේලි හා පෑල අතර පරතරය මීටර් 2 ට සකස් කරගෙන පොල් ලෙලි,හොදට දිරාපු කාබනික පොහොර,නෑත්නම් දිරාපු ගොම භාවිතා කරලා වලවල් පුරවා ගෑනීම සිදු කරලා පෑල සිටුවීම තමයි වඩාත්ම සාර්ථක ක්‍රමය.
ඒ වගේම පෑල කුඩා කාලයේ වල් මර්ධනය නම් අනිවාර්යයෙන්ම කල යුතුමයි.ඒ වගේම පෑලයට පස් ලං කිරීමත් ඒ සමගම කල යුතුයි.
හෑබෑයි අස්වෑන්න ගන්න නම් මාස 07-08 වගේ යනවා.අස්වෑන්න ගන්න කිට්ටු වෙනකොට පත්‍ර හටගන්න වේගය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා.ඒ වගේම පත්‍ර කුඩා වීම දකින්න පුලුවන්.
ඈත්තටම මම මේ ගෑන සදහන් කලේ මේ වගාව ගෑන තවම ගොඩාක් දෙනෙක් හරි හෑටි දෑනුවත් වෙලා නෑති නිසා.මේ සම්බන්දව තොරතුරුත් හොයාගන්න ටිකක් අපහසුයි. අනෙක් දේ තමයි ලොකු ඉඩක් යන්නේ නෑති නිසා තමන්ගේ ගෙදර උනත් පෑලයක් දෙකක් හිටවාගෙන තමන්ගේ ආහාර වේලට එක් කර ගෑනිමත් එක්කම ලොකු මානසික තෘප්තියක් ලබාගන්න පුලුවන්.තවත් දෙයක් තමයි අපේ කාර්ය බහුලත්වය එක්ක උනත් ලොකු අවධානයකින් තොරව උනත් වගා කරන්න පුලුවන් වීම වාසියක්.
ඔන්න මේ චායාරූපය මගේ කොටසේ ජෝතියදාස කියන මහත්මයගෙ කරන කිරි අල වගාවෙන් ගත්තේ.කෙසෙල් වගාවත් එක්කම තමා කිරිඅල දාලා තියෙන්නේ. හොද අදායමකුත් මේකෙන් ගත්තා.
ඔයාලටත් උත්සාහ කරල බලන්න පුලුවන්.
