.


Showing posts with label ඩ්‍රෑගන් ෆෘට් වගාව. Show all posts
Showing posts with label ඩ්‍රෑගන් ෆෘට් වගාව. Show all posts

"අපි සෝයා බෝංචි වගා කරමු- 2" හා " විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රිලංකාවේ වගා කරමු "(පසු විපරමක්)


ඉතින් යාලුවනේ මේ දවස් වල දිගටම වගේ ක්ශේත්‍රයේ රාජකාරි කටයුතු වෙනුවෙන් තමයි කාලය වෑඩිපුර මිඩංගු කලේ.ඒ හින්දාම ලිපියක් වත් දාන්න ඉඩක් ලෑබුනේ නෑ නේ. ඒකට කමක් නෑ.කට්ටියට මතකද මම මිට කලින් ලිපියක කිව්වා අපේ කොටසේ සෝයා බෝංචි වගා කරපු හෑටි.ම්ම් මතක නෑ වගේ නම් මෙන්න මෙතනින් ආයෙත් මතක් කර ගන්න පුලුවන් ඔයාලට...

ඉතින් මේ පහලින් තියෙන පිංතූර ට්ක බලන්නකෝ.මොකද හිතෙන්නේ ඔයාලට .ඔන්න අපි සෝයා වගාවේ අස්වනු නෙලලා අවසන් කලා.අපි කිව්වට අපේ කොටසේ ගොවි මහත්වරු හොදේ.


අක්කරේකින් 400 -500kg අතරේ සාමාන්‍ය අස්වෑන්නක් තමයි ලබාගන්න පුලුවන් උනේ.ඒකට හේතු විදියට මම දෑක්කේ අපි තෝරාගත්තු කාලය සහ වගාවට අවශ්‍ය වෙච්චි ජලය ප්‍රමානය සපයා ගෑනීමේ අපහසුවත් එක්ක ඈති උන ගෑටලුව.අපි වගාව සදහා තෝරා ගත්තේ එහෙම නෑත්නම් වෑඩසටහන ආවේ කලේ යල කන්නයේ. ඉතින් අපේ යාලුවො දන්නවනේ යලේ වියලි කලාපෙ තියෙන පෑවුමේ හෑටි.අපිට තේරුන විදියට මාස් කන්නේ වගාව කලා නම් මේ ගෑටලුව මග හරවා ගන්න තිබුනා.

කොහොම හරි අලුතෙන්ම කල සෝයා බෝංචි වගාව ඒ පිලිබදව අත් දෑකීමක් නොතිබුනු අපිටත් අපේ ගොවි මහත්වරුන්ටත් නව දෑනුමක් ලබා ගන්න උදව් උනා කිව්වොත් මා නිවෑරදියි. මේ වෙන කොට ඒ අස්වනු අලෙවි කරන්නත් අපි අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ සදහා මා කලින් සදහන් කරපු ආකාරයටම සමපෝශ ආයතනය සම්බන්ද වෙලා අපිත් එක්ක.

හරි ඔන්න යාලුවනේ මම පොරොන්දු උන විදියටම සෝයා වගාවේ තොරතුරු ඔයාලට ඔන්න කිව්වා.දෑන් මේ කියන්න හදන්නේ ආයෙමත් පෑරණි ලිපියක අලුත් තත්වයක් ගෑන. මතකද ඔයාලට මේ ලිපිය

විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රි ලංකාවේ වගා කරමු.

මේ එදා මම සටහන තෑබුවෙ ඩ්‍රෑගන් ෆෘට් වගාව ගෑන.
ඒ ලිපිය මෙතනින් බලන්න පුලුවන්.
දෑන් මේ පහලින් තියෙන පිංතූරේ බලන්නකෝ.

මේ කරුනාවතී ඈය මගේ කොටසේ ඉන්න ගොවි කාන්තා සාමාජිකාවක්.ඈයත් ඒ කාලෙ අපේ උපදෙස් වලට අනුව මේ වගාව කරන්න යොමු උනා.දෑන් ඉතින් ඒවයේ ප්‍රථිඵල ඈයත් ඒ වා දිහා බලලා අවංක සතුටක් අපිත් භුක්ති විදිනවා .
ඉතින් යාලුවනේ අපි තවත් වගාවකුත් අලුතෙන්ම කොටසේ ගොවි මහත්වරුන්ට හදුන්වලා දුන්නා .සුපුරුදු විදියට ඊලග ලිපියෙන් ඒ ගෑනත් ඔයාලට විස්තර කියන්නම් .එහෙනම් ගිහින් එන්නම් සුභම සුභ සති අන්තයක් .

විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රි ලංකාවේ වගා කරමු. [තවත් තොරතුරු සහ චායාරූප සමගින්]




අවුරුදුත් ලග ලගම එනවානේ.අපේ යාලුවොත් ඉතින් මේ දවස් වල කාර්ය බහුල වෙලා ඈති නේද.ගොඩ දෙනෙක් ට නම් මේ දින කීපය නිවාඩුනේ.ඉතින් අපිටත් නිවාඩු ලෑබුනා.එත් ඉතින් ඔන්න ඊයෙ ඉදන්ම වහිනවා හොදටම.
කමක් නෑ අද ටවුන් එක පෑත්තේ ගියා පෝය දවස කියලා නෑ පුදුම සෙනගක් හිටියේ.වෙනදා පාලුවට ගිය කඩවල් වල එහෙමත් කට කපලා.පාරට බයිසිකලයක්වත් දාන්න ඉඩක් නම් නෑ.හෑබෑයි වෙනදා නගරය පුරාම වයර් ඈදලා කෑ ගහපු ශබ්ද විකාශන යන්ත්‍ර නම් නිහඩ වෙලා.ඒක නිසා ගාලගෝට්ටිය නම් ටිකක් අඩුයි වගේ.හෑබෑයි මේ දවස් වල සාප්පුසවාරි යන අතරෙ තමන්ගෙ ආරක්ශාව ගෑනත් සෑලකිලිමත් විම නම් අනිවාර්යයෙන්ම වෑදගත්.කියන්න අමාරුයිනේ.
මකර පලතුර ගෑන තව විස්තර ටිකකුත් තියෙනවා.අපේ සේවා සංස්කරන ආයතනයේ වගාවෙන් ගත්තු තව චායාරුප කීපයකුත් මේකට ඈතුල්කලා ඒවත් බලන්නකෝ.එවායින් වගා කරන විදිය ගෑන අදහසක් ගන්න පුලුවන් වෙවි ඔයාලට.ඈත්තටම මේ වගාවට රෝග හා පලිබෝද වලින් නම් සිදුවන්නේ අවම හානියක්.ඒක නිසා කෘශි රසායනික වලින් තොරවම වගේ සාර්තක වගාවක් පවත්වගෙන යන්න පුලුවන්.ඈත්තටම අපේ ක්ශේත්‍රයේ ස්තාපනය කරපු වගාවට නම් මේ වෙනකන් කෘශි රසායන යොදන්න උනේ නෑ. තව දෙයක් මේවයේ පෑල ලබාගන්න පුලුවන් කොහෙන්ද කියලා ගොඩ දෙනෙක් අහලා තිබුනා.වීරවිල දිස්ත්‍රික් පුහුනු මධ්යස්තානයෙන් මේ පෑල පහසුවෙන් මිලදි ගන්න පුලුවන්.සමහරක් අය රු 500/1000 ටත් මේ පෑල කොලබ පෑත්තෙ විකිනුවා කියලා ආරංචි උනා ඒ වගෙ අයටනම් රෑවටෙන්න එපා කියලත් කියන්නම ඕන.මොකද මේ පෑල බොහෝම සරලව හදා ගන්න පුලුවන් නිසා.ගෙවත්තේ උනත් අපිට මේ පෑලයක් සාර්තකව වගා කරගන්න පුලුවන්.ඒ සම්බන්දව මොනවා හරි ගෑටලුවක් තියෙනවානම් විද්යුත් තෑපෑලක් දාන්න.අනිවාර්යෙන්ම මම උදව් කරන්නම්.
මේ පලතුර රසවත් බීමක් ලෙසත් ආහාරයට ගන්න පුලුවන් කියලා අපේ සහෝදර නිලදාරි මහත්මයෙක් කිව්වා.ඒක කන එකට වඩා නම් රසවත්ලු.මොකද එයා දන්නවා මම මේව ට එතරම්ම ප්‍රියමනාප නෑ කියලා..... බිම ටිකක්වත් හදලා බීලා බලමුකෝ..
කලින් ලිපිය බලන්න.

විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රි ලංකාවේ වගා කරමු.


මේ දවස් වල ගොඩ දෙනෙක් කතා කරන පලතුරක් විදියට මකර පලතුර හෙවත් ...dragon fruit හදුන්වලා දෙන්න පුලුවන්.හෑබෑයි වර්තමානයේ මේ පලතුර කරලියට ආවට මේක ලංකාවට හදුන්වලා දීලා නම් වසර කීපයක්ම වෙනවා.මේක අපේ රටේ පලතුරක් නම් නොවෙයි.සම්බවය උනු රට විදියට සලකන්නේ දකුනු ඈමරිකාව.අපේ රටේ ආර්තික බෝගයක් විදියට වගා නොකලාට තායිලන්තය,මෑලේශියාව, ඊශ්‍රායලය වගේ රටවල මේ පලතුර ආර්තික බෝගයක් විදියට වගා කරනවා.හෑබෑයි දෑන් ලංකාවෙත් මේ පලතුර ක්‍රමයෙන් ව්යාප්ත වේ ගෙන යනවා.පහත රට තෙත් කලාපය, අතරමෑදි කලාපය වගේම ජල සම්පාදනය යටතේ වියලි කලාපයේත් මේ පලතුර වගා කරන්න පුලුවන්.කොටින්ම ගත්තොත් මේක පතොක් කුලයේ ශාකයක්.පෙනුමත් පතොක් වගේම තමයි.මේකෙත් ප්‍රබේද කීපයක් තියෙනවා.ගෙඩියේ පොත්ත රතු පාට හා මදය සුදු පාට වර්ගය,පොත්ත කහ පාට හා මදය සුදු පාට වර්ගය,ඒ වගේම පොත්ත හා මදය රතු පාට වර්ගය විදියට .හෑබෑයි මේවයිනුත් වෑඩි ඉල්ලුමක් තියෙන්නේ රතු පොත්ත හා සුදු පාට මදය තියෙන වර්ගයට.ලංකාවේ නම් මේ පලතුර 1kg රු300-350 වගේ මිලකට අලෙවි කිරිමේ හෑකියාව තියෙනවා.මේ පලතුර ගොඩාක්ම වෑදගත් වෙන්නේ හොද ඔසුවක් විදියට.විශේශයෙන්ම දියවෑඩියාවට,අධි රුධිර පීඩනයට,කොලස්ට්‍රෝල් වලට ගොඩක්ම ගුන දායක බව සදහන් වෙනවා.අපෙත් සෙවාසංස්කරන ආයතනේ මේ පලතුර තියෙනවා.හෑබෑයි මට නම් මේ පලතුර රසවත්ම නම් නෑ.මේවා සිටුවිය යුත්තේ 2m*2m පරතරයට අඩි 2*2*2* ප්‍රමානයේ වලක් සකස් කරලා.වලට කාබනික පොහොර එකතු කරන්න පුලුවන්නම් ගොඩාක්ම හොදයි.පතොක් කුලයෙ ගහක් නිසා අනිවාර්යෙන්ම මේකට ස්තිර අඩාරකයක් ඕන වෙනවා.මේ සදහා වඩාත්ම ගෑලපෙන්නේ 2 mකොන්ක්‍රිට් කනුවක්.පලු වගේ ශක්තිමත් අරටුවක් තියෙන කදක් උනත් යොදා ගන්න පුලුවන් ආධාරකය විදියට.සාර්තකව වගාව පවත්වා ගත්තොත් මෑයි- නොවෑ කාලවල මල් පිපීම සිදු වෙලා අස්වනු ලබා ගන්න පුලුවන්.මල් පිපිලා දින 30-35 වත් යනවා ගෙඩි මෝරන්න.ඉතින් මටත් හිතුනා මේ වගවෙන් ආදර්ශන කීපයක් මගේ කොටසෙත් කරන්න.ඒ අනුව අලුත් දෙවල් වලට උනන්දුව තියෙන ගොවි මහත්වරු 10 දෙනෙක් තෝර ගෙන පෑල 20 ගානෙ වගා කලා,පුහුනු පංති එහෙම තියලා.ඉතින් මේ පොටෝ වල තියෙන්නේ ඒ එක ගොවි මහත්මයෙක්ගෙ වගාව.ඉතින් ඔයාලටත් අසාවක් තියෙනවානම් ගෙවතු මට්ටමෙන් උනත් එක පෑලයක් දෙකක් හදා ගන්න පුලුවන්.

Related Posts Plugin for WordPress, Blogger...