.


Showing posts with label භෝග සායනය. Show all posts
Showing posts with label භෝග සායනය. Show all posts

භෝග සායනය


ඔන්න අපිත් අලුත් වෑඩක් කලා පහුගිය සතියෙ සදුදා,මේක සායනයක්.හෑබෑයි අපේ ලෙඩ වලට බෙහෙත් දෙන සායනයක් නෙමෙයි.මේක අපේ ගොවි මහත්වරුන්ගේ වගා ලෙඩ උනාම ඒවයේ ගෑටලු ඈති උනහම ඈවිල්ලා ඒවා නිරාකරනය කොරගන්න උදව් වෙන,එහෙම නෑත්නම් බෙහෙත් වර්ග නියම කරන භෝග සායනයක්.

මේක තමා අපේ දෙපාර්තමේන්තුවේ අලුත්ම වෑඩසටහන.නමින් කිව්වොත් කෘශි භෝග සායනය.ඉතින් මේකේ අපේ කලාපෙ පලමුවෙනි වෑඩසටහන හා හා පුරා කියලා මගේ කොටසේ ගම්මානයක් තෝරගෙන තමයි පෑවෑත්වුයේ.බොහොම සාර්ථකව අපිට වෑඩේ කරගන්න පුලුවන් උනා.
ඉතින් වෑඩසටහන පවත්වන දවස ස්ථානය වේලාව වගේ දේවල් පිලිබදව අපි අපේ ගොවි මහත්වරු කලින්ම දෑනුවත් කලා.අපි මේකට පොඩි විස්තර පත්‍රිකාවක් තමයි භාවිතා කලේ .ඊට අමතරව අපේ ඔය පුහුණු වෑඩසටහන් වලදි එහෙම මේකට සහභාගී වෙන්න කියලා ගොවි මහත්වරු දෑනුවත් කලා.
අපේ ගොවි පියෙක් පෑමිණ සිටින සියලුම දෙනා පංච සීලය සමාදම් කිරීමෙන් අනතුරුව වෑඩසටහන උදේ 9.30 වෙද්දි පටන් ගත්තා.ඉතින් මේ අපේ කෘශි භෝග සායනයට ලොකු පිරිසක් සහභාගී උනා.ගනනින් කිවෝතින් හරියටම එකසිය විස්සක්.උදේ වෙද්දිම ගොඩ දෙනෙක් බොහොම උනන්දුවෙන් සභාගී වීම විශේශත්වයක්.
මේකෙදි අපි විශේෂ සේවාවන් කීපයක්ම ගොවි මහත්වරුන්ට ලබා දුන්නා .හදුනා නොගත් වගා ගෑටලු
හා ඒවායේ සාම්පල්කෙලින්ම අපේ පර්යේෂණ ආයතනවල නිලධාරීන්ට යොමු කරලා ඔවුන් එක්ක සාකච්චා කරලා විසදුම් ලබා ගෑනීමට ඉඩ ලෑබීම ලොකු වාසියක් උනා.
ඒ වගේම වගා තොට්‍රතුරු තියෙන විස්තර පත්‍රික ගොවීන්ට ලබා දීමත් ඔවුන්ගේ වගා බිමේ පස් සාම්පලයක් පරික්ශා කරලා දෙන්නත් අපිට මේ සායනයෙදි අවස්ථාව ලෑබුනා.
අපේ භෝග සායනයට ආපු ගොවි මහත්වරුන්ට පුන්චි සංග්‍රහයක් කරන්නත් අපිට ඉඩ ලෑබුනේ සී.අයි.සී සමාගම ලබාදුන්නු අනුග්‍රාහකත්වය යටතේ.ඉතින් දහවල් දෙක විතර වෙද්දි බොහෝම සාර්තක කෘෂි භෝග සායනයක් පවත්වලා අවසන් කරලා අපේ ගොවින්ට යම් දෑනුමක් ප්‍රයෝජනයක් ලබා දුන්නා කියලා අපේ කංඩායමම තෘප්තිමත් උනා කියලා මේ සටහන නිමා කරන්නම්.

Related Posts Plugin for WordPress, Blogger...