.


සිටුවීමට වඩාත්ම සුදුසු කෙසෙල් පෑලේ තෝරාගන්නේ මෙහෙමයි...


ඔන්න යාලුවනේ අද මේ කියන්න යන්නේ කෙසෙල් ගෑන කතාවක්.අපි කාටත්ම වගේ වෑදගත් දෙයක් වේවි කියලා හිතුන නිසා මේ ගෑන කට්ටිය දෑනුවත් කරන්න ඕන කියලා හිතුනා.ලග පාතක කෙසෙල් පදුරක් එහෙම තියෙනවා නම් ඉස්සෙල්ලාම ගිහින් හොදට ඒක නිරීක්ශනය කරලා බලන්නකෝ....හරි මොකද හිතෙන්නේ.ලොකු කෙසෙල් ගස් එක්ක කුඩා පෑලත් අනිවාර්යෙන්ම ඒකෙ ඈති.හරි අපිට වෑදගත් වෙන්නේ සිටුවන්න ගන්න පෑල නේ.ඉතින් ලොකු පිරුන පත්‍ර තියෙන පෑල ඈති,එතකොට කුඩා උලක් හෑඩයට පත්‍ර පිහිටලා තියෙන පෑල ඈති.හොදයි මේ පෑල අතරින් හිටුවන්න හොද පෑලේ තෝරන්න කිව්වෝතින් මොකද්ද ඔබ තෝර ගන්නේ.?ගෑටලුවක්.මම පොඩි කාලෙදි නම් තෝරා ගත්තේ අර ලොකු පිරුන කොල තියෙන පෑලයක් තමයි.හරි කල්පනා කරන්න ඕන නෑ.මේ පහලින් තියෙන පෑලේ එහෙම නෑත්නම් මොරෙයියා දිහා හොදට බලන්නකෝ.

මෙයාව අපි හදුන්වන්නේ "කඩුපත් මොරෙයියා" කියලා හදුන ගන්න හරි ලේසියි.පත්‍රය කඩුවක් වගේ සිහින්ව උල්ව තමයි පිහිටලා තියෙන්නේ.කද දිහා බලන්නකෝ උඩ කොටස හීන් වෙලා පහලට යද්දී කද මහත් වෙලා හරියට කේතු ආකාරයේ ස්වභාවයක් තමයි දකින්න ලෑබෙන්නේ.මේ කඩුපත් මොරෙයියාගේ රයිසෝමය එහෙම නෑත්නම් දන්න විදියට අලේ ප්‍රමාණය විශාලවයි පිහිටලා තියෙන්නේ.පෑලේ ප්‍රමාණය නම් සාපේක්ශව කුඩායි.දෑන් කට්ටියට කඩුපත් මොරෙයියා වෙන් කරලා හදුනගන්න අපහසු වෙන එකක් නෑ.ඔන්න යාලුවනේ කෙසෙල් පෑලයක් හිටුවන්න ගන්නවා නම් ඔන්න ඉස්තරම්ම මොරෙයියා තමයි මේ සදහන් කරපු කඩුපත් මොරෙයියා .ඒකට හේතුව තමයි මෙයාගේ වර්ධන වේගය ඉතාම ඉහලයි.සාමාන්‍යයෙන් සිටුවලා මාස 10 -12 වගේ යද්දි අපිට හොද ප්‍රමාණයේ කෙසෙල් කෑනක් මෙයාගෙන් ගන්න පුලුවන්.
දෑන් මේ පහලින් තියෙන පෑලේ නෑත්නම් මොරෙයියා දිහා බලන්නකෝ.ඔයගොල්ලො අනිවාර්යෙන් දෑකලා ඈති.

මෙයාව අපි හදුන්වන්නේ "ජල මොරෙයියා" නෑත්නම් දියපත් මොරෙයියා කියලා.පත්‍ර හෑඩය ගත්තොත් පලල් මෝරපු ගහක කොලේක හෑඩයට සමානයි.හෑබෑයි ඊට වඩා ප්‍රමාණයෙන් කුඩායි.කදේ ස්වභාවය සිලින්ඩරාකාරයි.උඩයි යටයි විශ්කම්බයේ ලොකුවෙනසක් දකින්න නෑ.රයිසෝමය,අලේ ඉතාම කුඩායි කොටින්ම නෑ වගේ.හෑබෑයි මෙයා කඩුපත් මොරෙයියාට සාපේක්ශව ලොකුවට ඉන්න නිසා ගොඩ දෙනෙක් රෑවටිලා ඉක්මනට කෑනක් ගන්න කියලා හිතාගෙන මෙයාව හිටවගන්නවා.
බලාපොරොත්තුව ඉශ්ට වෙයිද?
අනේ නෑ .ලොකුවට හිටියාට මෙයාගේ වර්ධන සීඝ්‍රතාවය ඉතාම අඩුයි.කෑනක් එන්න සෑහෙන්න කාලයක් යනවා දළ වශයෙන් ගත්තෝතින් මාස 15 විතර ....ලේසි නෑ නේද?ඔන්න ඒක නිසා මේ දියපත් මොරෙයියන් සාමාන්‍යයෙන් සිටුවීමට ගන්න නිර්දේශ කරන්නේ නෑ
මේ මොරෙයියන් දෙවර්ගය ඈරුනාම කෙසෙල් පදුරක තවත් මොරෙයියන් කාංඩයක් ඉන්නවා.එයා මන් මේ කලින් සදන් කරපු වර්ග දෙකේ අතරමෑදි ලක්ශන තමයි පෙන්නුම් කොරන්නේ.එයාව නම් කරලා තියෙන්නේ" කන්‍යා මොරෙයියා" කියලා .එහෙම නම් කලේ මොකද කියලා නම් මාත් දන්නේ නම් නෑ.ඒත් මෙයා කඩුපත් මොරෙයියා තරම්ම හොදත් නෑ.ඒ වගේම දියපත් මොරෙයියා තරම්ම නරකත් නෑ.කෑනක් ගන්න කඩුපත් වලට වඩා වෑඩි දියපත් වලට වඩා අඩු කාලයක් ගතවෙන නිසාත් පෑල විසාල ප්‍රමානයක් හිටවන්න ඕන වෙන නිසාත් මෙයාවත් සිටුවන්න සුදුසු ලයිස්තුවට දාලා තියෙනවා
ඔන්න යාලුවනේ මීට පස්සෙ නම් හරි පෑලේ තෝරගන්න හෑටි ඔයාලට අමතක වෙන එකක් නෑ.ඉතින් සුභම සුභ සති අන්තයක් ඔබට,ගිහින් එන්නම්

Srilanka telecom and Mobitel DNS SERVER error

මොබිටෙල් අවුලක්!

ඊයේ රාත්‍රී 11 පමණ සිට මොබිටෙල් අන්තර්ජංජාලය පිස්සු නටන්නට පටන් ගෙන ඈත.බ්ලොගර් වල බ්ලොගය ඈති වෙනත් ඩොමේන භාවිතා කරන කිසිදු බ්ලොග් හෝ වෙබ් අඩවියකට මොබිටෙල් සම්බන්දතාවයක් මගින් යෑමට නොහෑකිය. මාගේ මේ බ්ලොග් අඩවියට ඈතුලු වීමට උත්සාහ කලත් 101 පනිවුඩයක් මගින් මෙසේ දිස් වේ.
Error 101 (net::ERR_CONNECTION_RESET): Unknown error.
මා ඒ අව්ස්ථාවේ තවත් එවෑනිම අඩවි කීපයකට යාමට උත්සාහ කලත් තත්වය එලෙසම විය.දෑන් වේලාව උදේ 11 පසුව ඈත . නිවෑරදි කර නොමෑත.එසේමය.උදේපාරිභොගික සේවය ඈමතුවෙමි.ඔවුන් කිව්වේ තමන්ගේ කිසිදු අවුලක් නෑති බවයි.බ්ලොග් එකේ වරදක් ඈතෑයි පෑවසීය.අනේ අපොයි.මගේ යාලුවෙක් ඩයලොග් වලින් කිසි අවුලක් නෑතුව බ්ලොග් එකට යන්න පුලුවන් බව පෑවසිය.මමත් ඒ පාර මගේ ඩයලොග් සිම් එක දමා බෑලුවෙමි.එය වෑඩය.මෙය ඉක්මනට නිවරදි කරත්වා.අනේ මොබිටෙල් අපට දෙවියන්ගෙම පිහිටයි!
මේ හේතුව නිසාම ගොසිප්ලන්කා බ්ලොගය ඔවුන්ගේ www.gossiplankanews.com ඩොමේනය ඉවත් කොට නෑවත බ්ලොග්ස්පොට් ලිපිනය භාවිතා කොට ඈති බවද පෙනුනි.ඔවුන් මෙසේ වාර්ථා කොට ඈත
ගොසිප්ලංකා නිව්ස් වෙබ් අඩවියට අද උදෑසන සිට ටෙලිකොම් සර්වරය ඔස්සේ නෑරබීමට භාදා එල්ලවී ඈති බව වාර්තා වේ!
මේ ජංජාලය ගෑන කියා තව දුරටත් කාලය කා දෑමිමත් මෝඩ කමක් නිසා මේ පිලිබදව ඔබව දෑනුවත් කර මට නොපෙනෙන මගේ බ්ලොගයට මෙය තෑපෑල් කොට නවතිමි (නුවන්) පසු සටහන ටෙලිකොම්/මොබිටෙල් අවුල විසදා ඈත.දෑන් ටෙලිකොම් මොබිටෙල් වලින් නෑවතත් සුපුරුදු ලෙස කස්ටම් ඩොමේන වෙත යන මාර්ගය විවර කොට ඈත.පෑමිනිලි03-පිළිතුරු නෑත.පාරිභෝගික සේවයට අනුව ඔවුන්ගේ ගෑටලුවක්ද තිබී නෑත, ගෑටලුව ආරම්භය-2010/07/16 ප.ව11.00නිවරදි කිරීම-07/18 ප.ව5.00

Related Posts Plugin for WordPress, Blogger...