සුන්දර දෙදියගල
ඔන්න යාලුවනේ අද මේ කියන්න හදන්නෙත් අපේ අකුරෑස්ස නගරය කිට්ටුව තියෙන අපිත් ඉදලා හිටලා යාලුවෝ කට්ටිය ත් එක්ක බලන්න යන තවත් සුන්දර බොහොම නිදහස් තෑනක් ගෑන තමයි.නමින් කිව්වොත් දෙදියගල කියලා තමයි හදුන්වන්නේ මේ තෑන.මමත් මුලින්ම මෙතෙන්ට ගියේ අපේ ඉස්කෝලෙට ඒ පෑත්තෙන් සෙට් වෙච්ච යාලුවො ටිකක් එක්ක ගිහිල්ලා.කොහොමහරි එදා මෙදා තුර දහ දොලොස් වතාවකට වෑඩියෙන් දෑන් ඔන්න මමත් දෙදියගල ගිහින් තියෙනවා.......

අන්තිම වතාවට ඔන්න ඒ ඉසව්වට ගියේ මේ වෑඩි ඈතක එහෙම නම් නෙමෙයි මේ වෙසක් පෝය දවසේ .....ඒකිව්වෙ ඊයේ උදේ....ඉතින් ඒ හින්දම මේ ගෑන නොදන්න අපේ යාලුවොත් එක්කත් ඒ තොරතුරු බෙදා ගන්න හිතුනා......
දෙදියගල කියන නම අපිට ඒ තරම් නුපුරුදු වචනයක් නෙමෙයිනේ.අපි සාමාන්‍ය පෙල කරන කාලේ සමාජ අධ්‍යනය විශයෙදි දකුණු පලාතේ තියෙන රක්ශිත වනාන්තරයක් විදියට දෙදියගල ගෑන කතා කලා සමහරවිට මතක ඈති.ඉතින් ආන්න ඒ කිට්ටුවම තියෙන සුන්දර ස්ථානයක් තමයි මේ චායාරූපයෙන් දෑක්වෙන්නේ....
පවුලේ කට්ටියට විවේකී දවසෙ ගිහින් වතුර ටිකක් එහෙම නාලා පොඩි වෙනසක් ගන්න පුලුවන් බොහොම නිසල පරිසරයක් අත් විදින්න පුලුවන් දෙදියගල පෑත්තට ගියෝතින්....
හරි යන විදිය කියන්නම්.....මුලින්ම අකුරෑස්ස ටවුන් එකට යන්න ඕන..මෙහේට අකුරෑස්සේ ඉදන් වෑඩි දුරක් නෑ...අකුරෑස්සෙන් දෙදියගල කියලා බස් පටන් ගන්නවා ආන්න එයින් එකක ගොඩවෙලා විනාඩි 30-40 කින් මෙතනින් බහින්න පුලුවන් ....
යන පාරනම් ඉති ටිකක් සවුත්තුයි හොදේ....අලි නාවන වලවල් එහෙම තියෙනවා.ඒකයි ටිකක් වෙලා යන්නේ....
මේ පේනවනේ හෑටි
මෙතනින් කිව්වාට පාරෙ ඉදන් වම් පෑත්තට මීටර් 100 විතර ගියාම ඔන්න මෙතෙන්ට යන්න පුලුවන්.......මේ තියෙන්නේ ඒ අඩි පාර තමයි.වාහන නම් පාරේ දාලා යන්න වෙනවා.... 
ඉතින් ඔන්න මේ දවස් වල නම් වතුර ටිකක් සෑර වෑඩියි.මොකද උඩහට වහිනවානේ.ඒ වගේම තව දෙයක් මෙතන ජීවිත කීපයක්ම නෑති වෙලා තියෙනවා අපේ යන කට්ටියගේ නොසෑලකිල්ල නිසාම ,....මත් පෑන් එහෙම පානය කරලා ගොඩදෙනෙක් මෙතන නාන්න ගිහින් තමයි ඒ විදියට ජීවිත ගොඩක්ම අහිමි වෙලා තියෙන්නේ.ඉතින් අන්න ඒ ගෑනත් වෑඩි අවධානයක් යොමු කරලා නිදහසේ බොහොම තෘප්තිමත් වෙන්න පුලුවන් මෙතෙන්ට ගියෝතින්..
ඉතින් ඔන්න කෙටියෙන්ම කිව්වා.මේ පෑත්තේම තියෙන තවත් සුන්දර මතකයක් පිලිබදව ඈතාමළ ඈල්ල ගෑන ලියවුන ලිපියත් මෙතනින් බලන්න පුලුවන්.ඉතින් සාමය සතුට පිරි සති අන්තයක් ඔබ සියලුම දෙනාට,එහෙනම් අපි ගියා.