.


මාර සිද්ධියක් උනේ...ඉතින් පොඩි අවුලක් දෑනුනු නිසා අද මේක ගෑන ලියන්න ඕන කියලා හිතුනා.ඉතින් දුකට සෑපට අව්වේ වෑස්සේ මාත් එක්ක ඉන්න,මිත්‍රයා තමයි මගේ බයිසිකොලේ...නමින් කිව්වොත් glx125 එක.ඉතින් පහුගිය දවසක ඒකේ අදායම් බලපත්‍රය අලුත් කොරගන්න ගියාම එතනින් දෑනගන්න ලෑබුනා ඒකට දුම් පරීක්සනේ කොරලා වාර්තාවක් ගන්න ඕන කියලා.ඉතින් මේක ගන්න වෙන්නේ ලියාපදිංචි කරලා අවුරුදු 03 පහු උනාට පස්සේ..වාහන ,බයිසිකොල් වලට..පාගන ඒවට නෙමෙයි හොදේ.. අපරාදේ දවස් 04 පහු වෙලා තිබුනේ..ඒත් ඉතින් නීතියනේ.තව දවස් 04 කලින් ගියා නම් මේ කතාව කියන්න වෙන්නේ නෑ...ඒත් ඉතින් කොයි දේටත් අන්තිම වෙනකන් බලන් ඉන්න එක අපේ පුරුද්දනේ....


කොහොම උනත් ඔක්කොටම වඩා මේක කරගෙන අදායම් බලපත්‍රය ගන්න එක වෑදගත් නිසා උදේම ගියා දුම් පරීක්සනේ කරන්න,යාලුවා ලෙඩ වෙලාද කියලා දෑනගන්න එකත් හොදයිනේ....අනිත් එක අපේ රාළහාමිලාට සංතෝසම් ගෙවන්නත් අමාරුනේ...නිකන්... ඉතින් සල්ලි ගෙවලා එතන හිටිය නංගි කෙනෙකුට බිල් එකකුත් දා ගත්තා,,,දෑන් හරි ඔන්න චෙක් කොරන තෑන....කොහේද ඊට කලින් ත්‍රිවීලර් එකකුයි ,මට මතක හෑටියට අසුගනන් වගේ තෑපෑල් නයින්ටි දෙකකුයි මටත් කලින් ඉන්නවානේ..අපරාදේ කියන්න බෑ පුටුවකුත් ලෑබුනා ඒ කේ මහත්තුරුන්ගෙන්,අලුත් දෙයක් නේ ඉතින් බලන් හිටියා,,,,,මුලින්ම වාරේ ත්‍රී වීල් එකේ සටාර්ට් කොලා,,,අප්පේ දුම....එතන ඉන්නත් අමාරුයි වගේ...මේකට් නම් ඉතින් බඩුම තමා....මේ ඉතින් මං හිතාපුවා නෙව,,මන් කියලා හරියන්නේ නෑ මෑසිමෙන් නේ තිරනේ දෙන්න ඕන..ඉතින් තව මල්ලි කෙනෙක් අරකෙ සයිලන්සරේ ගාවට බටේ ලංකොරලා ආයි ගෑලෙව්වා.....හරි හදිසියි වගේ ඒ මල්ලිට????? "දෑන් හරි පාස්නේ"අතෙන්ට ගිහින් හදා ගත්තානේ,,,,,,,හා අතන අතුලෙන් සහතිකේ ගන්නකො,,,,,


මට අන්ඩරදෙමළ වගේ......මගේ උපකල්පනේ වෑරදියි නොවෑ..දෑන් අර තෑපෑල් නයින්ටි වල වාරේ....කලින් එකත් එක්ක බලපුවාම ලොකු වෙනසක් නෑ.බලපු ක්‍රමෙත් වෙනසක් නෑ,,,,,ඒවත් දෙවෙනි පාරට ආපුවා කෙලින්ම පාස් උනා..... දෑන් මගේ වාරේ ....අපෝ මේ අලුත් ඒවා නේ,,,,,,මෙවා ෆේල් වෙයිය...ඈත්තටම මට ඒ ගෑන කිසිම චකිතයක් තිබුනේ නෑ....ඔන්න මල්ලි අර බටේ ගෙනත් ගෑහුවා,මිනිහා හරි දක්ශයා ඒ වෑඩේට...... මෙන්න බොලේ ඒ පාර මු රේස් කොරනවා කොරනවා මාත් එක්ක තරහට වගේනේ,විනාඩි 5 ඉවරයි..ඒත් කෝ ප්‍රතිපලේ?????කොම්පියුටරේ ස්ලෝ වෙලාලු ...කලින් එව්වට නෑ,,,කොහොම හරි මල්ලිලා දෑඩි උත්සාහයේ ප්‍රථිපලයක් විදියට යාන්තම් උත්තරේ ලෑබුනා......


මොකද්ද දන්නවාද???දුම් පරික්සනය අසමත්......මට විතරක් නෙමේ එතන හිටිය අනිත් අයටත් පුදුමයි.....මෙන්න අර ගොල්ලො මට අපුරු විසදුමක් දුන්නා අයියේ ඔයා අහවල් තෑන දන්නවානේ..එතනින් පොඩ්ඩක් බලවන් එන්නකෝ,,,,,,,අනේ අපොයි,,,,අර කලින් පාස් වෙච්ච අයත් එතනින් හදන් ආපු අයනේ... මටත් ඉතින් මොලේ පොඩ්ඩක් පෑදිලා මං කෙලින්ම ගියා මගේ බයිසිකොලේ සෙවා කොරගන්න තෑනට,,,,ගිහින් කාරණේ කිව්වා.....ආ ඔතන ඔහොම තමයි.....අර තියෙන්නේ ඔය යන්න කිව්ව තෑනනෙ.....මාත් බෑලුවා අනේ හෑබෑමනේ,,,දුම් පරික්සනේ කොරන්න එන පරන ලටපටස් ඔක්කොම මෙතනනේ......එතනින් 500 කපනවා,,,,,ඊට පස්සේ ගියාම වෑඩේ ගොඩ,,, මාත් ඉතින් ආපු එකේ එයාර් ක්ලීනරේත් සුද්ද කරගෙන ආපහු ගියා.....වෑඩේ කරගත්තද? ඔව් මල්ලි,,,,,,,බලමු.....අප්පේ පාස්ස්නෙ,,,,,,,,,,යන්තම් හරි.... ඔන්න ඕකයි කතාව,,,,,ඉතින් ඔහොමත් දේවල් වෙන්න පුලුවන්,,ඉතින් පරිසරය රෑකේවිද?මන් කියන්නෙ නෑ හෑම තෑනම මෙහෙමයි කියලා..ඒත්පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න එක හොදයිනේ...

  • ස්ථානය - මාතර වෙරළ පාර
  • කෑමරාව -3.2 mpxl (මගේ sony ericsson ජංගම දුරකථනයේ)
  • ප්‍රමාණය - 558 kb
  • වේලාව - 4.54 pm
  • තිව්‍රතාවය - 1536x2048
  • ස්ථානය - මාතර නුපේ
  • කෑමරාව -3.2mpxl ( මගේ sony ericsson ජංගම දුරකථනයේ)
  • ප්‍රමාණය - 519 kb
  • වේලාව - 4.38 pm
  • තිව්‍රතාවය - 1536x2048

මතකද ඔබට ඒ දිනය,2009-05-19....එකම රටක් එකම කොඩියක් ,තිස් වසරක වියරුව තව දුරටත් ශාපයක් නොවූ තිරනාත්මක දිනය.සතුටු කදුලු පක්ශ පාට භේද ඉවත ලා එක්ව එකම රටක් ලෙස සිනාසුනු මොහොත.එඩිතර නායකත්වය ,අභීත රණවිරු ජීවිත පරිත්‍යාගය ,රට බෙදා වෙන් කල පොන්ගු තමිල් වේදිකාවේ ඊලම පිලිබදව සිහින දුටු කෑනහිලුන්ට මංකොල්ල කෑමට ඉඩ දෙමුද?

පසු සටහන- දේශපාලන ලෝකය උණුසුම්ව තිබේ.මෑතිවරනයක් පෑවෑත්වීම පිලිබදව කනින් කොනින් අසන්නට ලෑබේ.රටේ තිබූ උග්‍රම වසංගතය නිමවී ඈත.එය දේශයට හිතෑත්තන්ට ,ආදරය කරන්නන්ට පමණක් වුවද මාතෘ භුමිය කෙසේ වෙතත් තමා ජාතක කල අම්මා උනත් විකුණාගෙන කන්නට තරම් පසුබට නොවෙන්නන් සිටින්නා වූ සමාජයක ඈත්ත ඈති සෑටියෙන් නොදකින්නා වූද බලය හා කෑදර කම වෙනුවෙන් ඊට එහා දෙයක් සිදු වුවද දෙනෙත් පියා සිටින්නන්ට වලංගු නෑත.එවෑනි දේශපාලනික කුහකත්වයක් තුල කටයුතු කිරීමටද ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් ඔවුනට ඈත.

Related Posts Plugin for WordPress, Blogger...