.


සති දෙකකට පස්සෙ ඔන්න අද බ්ලොග් එක පෑත්තට එන්න ලෑබුනා.ඒ අද ගෙදර ආව නිසා.මේ දවස් වල මෙහේ මෑතිවරන උණුසුමනේ ඉතින් පෑය එකහාමාරක් විතර වෑඩිපුරත් මග ගාටලා තමයි යන්තම් හවස් වෙනකොට එන්න පුලුවන් උනේ....... ඉතින් පසුගිය සතියෙ අපේ යාලුවො සෙට් එකත් එක්ක පොඩි ට්‍රිප් එකක් ගියා නුවර එලිය පෑත්තට.ගිය අවුරුද්දෙ යන්න හිතන් හිටියත් ඒකට ඉඩක් ලෑබුනේ නෑ නෙව.ඊට කලින් අවුරුද්දෙ නම් ගියා .... කොහොම උනත් වෑස්සෙන් භාදාවක් නොවෙච්චි හොද පෑහෑබර කාලගුණික තත්වයක් නම් දකින්න තිබුනා.නෑත්නම් ඉතින් කොයි වෙලෙත් වෑස්සනේ....... මේ පාර වෑඩිපුර ඈවිදින්න තෑන් දා ගත්තේ නෑ.කට්ටියම කිව්වේ ටිකක් නිදහසේ ඉන්න එක ඊට වඩා සනීපයි කියලා .එක අතකට ඒකත් ඈත්ත.මොකද කලින් බලපු එවාටමනේ අපි ආයි ආයි යන්නේ. මෑද දවසේදි කට්ටියම ඈඩිශම් බංගලාව බලන්න යන්න පිටත් උනා.ඈත්තටම මමත් මේ ස්තානය කලින් බලලා නෑ.හපුතලේට බොහෝම ලගින් පිහිටි සුන්දර නිවාසයක් නෑත්නම් බංගලාවක්.මට මතක හෑටියට අපේ බ්ලොග් මිත්‍රයෙකුත් මේ ගෑන විස්තර කියලා තිබුනා. අවසර පත්‍රය රුපියල් විස්සක් එක්කෙනෙකුට.දෑනට ජනතාවට බලන්න පුලුවන් බංගලාවේ සාලය කොටස හා ඊට පිටුපස කුඩා කොටසක් විතරයි.මොකද මේකෙ කොටසක දෑනට භාවනා මධ්‍යස්තානයකුත් පවත්වාගෙන යන නිසා .නරඹන අතරතුරේ මේකත් එක්ක බෑදුනු අතිත කතාවම පසුතලයෙන් අපිට ශ්‍රවණය කරන්න පුලුවන්.

අපි විසිත්ත කාමරයේ කොයි පෑත්තට ගියත් අපි දිහා ටිකක් නපුරු විදියට බලන් ඉන්න (මට පෙනුනේ එහෙමයි )සර් තෝමස් විලර්ස් ගෙ සිතුවම ත් දකින්න පුලුවන්.ඔහු තමයි මේකෙ හිමිකරු සහ නිර්මානකරු මීට වසර ගනනාවකට කලින් ..........
අපේ යාලුවෙක් ඉන්නවා මිනිහාට කන්දක් පෙන්නන්න බෑ.දෑක්කොත් නගින්නම ඕන.කොහොමහරි ඈඩිශම් වලට උඩින් තියෙන කදු මුදුනටත් මෙයාගෙ කටේ බලේ නිසාම යන්න උනා.ටිකක් මහන්සි උනාට මුදුනට ගියාම නම් අවට වටපිටාව බොහෝම සුන්දරව දකින්න පුලුවන්.දකුණු පස බෑවුම ලෝකාන්තයෙන් පෙනෙන දර්ශනයට තරමක් දුරට සමානයි.බෝර්ඩ් ලෑල්ලේ තියෙන විදියට තංගමලය අභය භූමිය විදියට තමයි මේ කොටස හදුන්වලා තිබුනේ.
ඉතින් ඔයාලත් ඒ පෑත්තේ යනවා නම් මේ කිව්ව කොටසටත් යන්න බලන්න.ආ තව දෙයක් සපත්තුව ලෙස්සනවා නගිනවා බොරු.අපේ මිත්‍රයෙක්ටත් මේ වෑඩේ උනා මෙයා අඩියක් නගිනකොට අඩි දෙක තුනක් පස්සට ලෙස්සනවා.අන්තිමට බිම....
ඔන්න කෙටියෙන්ම කිව්වා...... එහෙනම් ගිහින් එන්නම් සාමය සතුට පිරි සති අන්තයක් ඔබට..........

  • ස්ථානය -උස්සන්ගොඩ
  • වේලාව - 5.37 pm
  • කෑමරාව -3.2 mpxl(මගේ sony ericsson K800 දුරකථනයේ)
  • ප්‍රමාණය - 811 kb
  • තිව්‍රතාවය -1536 x 2048
  • තෙවෙනි ඈස පිටුපස-නුවන්
  • ස්ථානය - තංගල්ල
  • වේලාව - 4.45
  • කෑමරාව - 3.2mpxl (මගේ sony ericsson K800 දුරකථනයේ)
  • ප්‍රමාණය - 685kb
  • තිව්‍රතාවය -1536 x 2048
  • තෙවෙනි ඈස පිටුපස-නුවන්

Related Posts Plugin for WordPress, Blogger...