.


මොබිටෙල් කට්ටියට යන්න කිව්වා !!!

ඔන්න වසර දෙකකට ආසන්න කාලයක් මට අන්තර්ජාලෙ පෑත්තෙ එන්න සම්බන්දතාවෙ ලබා දුන්නු මොබිටෙල් ආයතනෙට මං ආයුබෝවන් කිව්වා.හේතුව ඉතින් දන්නවානේ.මුල් කාලයේ හොද ප්‍රථිපල පෙන්නුවත්, මෙයා පහුගිය අවුරුද්ද පුරාම මහ වාතයක් උනා.වේගය පරික්සා කොරලා බෑලුවාම ඈඩෙනවා.ගොඩක් වෙලවට ඒක චෑක් කරගන්නත් අමාරු උනා.ඉතින් පෑමිනිලි නම් රාශියක් දෑම්මා.ඒත් කිව්වට වෑඩක් නෑ උන්දෑලා මගේ ඈගට ගොඩ වෙනවා සර් ගෙ මොඩම් එකේ සෙටින්ස් හරියට හෑදුවද?සර්ට සිග්නල් තියෙනවද? හරි අපි අදාල අංස දෑනුවත් කොරන්නම්.එපා වෙනවා


කොහොම හරි මේකෙම එල්ලිලා ඉන්න තව හේතුවක් තිබුනා.මොකෝ ,වෙන එක ජාලෙකවත් සිග්නල් අපිට තිබුනෙ නෑ.කොහොම හරි පෙරෙදා ඒ කිව්වේ ඉරිදා මං දෑක්කා වෙනදා නොදෑක්ක කනුවක් මේ ටවර් එකක් අපේ ගෙවල් වලට කිට්ටුව හන්දියෙ බිල්ඩිමක් උඩ අටවලා තියෙනවා,මං ටක් ගාලා බෑහෑලා බිල්ඩිමෙ යට තියෙන කඩේ  මුදලාලිගෙන් අහුවා මේක කාගෙද කියලා.ඩයලොග් කියන්නේ...........මං ගෙදර ආපු ගමන් ඒ ජාතියෙ සිම් එකක් දාලා බෑලුවානේ.මෙන්න බොලෙ හෙන ගහන්න වගේ තියෙනව hadpa සිග්නල්.කොහොම හරි ඉරිදානේ.ඔක්කොම වහලා


ඊයෙ උදේම ගියා මොබිටෙල් එකට .ගුඩ් මෝනින්!!! ,මං ගෙදරින්ම ලියුම ලියාගෙන ගියේ,ඔබගේ දුර්වල සේවා සෑපයුම නිසා මට තව දුරටත් මේ සම්බන්දතාවය අවශ්‍ය නොවේ!!!!!!!මිනිහා  ලියුම බලලා හිනා මුන පොඩ්ඩක් අවුල් උනාද මන්දා;;;;;සර් අවුරුදු දෙකක්ම මේක පාවිච්චි කරලා තියෙනවානෙ,,,,සර් ලගෙ ගෙවල් කොහෙද? ආ ඒ හරියෙ ලගදිම අපි අප්ග්‍රේඩ් එකක් කරනවා සර්.මේක ඩිස්කනෙට් කරන්න එපා ....ආ මෙයත් මගෙන් ඈහුවා සර් ගෙ මොඩම් එකෙ සෙටින්ස් එහෙම හරිද?මන් ඉතින් එයාට සිද්දිය කිව්වා.මෙයත් අන්තිමේදි කියනවා ඔව් සර් අපේ යුසර්ස්ලා වෑඩි වෙලා.ඒකයි මේ අවුල.


මං ඒක විසංධි කොරලා කෙලින්ම ගියේ ඩයලොග් එකට.ඔන්න ගත්තා පෑකේජ් එකක්.දෑනට හොද වේගයක් ලෑබෙනවා.මෙන්න වේග පරික්සන තොරතුරු...
http://www.speedtest.net/result/1371919322.png
http://www.speedtest.net/result/1371967298.png


දෑනට මං සෑහීමට පත් වෙනවා යාලුවනේ.පහු වෙනකොට මොනවා වෙයිද දන්නේ නෑ.එහෙම උනොත් ආයෙ වෙන එකකට මාරු වෙනවා.කලබලේට ලිව්වෙ එහෙනම් ගිහින් එන්නම් යාලුවනේ.

අපි නොදන්න තුඹ වගාව ( රහට උයලා කෑවට හෑදෙන හෑටිත්  පොඩ්ඩක් බලමුද?)

 ඔන්න ඉතින් ආයෙමත් කාලෙකින් ආවා මේ පෑත්තේ .ආවෙ පොඩි තොරතුරක් දීලා යන්න අපේ කට්ටියට,මේ තුඹ වගාව ගෑන.තුඹ කියන්නේ අපේ වෙලද පොලේ ලොකු ඉල්ලුමක් ඒ වගේම හොද මිලක් තියෙන භෝගයක්නේ,


ඔව් ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා.තුඹ වෑල් වල ගෙඩි හටගන්නේ අවුරුද්දකටම එක පාරයි.අනෙක් හේතුව තමයි තුඹ කියන භෝගෙ වියලි කලාපයෙ කෑලේ තමයි හෑදෙන්නේ.ඒ කියන්නේ මහේ වෑහි යනකොට පසේ තියෙන තුඹ අල වලින් වෑල් ලිය දානවා .එවයෙ හට ගන්න මල් පරාගනය වෙලා තමයි තුඹ ගෙඩි හෑදෙන්නේ
 මාස් කන්නේ අවසන් වෙනවත් එක්කම මේවයෙ අස්වෑන්නත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා.ඊට පස්සෙ වෑලත් මෑරෙනවා.හෑබෑයි මේවායෙ අලේ මෑරෙන්නෙ නෑ.මේවා පසේ තිබිලා හරියටම ආයෙ ඊලග මහේ ආයෙත් පෑල වෙනවා.ඔන්න ඕක තමයි තුඹ වල ජීවන චක්කරේ.


ආ තව දෙයක් මේ තුඹ ටිකක් වෙනස් .මෙයාලගේ වෑල් වර්ග දෙකක් හෑදෙනවා.එකක් තමයි ගෑහෑනු වෑල් ,අනෙක පිරිමි වෑල් .ගෑහෑනු වෑල් වල තමයි ගෙඩි හට ගන්නේ.ඉතින් පිරිමි වෑල් මක්කටෙයි? නෑ එයාලගෙන් පරාගනය වෙන්නම ඕන මේ ගෑහෑනු වෑල් වල හට ගන්න මල්.නෑත්නම් ඉතින් තුඹ කාල හමාරයි.
ඉතින් මේ කියන්නේ අපේ දෙපාර්තමේන්තුවෙන් වරනය කොරාලා ගත්තු විසල් හා කේසර කියාලා නම් තබාපු තුඹ ප්‍රභේද දෙකක් අලුතෙන් ගොවි මහත්වරුන්ට හදුන්වලා දීලා තියෙනවා.මේවා තුඹ අතු මගින් තමයි පෑල හදලා තියෙන්නේ.අනෙක මෙව්වා ගොවින්ට දෙද්දි ගෑහෑනු පෑල හා පිරිමි පෑල වෙන වෙනම තමයි දෙන්නේ.ගෑහෑනු දහයකට පිරිමි එකක් ඈති හොදේ.මීටර් 2 පරතරේට අඩි එකහාමාරෙ වල ගහලා මෑස්සකට වෑල් පුහුනු කරන්න ඕන.



දවස් 50-60 යද්දි පලවෙනි අස්වෑන්න ගන්න පුලුවන්.ඉතින් මාස් කන්නේ ඈරුනාම අනෙක් කාලෙදි කිසිම අමාරුවක් නෑතුව රුපියල් 250 උඩ කිලො එකක් දෙන්න පුලුවන්.අනික වෙලෙන්දො පොර කනවා මේ තුඹ ටික ගන්න


එහෙම කියන්නේ මම නෙමෙයි.ඔය පොටෝ එකේ ඉන්නේ අන්න එයා .මෙයා මගේ කොටසේ ගොවි මහත්තයෙක්.මෙයත් අලුතෙන් තුඹ ආදර්ශනයක් කොලා.ඔය පස්සෙන් පේන්නෙ ඒ මෑස්ස.දෑන් මාස 5 විතර තවමත් අස්වනු නෙලනවා මේකෙන්.


ඉතින් ඔන්න අපේ යාලුවන්ට තුඹ ගෑන විස්තරේ කෙටියෙන්ම කිව්වා එහෙනම් ගිහින් එන්නම් සුභම සුභ සති අන්තයක් ඔබට

Related Posts Plugin for WordPress, Blogger...