.


අපි නොදන්න තුඹ වගාව ( රහට උයලා කෑවට හෑදෙන හෑටිත්  පොඩ්ඩක් බලමුද?)

 ඔන්න ඉතින් ආයෙමත් කාලෙකින් ආවා මේ පෑත්තේ .ආවෙ පොඩි තොරතුරක් දීලා යන්න අපේ කට්ටියට,මේ තුඹ වගාව ගෑන.තුඹ කියන්නේ අපේ වෙලද පොලේ ලොකු ඉල්ලුමක් ඒ වගේම හොද මිලක් තියෙන භෝගයක්නේ,


ඔව් ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා.තුඹ වෑල් වල ගෙඩි හටගන්නේ අවුරුද්දකටම එක පාරයි.අනෙක් හේතුව තමයි තුඹ කියන භෝගෙ වියලි කලාපයෙ කෑලේ තමයි හෑදෙන්නේ.ඒ කියන්නේ මහේ වෑහි යනකොට පසේ තියෙන තුඹ අල වලින් වෑල් ලිය දානවා .එවයෙ හට ගන්න මල් පරාගනය වෙලා තමයි තුඹ ගෙඩි හෑදෙන්නේ
 මාස් කන්නේ අවසන් වෙනවත් එක්කම මේවයෙ අස්වෑන්නත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා.ඊට පස්සෙ වෑලත් මෑරෙනවා.හෑබෑයි මේවායෙ අලේ මෑරෙන්නෙ නෑ.මේවා පසේ තිබිලා හරියටම ආයෙ ඊලග මහේ ආයෙත් පෑල වෙනවා.ඔන්න ඕක තමයි තුඹ වල ජීවන චක්කරේ.


ආ තව දෙයක් මේ තුඹ ටිකක් වෙනස් .මෙයාලගේ වෑල් වර්ග දෙකක් හෑදෙනවා.එකක් තමයි ගෑහෑනු වෑල් ,අනෙක පිරිමි වෑල් .ගෑහෑනු වෑල් වල තමයි ගෙඩි හට ගන්නේ.ඉතින් පිරිමි වෑල් මක්කටෙයි? නෑ එයාලගෙන් පරාගනය වෙන්නම ඕන මේ ගෑහෑනු වෑල් වල හට ගන්න මල්.නෑත්නම් ඉතින් තුඹ කාල හමාරයි.
ඉතින් මේ කියන්නේ අපේ දෙපාර්තමේන්තුවෙන් වරනය කොරාලා ගත්තු විසල් හා කේසර කියාලා නම් තබාපු තුඹ ප්‍රභේද දෙකක් අලුතෙන් ගොවි මහත්වරුන්ට හදුන්වලා දීලා තියෙනවා.මේවා තුඹ අතු මගින් තමයි පෑල හදලා තියෙන්නේ.අනෙක මෙව්වා ගොවින්ට දෙද්දි ගෑහෑනු පෑල හා පිරිමි පෑල වෙන වෙනම තමයි දෙන්නේ.ගෑහෑනු දහයකට පිරිමි එකක් ඈති හොදේ.මීටර් 2 පරතරේට අඩි එකහාමාරෙ වල ගහලා මෑස්සකට වෑල් පුහුනු කරන්න ඕන.



දවස් 50-60 යද්දි පලවෙනි අස්වෑන්න ගන්න පුලුවන්.ඉතින් මාස් කන්නේ ඈරුනාම අනෙක් කාලෙදි කිසිම අමාරුවක් නෑතුව රුපියල් 250 උඩ කිලො එකක් දෙන්න පුලුවන්.අනික වෙලෙන්දො පොර කනවා මේ තුඹ ටික ගන්න


එහෙම කියන්නේ මම නෙමෙයි.ඔය පොටෝ එකේ ඉන්නේ අන්න එයා .මෙයා මගේ කොටසේ ගොවි මහත්තයෙක්.මෙයත් අලුතෙන් තුඹ ආදර්ශනයක් කොලා.ඔය පස්සෙන් පේන්නෙ ඒ මෑස්ස.දෑන් මාස 5 විතර තවමත් අස්වනු නෙලනවා මේකෙන්.


ඉතින් ඔන්න අපේ යාලුවන්ට තුඹ ගෑන විස්තරේ කෙටියෙන්ම කිව්වා එහෙනම් ගිහින් එන්නම් සුභම සුභ සති අන්තයක් ඔබට

රස කතා , ගුන කතා , කට කතා
අපේ රටේ රූපවාහිනී නාලිකා හත අටක්ම තියෙනවා නේ.ආ මං කිව්වේ මේ හතර වටේටම පේන සිංහල චෑනල්ස්.ඉතින් මේ හෑම එකක්ම ප්‍රවෘර්ති කියන්න පුදුම තරගයක් නේ දෙන්නේ.නිව්ස් වලින් ෆස්ට් අය,සත්‍යයේ සටහන් බුද්ධියේ විමසුමට ලක් කොරන අය,අංක එකේ විස්වාසනීයම ප්‍රවෘර්ති සපයන්නෝ, ඒතකොට ආන්ඩුවට කඩේ යන අය තව මෙකී නොකී විවිධාකාරයේ තේමාවන් යොදාගෙන රූප පෙට්ටියෙන් කියවනවානෙ.ඉතින් මේ කොයි කවුරුත් මොනවා කොහොම කිව්වත් මේ අය මේවා ඉදිරිපත් කොරන්නේ යටි අරමුනකුත් දිව අස්සේ හංගගෙන කියලා පොඩ්ඩක් එහාට හිතුවොතින් තේරෙනවා
මෙන්න බලන්නකෝ මේ ප්‍රචාරක දෑන්වීම ,මේක දෙරන
නාලිකාව විසින් නිර්මානය කරපු එකක්.එකම පුවතක් ඒ ඒ නාලිකා ඒ ඒ අයට ආවේනික විදියට ඉදිරිපත් කරන ආකාරය මේකෙන් කියාපානවා.මේ කියන විදියට මේ නාලිකා නම් හදුනාගන්න අපහසු නෑ.බලන්නකෝ කට්ටිය.හෑබෑයි දෙරනටත් මේක පොදුයි.අඩු වෑඩි වසයෙන්.......


(වීඩියෝව ලබාගත්තේ gossip9 අනුග්‍රහයෙන්)

Related Posts Plugin for WordPress, Blogger...