.


Memories of the Gangodawila Soma Thero

අති පූජනිය වූ සෝම හිමියනි, ඔබ දෑයෙන් සමුගෙන හෙටට හරියටම වසර හතක්


වසර හතක් කියන්නේ මොන තරම් දිග කාලයක්ද.ඒත් ඒ තරම් කාලයක් අපි ඔබේ ඒ මිහිරි හඩ, වචන ස්වරය අහන්නේ නෑතිව හිටියේ කොහොමද, නෑ ඔබ නෑති උනේ නෑ.තවමත් මේ මාතෘ භූමියේ අපිව තනි නොකර අපිට යහ මග පෙන්වමින් සෙවනෑල්ලක් වගේ ඉන්නවා.මට මතකයි ඒ දවස තවමත්ම.අපේ ඉස්කෝලේ ධර්ම දේශනයක් සදහා වෑඩිය දිනය.මම හිතන්නේ එදා එක ළමයෙක්වත් නෑවිත් හිටියේ නෑ.ඒ තරම් උනන්දුවක් ආසාවක් තිබුනේ.මම එතකොට මතක විදියට හතේ පන්තියේ වගේ හිටියේ
ඉස්කෝලේ ප්‍රධාන ගේට්ටුවෙන් වඩින කොට අපිට දෑනුන හෑගීම වචනයට නගාගන්න අමාරු උනා මෙච්චර කල් රූපවාහිනියෙන් දෑක්කාට බන ශ්‍රවණය කලාට හෑබෑහින් දෑක්කේ එදා තමයි.කොහොම හරි එදා මේන් හෝල් එක අතුරු සිදුරු නෑතිව පිරිලා.වෙනදා වගේ ගාලගෝට්ටියක් එදා තිබුනේ නෑ.පුදුම නිශ්ශබ්දතාවයක් තිබුනේ...බොහෝම අමාරුවෙන් තමයි දොරටුවකින් ඔලුව විතරක් ඔබා ගෙන ඔබේ අසිරිය වින්දේ.ඈතුලේ ඉඩ නෑති නිසා මමත් ඈතුලුව බහුතරයක් ළමයි ඒ සුමදුරු දෙසුම ශ්‍රවණය කලේ එලියෙ ඉදන්
යකඩ කටින් ඉස්කෝලේ ඔක්කොම ළමයි ඔබේ දෙසුම ඈහුවා.ඒ දවස්වල බාල තරුන මහලු වයස් භේදයක් නෑතුව ධර්මය ශ්‍රවණය කලා පුදුම පිබිදීමක් තිබුනේ.වෙනදා ටෙලි නාට්ටි වෙලාවට විතරක් සාලෙට සෙට් වෙන පවුලේ උදවිය ,බනක් යන වෙලාවට ඊටත් වඩා උනන්දුවෙන් ඒවා ඈහුවා බෑලුවා.ධර්මයේ හෑසිරුනා.
ඒ මුසල දවස මුලු ශ්‍රීලාංකික බෞද්ධයන්ම හඩවපු දිනයක් උනා.කෙටි කාලයක් තුල විස්මයක් කල ඔබ මාතෘ භූමියටත් හොරෙන්ම,ලක් මෑණියන් හඩවමින්ම කෙටි කලකින් ම අප තනි කර ගියා.
අති පූජනිය වූ ,සෝම හිමියනි ඔබ දෑයෙන් සමුගෙන හෙටට හරියටම වසර හතක් .ඒත් ඔබේ ඒ හඩ,සුමිහිරි ධර්මය තවමත් අපේ හිත් වල පිලිරෑව් දෙමින් ඈසෙනවා,පෙනෙනවා.අපි ඔබට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය (Magampura international harbour)


හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය ඊයේ උදෑසන යෙදුනු සුභ මොහොතින් අතිගරු ජනපතිදුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් උනා.ඒ සදහා සහභාගී වූ දහස් ගනනක් ජනතාව අතරේ සිටිමින් ඒ තේජාන්විත මොහොතේ අසිරිය විද ගෑනීමේ අවස්ථාව මටත් ලෑබුනා.මාගම්පුර වරාය භූමියේ ඊයේ දිනයේදී මාගේ ජංගම දුරකථනයේ සටහන් වු සිත් ඈදි දසුන් කිහිපයක් පහතින් දෑක්වෙනවා.එමෙන්ම අති මහත්වු ජනතා මනාපයෙන් දෙවන ධුර කාලය සදහා දිවුරුම් දුන් ජනපතිදුනි ඔබට සුභ උපන්දිනයක්.

Related Posts Plugin for WordPress, Blogger...