.


දෙවිනුවර ප්‍රදීපාගාරය  (light house - Devinuwara)
ගිය සතියට කලින් සතියේ අපි පොඩි ගමනක් ගියානේ.අපි කිව්වේ අපේ පවුලේ උදවිය.වෑඩි ඈතකට එහෙම නෙමෙයි මේ දෙවුන්දරට ,ලංකා සිතියමේ පහලම කෙලවරනේ ඔය දෙවුන්දර කියන්නේ,,, එතකොට මාතර ටවුන් එකේ ඉදන් කතරගම පෑත්තට දල වසයෙන් කි.මී 03 තියෙයි උපරිමේට,,,

ඒ යනකොට මට මතක් උනා දෙවුන්දර ප්‍රදීපාගාරෙ.ඒ අනුව දෙවුන්දර පුදබිම වෑදීම දෙවනුවත් ප්‍රදීපාගාරය නෑරඹීම පලමුවත් කරන්න තීරනේ උනා.

මට මතක හෑටියට අපේ බ්ලොග් සොයුරියකුත් මේ ගෑන කියලා තිබුනා.හරියටම දෙවුන්දර පූජා භූමිය පහු වෙනවත් එක්කම දකුණට තියෙන පාරේ මීටර් 100 විතර ගිහින් වමට හෑරිලා කෙලින්ම ගියාම ප්‍රදීපාගාරෙ ගාවටම වෑටෙනවා.පින්තූර වලින්පේනවා ඈති අපේ යාලුවන්ට ,මේ ස්ථානය නම් බොහොම මනස්කාන්තයි,අනේ අවාසනාවට මේකේ උඩට යන්න නම් අවසර ලෑබුනේ නෑ අපිට,

ප්‍රදීපාගාරෙ පාලක මහත්තයා සදහන් කරපු විදියට ඒ සදහා කොළඹ වරාය අධිකාරියෙන් ඒ සදහා අනුමෑතියක් ලබා ගත යුතු වෙනවා.එහෙන් වෙන් කරවාගන්න පුලුවන්ලු පහසුවෙන්ම.....

අපේ යාලුවන්ටත් කොළඹ දිහාවේ ඉදන් එනවා නම් ඔන්න ගිමන් නිවාගෙන මේ සුන්දරත්වයත් විදගෙනම යන්න පුලුවන්.

ලෑජ්ජාවේ බෑ යාලුවනේ කිව්වට මොකෝ මමත් මාතර උනාට මෙතෙන්ට ගියේ පලවෙනි වතාවට.
එහෙනම් ගිහින් එන්නම් යාලුවනේ සුභ සති අන්තයක්.

"ආයුබෝවන් මම ඔබට සහය වන්නේ කෙසේද?" -  රින්ගින් ටෝන් (RingingTones)  වෙනුවෙන් ඔබත් බයිට් උනාද?


ස්ථානය: සේවා සංස්කරණ ආයතනය
කාර්යය :2010\11 මහකන්නය වෙනුවෙන් පෙරකන්න පුහුණුව
එතකොට මම ? මම පුහුණු ලාභියෙක්.
දෙවෙනි දේසනේ පටන් ගත්තා විතරයි.පොඩි අවුලක් මෙන්න සාක්කුව ඈතුලේ පොඩි පෙරලියක්.....වෙන මුකුත් නෙමෙයි කෑ ගහන්න බෑරි වෙන්න කට වහලා නිසා උඩ පනිනවා ,දගලනවා හරි කුලප්පුව.සිංහලෙන් තේරෙන්න කිව්වෝතින් වයිබ්‍රේට් වෙනවා
මගේ ජංගම දුරකථනය.මොකද පුහුණුව අතරේ මේක රිං වෙනකොට හොද නෑහෑනේ.ඒ නිසා වයිබ්‍රේට් ඔන් කරන් හිටියේ.
මොකාද දන්නේ නෑනේ අතට අරන් බෑලුවා.ම්හු 071xxxxxxx නම්බර් එකක්.පෝන් බුක් එකේ නෑති නොම්මරයක්....ආ කියන්න බෑරි උනානේ මගේ පෝන් පොතේ නොම්මර 1000 කට වෑඩියේ තියෙනවා.ගොඩක් වෙලාවට කොහෙන් කෝල් එක ආවත් අදුරගන්න අපහසු වෙන්නෙ නෑ.
කවුද මේ??? කථා කොරන්නත් බෑ මෙතන,එහෙන් දේසනේ නෑගලා යනවා.මේක මෙතන ආන්සර් කොරලා දේසක මහත්තයා ගෙන් ඈනුම් පද අහන්නත් බෑ.වෙන කෙනෙක් හිටියා නම් ඔයි තරම් හිතන්නේ නෑ උස්සනවා.ඒත් මෙයා ටිකක් අවුල් වගේ....

ඕන නෑ .පස්සේ ගන්නේ නෑතෑ.මම ආයෙ සාක්කුවට දෑම්මා.කෝ මේකත් ටිකක් රින්ස් ගියාට කට් කොරන පාටකුත් නෑ....හදිසි පනිවුඩයක් වත්ද?///????
කියන්න බෑනේ හිතේ කහටක් දෙගිඩියාවක් තියා ගන්න ඕන නෑනේ!!!! "ඈxකිඋස් මි
අපිට ඉතින් කොයිකටත් කියන්නේ ඕකනේ....නෑගිට්ටා ගියා නෙමෙයි දිව්වා නේ එලියට ,මගක් හරියෙදිම ආන්සර් ඔබලා හලෝ,හෙලෝ
"ආයුබෝවන් මේ ගීතය ඔබගේ දුරකථනයේ රිගින් ටෝන් එක සදහා යොදා ගෑනීමට අංක.................!!!!!!#######%%%%"
අනිච්චන් දුක්කේ...
කෝප අරන් මක් කොරන්නෙයි ...ඒකෙත් පාඩුව මටනේ.ගියාට වඩා වේගෙන් ඈවිත් ආපහු වාඩි උනා.මටත් හොද පාඩම ආයෙ මොකා ගත්තත් නෝ ආන්සර්....

ඒක ඉවරයි
ගිය සතියෙ පොඩි හදිසියකට අපේ අම්මාගේ හෑන්ඩ් පෝන් එකට කෝල් එකක් ගත්තා,,,,මෙන්න මල් පිට මල් සෑලෙන......කොහොමද රිගින් ටෝන් එක !!!අනේ පව් අපේ අම්මත් රෑවටිලා.අහලා බලනකොට බස් එකේදි අර කොල් අකෙක ඈවිත්.හරියට ඈහුනෙත් නෑ පුතේ අංකයක් එබුනා කිව්වා.දාපු රිලොඩ් එකත් කෑපිලා මොනා කොරන්නද දුක තමයි
එතකොට පෙරේදා ඔපීසියෙ අපිත් එක්ක වෑඩ කොරන මිස් කෙනෙක් මගෙන් අහනවා මල්ලී පෝන් එකේ අර සින්දුව අයින් කරන විදිය දන්නවද?මම ඒ පාර ඒක ඉල්ලගෙන අයින් කොලා.එයා ලෑජ්ජාවටද කොහෙද රෑවටිලා වෑටුනා කියලා මට කිව්වේ නෑ.ඒත් ඈත්තටම වෙලා තියෙන්නේ එයත් රෑවටිලා.......
එන කෝල් එක ක් ගොඩාක් වෑදගත් අය කී දාහක් ඉන්නවද.පෙලක් ටොයිලට් එකේ බාත් රූම් එකේ ඉදලත් දුවගෙන ඈවිත් මේකට උත්තර දෙන්නේ..සමහරු වාහනේ නවත්වලා ආන්සර් කොරන්නේ.
මාර්කටින් කියන්නේ එකක්.ඒත් මේ විදියට තමන්ගේ සේවාදායකයින් වෙනත් නොම්මරේකින් අමතලා රවට්ටලා රුපියල් 80/100 කපා ගන්න එක ඒ තරම් වෑදගත් සේවාවකට සුදුසු නෑ නේද.
ඕන කෙනෙක් ඉන්නවනම් මේවා දාගනීනේ
ඔබත් මේකෙන් බයිට් උනා නම් කියන්න මම නුවන්

Related Posts Plugin for WordPress, Blogger...