.


"අපි සෝයා බෝංචි වගා කරමු- 2" හා " විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රිලංකාවේ වගා කරමු "(පසු විපරමක්)


ඉතින් යාලුවනේ මේ දවස් වල දිගටම වගේ ක්ශේත්‍රයේ රාජකාරි කටයුතු වෙනුවෙන් තමයි කාලය වෑඩිපුර මිඩංගු කලේ. හින්දාම ලිපියක් වත් දාන්න ඉඩක් ලෑබුනේ නෑ නේ. ඒකට කමක් නෑ.කට්ටියට මතකද මම මිට කලින් ලිපියක කිව්වා අපේ කොටසේ සෝයා බෝංචි වගා කරපු හෑටි.ම්ම් මතක නෑ වගේ නම් මෙන්න මෙතනින් ආයෙත් මතක් කර ගන්න පුලුවන් ඔයාලට...

ඉතින් මේ පහලින් තියෙන පිංතූර ට්ක බලන්නකෝ.මොකද හිතෙන්නේ ඔයාලට .ඔන්න අපි සෝයා වගාවේ අස්වනු නෙලලා අවසන් කලා.අපි කිව්වට අපේ කොටසේ ගොවි මහත්වරු හොදේ.


අක්කරේකින් 400 -500kg අතරේ සාමාන්‍ය අස්වෑන්නක් තමයි ලබාගන්න පුලුවන් උනේ.ඒකට හේතු විදියට මම දෑක්කේ අපි තෝරාගත්තු කාලය සහ වගාවට අවශ්‍ය වෙච්චි ජලය ප්‍රමානය සපයා ගෑනීමේ අපහසුවත් එක්ක ඈති උන ගෑටලුව.අපි වගාව සදහා තෝරා ගත්තේ එහෙම නෑත්නම් වෑඩසටහන ආවේ කලේ යල කන්නයේ. ඉතින් අපේ යාලුවො දන්නවනේ යලේ වියලි කලාපෙ තියෙන පෑවුමේ හෑටි.අපිට තේරුන විදියට මාස් කන්නේ වගාව කලා නම් මේ ගෑටලුව මග හරවා ගන්න තිබුනා.

කොහොම හරි අලුතෙන්ම කල සෝයා බෝංචි වගාව පිලිබදව අත් දෑකීමක් නොතිබුනු අපිටත් අපේ ගොවි මහත්වරුන්ටත් නව දෑනුමක් ලබා ගන්න උදව් උනා කිව්වොත් මා නිවෑරදියි. මේ වෙන කොට අස්වනු අලෙවි කරන්නත් අපි අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන්නේ. සදහා මා කලින් සදහන් කරපු ආකාරයටම සමපෝශ ආයතනය සම්බන්ද වෙලා අපිත් එක්ක.

හරි ඔන්න යාලුවනේ මම පොරොන්දු උන විදියටම සෝයා වගාවේ තොරතුරු ඔයාලට ඔන්න කිව්වා.දෑන් මේ කියන්න හදන්නේ ආයෙමත් පෑරණි ලිපියක අලුත් තත්වයක් ගෑන. මතකද ඔයාලට මේ ලිපිය

විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රි ලංකාවේ වගා කරමු.

මේ එදා මම සටහන තෑබුවෙ ඩ්‍රෑගන් ෆෘට් වගාව ගෑන.
ලිපිය මෙතනින් බලන්න පුලුවන්.
දෑන් මේ පහලින් තියෙන පිංතූරේ බලන්නකෝ.

මේ කරුනාවතී ඈය මගේ කොටසේ ඉන්න ගොවි කාන්තා සාමාජිකාවක්.ඈයත් කාලෙ අපේ උපදෙස් වලට අනුව මේ වගාව කරන්න යොමු උනා.දෑන් ඉතින් ඒවයේ ප්‍රථිඵල ඈයත් වා දිහා බලලා අවංක සතුටක් අපිත් භුක්ති විදිනවා .
ඉතින් යාලුවනේ අපි තවත් වගාවකුත් අලුතෙන්ම කොටසේ ගොවි මහත්වරුන්ට හදුන්වලා දුන්නා .සුපුරුදු විදියට ලග ලිපියෙන් ගෑනත් ඔයාලට විස්තර කියන්නම් .එහෙනම් ගිහින් එන්නම් සුභම සුභ සති අන්තයක් .

  • කෑමරාව- 3.2 mpxl ( මගේ sony ericsson K800 දුරකථනයේ)
  • තීව්‍රතාවය -1536x2048
  • ස්ථානය - සුනාමි හොන්ගංජි විහාරය-හික්කඩුව
  • ස්ථානය - මාතර- තංගල්ල මාර්ගයේ "කෝට්ටගොඩ"
  • ස්ථානය - දෙවිනුවර
  • ස්ථානය - මාතර පරෙවිදූව ආසන්නයේ වෙරල

Related Posts Plugin for WordPress, Blogger...