ආයුබෝවන් යාලුවනේ ඔන්න පොඩ්ඩකට බ්ලොග් එක පෑත්තට ගොඩ වෙලා යන්න ආවා.පසුගිය දවස් පහ ගත්තෝතින් නම් කාර්ය බහුලත්වය අතින් උපරිමයි කිව්වොත් නිවරදියි.අපේ යාලුවෝ නම් දන්නවත් ඈති ජාතික ගොවි සතිය ආරම්භ උනා නේ පහුගිය පළවෙනිදා ඒ කියන්නේ බදාදා.ඉතින් ඒ වෙනුවෙන් බට අත කෘෂිතාක්ශනික උද්‍යානයේ සුවිශේෂ ප්‍රදර්ශනයක් පෑවෑත්වුනා.ඔන්න ඒකෙ රාජකාරි අවසන් වෙලා තමයි මේ ලියමන තෑබුවේ.
ඉතින් අතිගරු ජනාධිපති තුමන්ගෙ ප්‍රධානත්වයෙන් තමයි උත්සවයෙ වෑඩ කටයුතු ආරම්භ උනේ.ආ තව දෙයක් මේ බට අත උද්‍යානය තව පොඩ්ඩෙන් දෙපාර්තමේන්තුවට අහිමි වෙලා තියෙන්නත් ඉඩ තිබුනා .මොකද පහුගිය ආන්ඩු කාලේ මේක අකුරු තුනේ කොම්පෑනියකට විකුනන්න ගිවිසුම් එහෙමත් ගහලා තිබුනේ.
ඒ වගේම කියන්න ඕන මේ වෙන කොටත් දිනකට අතිවිශාල පිරිසක් එනවා මේක නරඹලා ඒ වගේම ගිමන් නිවාගෙන වෑවේ නිදහසේ වතුර ටිකක් එහෙම නාලා කාරිය යන්න.
ඉතින් ඔන්න මං මේ දවස් ටිකේ ගනිපු චායාරූප කීපයකුත් දානවා අපේ යාලුවන්ට.ආ තව දෙයක් මේ ඉන්නේ මගේ කොටසෙ ක්‍රියාත්මක කාන්තා සමිතියේ සාමාජිකාවන් හතර දෙනෙක්.දේශිය ආහාර පාන වලින් ප්‍රදර්ශන භූමියට පෑමිනෙන පිරිසට සංග්‍රහ කරන්න මෙයාලත් දවස් පහේම හිටියා
