.


My new friend - Acer aspire 4736z laptop

මගේ අලුත් යාලුවා...


ඔන්න යාලුවනේ හරියටම මාසයකට ආසන්න කාලයකට පස්සේ තමයි අද මේ සටහන තබන්නේ...වෙන හේතුවක් නිසා නම් නෙවෙයි මෙන්න මේ පල්ලෙහායින් ඉන්න ලොක්කා තමයි ඒකට වග කියන්න ඕනේ .පසුගිය මාසේ අවසන් සටහන දක්වාම මාත් එක්ක අන්තර්ජංජාල ගතවෙන්න වගේම අනෙකුත් පොඩි පොඩි වෑඩ කටයුතු වලදිත් සහයෝගය දෑක්වු හිතවතා තමයි මෙයා.

මම මුලිනුත් කිව්වානේ මම මෙයාව මිලදි ගත්තේ හරියටම මීට අවුරුදු හතරකට විතර කලින්.ඒ වෙනකන් මට පරිඝනකයක් තිබුනේ නෑ.ඉතින් මාතර නගරයේ පිහිටලා තියෙන පිට රට පාවිච්චි කොරාපු පරිඝනක ගෙන්වන අලෙවි සෑලකින් මම මෙයාව ගෙදර අරන් ආවා.
මෙයාගේ පුද්ගලික තොරතුරු ඈහුවොතින් ඔයාලටත් පුදුම හිතේවි. ඒතරම් බලගතුයි.එයාට 10 gbප්‍රමාණයේ මතකයක් තිබුනා අවසානය දක්වාම,වේගය 1.3mhz සෙලරොන් ප්‍රොසෙසරයක් තමයි මෙයාව මෙහෙයවූයේ.අනේ අපරාදේ කියන්න බෑ අවසාන කාලය වෙනකන්ම මෙයා කිසිම කරදරයක් නොදී සේවය වෙනුවෙන්ම ඈප කෑප වී සිටියා .ඒත් අවාසනාවකට මාස දෙක තුනක ඉදන් ලොක්කා අසනීප උනා.මුලින් හිටපු ගමන් නිල් පාට පෙන්වලා ක්‍රියා විරහිත වෙන්න පටන් ගත්තා.පහුවෙනකොට ඒකත් පුරුද්දට ගියා. මොන මොන පිලියම් යෙදුවත් ගොඩ ගන්න බෑරි උනා.අවසානයේ ලොක්කා තවත් මුරන්ඩු උනා.usbසම්බන්දතා සියල්ලම බ්ලොක් උනා.ඒකත් එක්කම මං අන්තර්ජංජාල ගතවෙන්න භාවිතා කරපු මොඩම් එකත් ලොක්ක ප්‍රතික්ශේප කලා.
ඉතින් අවසානයේ මම තිරනයක් ගත්තා මගේ යාලුවාට සමු දෙන්න නෑත්නම් විශ්‍රාම යවන්න.
ඉතින් ඊට පස්සේ මට බ්ලොග් ලියන්න වත් ජන්ජාලේ පෑත්තේ ඈවිත් යන්නවත් ක්‍රමයක් තිබුනේ නෑ.
ඉතින් මට ඕන උනා අලුත් යන්ත්‍රයක් ගන්න .ඈත්තටම මේකෙදි මගේ ආදරණීය බිරිද ලබා දුන්නු ශක්තියත් අමතක කරන්න බෑ,මොකද ඈය දන්නවා මම ලොක්කත් එක්ක මොන තරම් සමීපව කටයුතු කලාද කියලා,ඒක අක්‍රිය උනා කිව්වාම මටත් වඩා දුක් උනේ එයා.
ඉතින් අවසානේ තිරනය කරලා අලුත් ලොක්කෙක් අපි පෙරේදා ගෙදරට කෑන්දාගෙන ආවා. පහලින් තියෙන්නේ ඒ යාලුවා තමයි.
මෙට්‍රොපොලිටන් එකෙන් ගත්තේ.මෙයා acer .මෙතනින් මෙයා ගෑන විස්තරේ තියෙනවා.ආ වින්ඩෝස් 7 වලටත් මාරු උනා.ඉතින් දෑන් ආයෙමත් ජන්ජාලගතවෙන්න පුලුවන්.

සිටුවීමට වඩාත්ම සුදුසු කෙසෙල් පෑලේ තෝරාගන්නේ මෙහෙමයි...


ඔන්න යාලුවනේ අද මේ කියන්න යන්නේ කෙසෙල් ගෑන කතාවක්.අපි කාටත්ම වගේ වෑදගත් දෙයක් වේවි කියලා හිතුන නිසා මේ ගෑන කට්ටිය දෑනුවත් කරන්න ඕන කියලා හිතුනා.ලග පාතක කෙසෙල් පදුරක් එහෙම තියෙනවා නම් ඉස්සෙල්ලාම ගිහින් හොදට ඒක නිරීක්ශනය කරලා බලන්නකෝ....හරි මොකද හිතෙන්නේ.ලොකු කෙසෙල් ගස් එක්ක කුඩා පෑලත් අනිවාර්යෙන්ම ඒකෙ ඈති.හරි අපිට වෑදගත් වෙන්නේ සිටුවන්න ගන්න පෑල නේ.ඉතින් ලොකු පිරුන පත්‍ර තියෙන පෑල ඈති,එතකොට කුඩා උලක් හෑඩයට පත්‍ර පිහිටලා තියෙන පෑල ඈති.හොදයි මේ පෑල අතරින් හිටුවන්න හොද පෑලේ තෝරන්න කිව්වෝතින් මොකද්ද ඔබ තෝර ගන්නේ.?ගෑටලුවක්.මම පොඩි කාලෙදි නම් තෝරා ගත්තේ අර ලොකු පිරුන කොල තියෙන පෑලයක් තමයි.හරි කල්පනා කරන්න ඕන නෑ.මේ පහලින් තියෙන පෑලේ එහෙම නෑත්නම් මොරෙයියා දිහා හොදට බලන්නකෝ.

මෙයාව අපි හදුන්වන්නේ "කඩුපත් මොරෙයියා" කියලා හදුන ගන්න හරි ලේසියි.පත්‍රය කඩුවක් වගේ සිහින්ව උල්ව තමයි පිහිටලා තියෙන්නේ.කද දිහා බලන්නකෝ උඩ කොටස හීන් වෙලා පහලට යද්දී කද මහත් වෙලා හරියට කේතු ආකාරයේ ස්වභාවයක් තමයි දකින්න ලෑබෙන්නේ.මේ කඩුපත් මොරෙයියාගේ රයිසෝමය එහෙම නෑත්නම් දන්න විදියට අලේ ප්‍රමාණය විශාලවයි පිහිටලා තියෙන්නේ.පෑලේ ප්‍රමාණය නම් සාපේක්ශව කුඩායි.දෑන් කට්ටියට කඩුපත් මොරෙයියා වෙන් කරලා හදුනගන්න අපහසු වෙන එකක් නෑ.ඔන්න යාලුවනේ කෙසෙල් පෑලයක් හිටුවන්න ගන්නවා නම් ඔන්න ඉස්තරම්ම මොරෙයියා තමයි මේ සදහන් කරපු කඩුපත් මොරෙයියා .ඒකට හේතුව තමයි මෙයාගේ වර්ධන වේගය ඉතාම ඉහලයි.සාමාන්‍යයෙන් සිටුවලා මාස 10 -12 වගේ යද්දි අපිට හොද ප්‍රමාණයේ කෙසෙල් කෑනක් මෙයාගෙන් ගන්න පුලුවන්.
දෑන් මේ පහලින් තියෙන පෑලේ නෑත්නම් මොරෙයියා දිහා බලන්නකෝ.ඔයගොල්ලො අනිවාර්යෙන් දෑකලා ඈති.

මෙයාව අපි හදුන්වන්නේ "ජල මොරෙයියා" නෑත්නම් දියපත් මොරෙයියා කියලා.පත්‍ර හෑඩය ගත්තොත් පලල් මෝරපු ගහක කොලේක හෑඩයට සමානයි.හෑබෑයි ඊට වඩා ප්‍රමාණයෙන් කුඩායි.කදේ ස්වභාවය සිලින්ඩරාකාරයි.උඩයි යටයි විශ්කම්බයේ ලොකුවෙනසක් දකින්න නෑ.රයිසෝමය,අලේ ඉතාම කුඩායි කොටින්ම නෑ වගේ.හෑබෑයි මෙයා කඩුපත් මොරෙයියාට සාපේක්ශව ලොකුවට ඉන්න නිසා ගොඩ දෙනෙක් රෑවටිලා ඉක්මනට කෑනක් ගන්න කියලා හිතාගෙන මෙයාව හිටවගන්නවා.
බලාපොරොත්තුව ඉශ්ට වෙයිද?
අනේ නෑ .ලොකුවට හිටියාට මෙයාගේ වර්ධන සීඝ්‍රතාවය ඉතාම අඩුයි.කෑනක් එන්න සෑහෙන්න කාලයක් යනවා දළ වශයෙන් ගත්තෝතින් මාස 15 විතර ....ලේසි නෑ නේද?ඔන්න ඒක නිසා මේ දියපත් මොරෙයියන් සාමාන්‍යයෙන් සිටුවීමට ගන්න නිර්දේශ කරන්නේ නෑ
මේ මොරෙයියන් දෙවර්ගය ඈරුනාම කෙසෙල් පදුරක තවත් මොරෙයියන් කාංඩයක් ඉන්නවා.එයා මන් මේ කලින් සදන් කරපු වර්ග දෙකේ අතරමෑදි ලක්ශන තමයි පෙන්නුම් කොරන්නේ.එයාව නම් කරලා තියෙන්නේ" කන්‍යා මොරෙයියා" කියලා .එහෙම නම් කලේ මොකද කියලා නම් මාත් දන්නේ නම් නෑ.ඒත් මෙයා කඩුපත් මොරෙයියා තරම්ම හොදත් නෑ.ඒ වගේම දියපත් මොරෙයියා තරම්ම නරකත් නෑ.කෑනක් ගන්න කඩුපත් වලට වඩා වෑඩි දියපත් වලට වඩා අඩු කාලයක් ගතවෙන නිසාත් පෑල විසාල ප්‍රමානයක් හිටවන්න ඕන වෙන නිසාත් මෙයාවත් සිටුවන්න සුදුසු ලයිස්තුවට දාලා තියෙනවා
ඔන්න යාලුවනේ මීට පස්සෙ නම් හරි පෑලේ තෝරගන්න හෑටි ඔයාලට අමතක වෙන එකක් නෑ.ඉතින් සුභම සුභ සති අන්තයක් ඔබට,ගිහින් එන්නම්

Related Posts Plugin for WordPress, Blogger...