.


භෝග සායනය


ඔන්න අපිත් අලුත් වෑඩක් කලා පහුගිය සතියෙ සදුදා,මේක සායනයක්.හෑබෑයි අපේ ලෙඩ වලට බෙහෙත් දෙන සායනයක් නෙමෙයි.මේක අපේ ගොවි මහත්වරුන්ගේ වගා ලෙඩ උනාම ඒවයේ ගෑටලු ඈති උනහම ඈවිල්ලා ඒවා නිරාකරනය කොරගන්න උදව් වෙන,එහෙම නෑත්නම් බෙහෙත් වර්ග නියම කරන භෝග සායනයක්.

මේක තමා අපේ දෙපාර්තමේන්තුවේ අලුත්ම වෑඩසටහන.නමින් කිව්වොත් කෘශි භෝග සායනය.ඉතින් මේකේ අපේ කලාපෙ පලමුවෙනි වෑඩසටහන හා හා පුරා කියලා මගේ කොටසේ ගම්මානයක් තෝරගෙන තමයි පෑවෑත්වුයේ.බොහොම සාර්ථකව අපිට වෑඩේ කරගන්න පුලුවන් උනා.
ඉතින් වෑඩසටහන පවත්වන දවස ස්ථානය වේලාව වගේ දේවල් පිලිබදව අපි අපේ ගොවි මහත්වරු කලින්ම දෑනුවත් කලා.අපි මේකට පොඩි විස්තර පත්‍රිකාවක් තමයි භාවිතා කලේ .ඊට අමතරව අපේ ඔය පුහුණු වෑඩසටහන් වලදි එහෙම මේකට සහභාගී වෙන්න කියලා ගොවි මහත්වරු දෑනුවත් කලා.
අපේ ගොවි පියෙක් පෑමිණ සිටින සියලුම දෙනා පංච සීලය සමාදම් කිරීමෙන් අනතුරුව වෑඩසටහන උදේ 9.30 වෙද්දි පටන් ගත්තා.ඉතින් මේ අපේ කෘශි භෝග සායනයට ලොකු පිරිසක් සහභාගී උනා.ගනනින් කිවෝතින් හරියටම එකසිය විස්සක්.උදේ වෙද්දිම ගොඩ දෙනෙක් බොහොම උනන්දුවෙන් සභාගී වීම විශේශත්වයක්.
මේකෙදි අපි විශේෂ සේවාවන් කීපයක්ම ගොවි මහත්වරුන්ට ලබා දුන්නා .හදුනා නොගත් වගා ගෑටලු
හා ඒවායේ සාම්පල්කෙලින්ම අපේ පර්යේෂණ ආයතනවල නිලධාරීන්ට යොමු කරලා ඔවුන් එක්ක සාකච්චා කරලා විසදුම් ලබා ගෑනීමට ඉඩ ලෑබීම ලොකු වාසියක් උනා.
ඒ වගේම වගා තොට්‍රතුරු තියෙන විස්තර පත්‍රික ගොවීන්ට ලබා දීමත් ඔවුන්ගේ වගා බිමේ පස් සාම්පලයක් පරික්ශා කරලා දෙන්නත් අපිට මේ සායනයෙදි අවස්ථාව ලෑබුනා.
අපේ භෝග සායනයට ආපු ගොවි මහත්වරුන්ට පුන්චි සංග්‍රහයක් කරන්නත් අපිට ඉඩ ලෑබුනේ සී.අයි.සී සමාගම ලබාදුන්නු අනුග්‍රාහකත්වය යටතේ.ඉතින් දහවල් දෙක විතර වෙද්දි බොහෝම සාර්තක කෘෂි භෝග සායනයක් පවත්වලා අවසන් කරලා අපේ ගොවින්ට යම් දෑනුමක් ප්‍රයෝජනයක් ලබා දුන්නා කියලා අපේ කංඩායමම තෘප්තිමත් උනා කියලා මේ සටහන නිමා කරන්නම්.

ජීවිතය හරි පුදුමාකාර දෙයක් සතුට වෙලාවකට දුක උරුම වෙන හෑටි.අපේ පාසල් විය මතකය හරිම සුන්දරයි.ඒ කාලේ අපේ ජීවිතයම උනේ අපේ පාසල ඈය රාහුල මාතාව ,මාතර ඉතින් පහේ පන්තියෙ ඉදන් සාමාන්‍ය පෙල දක්වා කාලය පාසල් දිවියේත් හොදම කාලය.අපි බලන් ඉන්නේ ඕෆ් පීරියඩ් එකක් එනකන්.පන්තිය ඈතුලේ මෙස ටික එකතු කරලා පුන්චි ප්ලාස්ටික් බෝලෙන් ගහන ක්‍රිකට් ඒ කාලේ හරි ජනප්‍රියයි,
ඉතින් මන් මේ කියන අපේ දයාබර මිත්‍රයා එකොලහේදි අපි පන්ති නායකයා කලා ඔහු සෑම දේකටම දක්ශ හොද යාලුවෙක් මට තාම මතකයි උඹ ඔෆ් පිරියඩ් වල අපි කෑ ගහන කොට ටොකු අනින්න ආව හෑටි ,අපි උබට කොල ගුලි වලින් ගහනවා අහක බලද්දී අනේ මේවා මේ තරහට නෙමේ ඒ කාලේ ජොලියට කල දෙවල් ඔහු නමින් චාමින්ද ද සිල්වා මාතර ඉසදීන් නගරයේ පදිංචිය ,උසස් පෙල 2000 කන්ඩායමේ
ඉතින් මේ ශෝක ජනක ආරංචිය දෑනගන්න ලෑබුනේ පෙරේදා උදේ ඔහු අපිව හෑර ගිහින් ආයෙ නො එන්නම;මුලු ලොවෙන්ම,ඉතින් මේ ආරංචිය ඈහුවාම උබලා අපි ඒ ගතකරපු සුන්දර අතිතය,උබේ කොයි වෙලෙත් තියෙන ඔය සුන්දර හිනාව මෑවිලා පෙනුනා .
දුකයි ඒත් මොනවා කරන්නද හමුවීම වෙන්වීම අපිට පොදු දෙයක්.අද සවස ඔබ අවසන් ගමන් යනවා ඉතින් දයාබර යහලුවේ වෙන් වෙමු අපි කදුලු සමගින්,ඔබට නිවන් සුව.

Related Posts Plugin for WordPress, Blogger...