දුරකථනය කෑ මොර දෙන සද්දේ හීනෙන් වගේ ඈහුනා .ආයෙත් එහෙමම නින්ද යාගෙන එද්දී මෙන්න ආයෙත් අර සද්දේ ඈහෙනවා .....එලි වෙලාද ..කවුද මේ උදේ පාන්දරම!!!!!සුනාමියක් එනවාලු, මෙහේ කට්ටිය අයින් වෙනවාලු, මාතර සුනාමි අනතුරු ඈගවිම් නිකුත් කරන කුලුනෙන් අනතුරු ඈගවීම් නිකුත් කරලාලු........අම්මෝ ආයෙත් සුනාමියක්ද ?ඈදෙන් බෑස්සා නෙමෙයි පෑන්නා .....
මොන එලි වෙලාද,වෙලාව අලුයම 2.20 මුලින්ම හරි තොරතුරක් දෑනගන්න ඕනනේ .මතක් උනේ අපේ සත්ගුණවත් ජනමාධ්‍ය. දෑම්මා ටි.වී එක.ම්හු එකක්වත් වෑඩ නෑ.ලනුවක් වත්ද?දෙවෙනි තෑන රේඩියෝවට දුන්නා..."අද අලුයම 1...... පමන නිකොබාර් දුපත් ආසන්නයේ සිදුවූ භූමි කම්පා තත්වයක් හේතුවෙන් සුනාමි අවධානම් තත්වයක් ප්‍රකාශයට පත් කොට ඈත.මේ පිලිබදව වෑඩි දුර තොරතුරු සදහා රෑ.........." ඔන්න යනවා නිවේදනේ..
මේ ඔක්කොමත් එක්කම රෑට ක්‍රියා විරහිත කරන මගේ ජංගම දුරකථනෙත් ඔන් කලා .මෙන්න ඒ එක්කම යාලුවෙක් කෝල් කරනවා,,,"මචන් අවුලක් නෑ නේද අපේ අයිය දෑන් කථා කරලා කිව්වා මාතර කට්ටියව අයින් කරනවා කියලා .....මේ උබටත් කියන්න ගත්තේ" ඌ රත්නපුරේ.....මගෙත් තව යාලුවෙක් ඉන්නවා මූද කිට්ටුව ම ,ඒ පාර ඌටත් නිව්ස් එක දුන්නා .......ඌ හොදටම නිදිනේ මේ තරම් හදියක් වෙන්න යද්දී......අපිට නම් මූදට කෙලින්ම දුර ගත්තොත් කි.මී 3 විතර තියෙනවා....ඒත් ඉතින් කියන්න බෑනේ
රේඩියෝ එකෙත් මොකුත් කියන පාටක් නෑ....ඒ අස්සේ මං ඔන්න අන්තර්ජංජාලෙත් පිරික්සුවා ....මෙන්න ආයෙත් ඈතින් නිවේදනයක් ඈහෙනවා .ගෙයි ඔක්කොම මිදුලටත් පෑන්නා
attention please! කරුනාවෙන් සවන් දෙන්න,දෙමළ භාශාව ද ඈතුලු භාශා තුනෙන්ම කියනවා.සුනාමි අවධානම් තත්වයක් නොමෑත.
හරිනේ.....උනු උනුවෙන් තේ කෝප්පෙකුත් සප්පායම් වෙලා නිදා ගත්තා .වේලාව අලුයම 3.00 යි.

