මා ලොකුවෙලා කවුරු වෙන්න කෑමතිදෑයි අපේ අම්මලා අහන වෙලාවලදිත් මං එක පාරටම කියන්නේ කවදාහරි මම ලොකු පොලිස් කාරයෙක් වෙනවා කියලාය.මෙහෙම කියනකොට අම්මා නම් මොකුත් නොකීවත් අපේ තාත්තාට නම් මල පනී.ඒ ඈයිද කියා නම් මට තේරෙන්නේ නෑත.අපේ අල්ලපු ගෙදර ත් ඉන්නේ පොලිස් මාමා කෙනෙකි.ඕකා ජරා පප්පා යයි අපේ තාත්තා කොයි වෙලේ කිවුවත් මට එහෙම දෑනෙන්නේ නෑත.ඒ මාමාගේ ගෙදර තරම් ලොකු ගෙයක් අපේ අහල ගමක වත් නෑත.ගෙදර කොයි වෙලෙත් සෙනග පිරිලාය.ගේ හදන්න ගල් වෑලි ඔක්කෝම ගෙනත් බෑවේ යාලු මාමලාය.අපේ තාත්තාට කොයින්ද ඒ වගේ යාලු ගොල්ලො.මට හිතෙන්නේ නම් ඒ මාමා ට්‍රෑෆික් එකේ ඉන්න නිසා අපේ තාත්තාට ඉරිසියා හිතිලා විය යුතුය.
පොලිස් මාමලා උදවු කීරීමට ගොඩාක් කෑමතිය.දවසක් අපි කතරගම යද්දී පොලිස් මාමලා දෙන්නෙක් ගහක් අස්සේ හිටන් එක පාරටම පාරට පෑන්නෝය.අපේ ඩ්‍රයිවර් මාමා ඉර කපලා නෙ කියා තාත්තා කීවාය.ඒකට ලොකු දඩයක් ගෙවන්න ඕනලු.ලයිසම පොලිස් මාමලා ගන්නවාලු.අනේ අපේ තාත්තා දන්න තරම.අර මාමලා දෙන්නා අපිට එහෙම කලේ නෑත.ඩ්‍රයිවර් මාමා කිව්වේ රුපියල් පන්සීයෙන් වෑඩේ ශේප් උනා කියලාය.ඉතින් අනුන්ට උපකාර කරන මේ වගේ මාමලා කොයි තරම් හොදද?
පොලිස් මාමා කෙනෙකු වීමට කෑමති හේතු තව ඕනෑ තරම්ය.මා වීරයන්ට ගොඩාක්ම කෑමතිය.රොබිහුඩ් ,ටාසන් තව මතක් වෙන්නේ නෑත.දවසක් මං ටිවි එකේ බලද්දී මරු සීන් එකක් දුටුවාය.පොලිස් මාමලා ටිකක් එකතු වී දුස්ටයාට පොල්ලකින් හොදට තඩි බාන්නේය.මේ ය මාගේ සිත් ගත්තේ ගොඩ බිමේ නොව මූදේදී මේ මාමලා වෑඩ පෙන්වීම නිසාය.රොබින්හුඩ්ලා පරාදය.තාත්තා ට නම් එදා යකා වෑහිලා වාගේය.අහින්සක මනුස්සයෙක් මුන් එකතු වෙලා මෑරුවායයි කිය කියා හිටියේය.මට නම් හිතෙන්නේ තාත්තාට ඒවා බෑරි නිසා විය යුතුය.පොලිස් මාමලා වීරයන් යයි මා කියන්නේ ඒ නිසාය.
තාත්තා මේ ලගකදී කියපු කතාවකින් මගේ සිතද තරමක් කම්පා උනාය.ඒ පොලිස් මාමලාගේ පඩිය අඩු කොරලානේ පුතේ ඔයාගිහින් වෑඩක් නෑ.කියු නිසාය.එසේ කලේ ඈයි දෑයි මට කුතුහලයක් ඈතිවූ නිසා මේ ගෑන ඈසූ විට තාත්තා නම් කියුවේ දෑන් හයිස්පිඩ් ලියන්නේ නෑනේ කොල්ලෝ කියාය.ඉතින් ඒක හා මේ මාමලාගේ පඩිය අතර සම්බන්දයක් තියේය.අපේ තාත්තාට නම් පිස්සු හෑදී ගෙන එනවාද කියා මට සිතුනි.
අනික මේ මාමලාට කොයි තරම් සලකනවාද මිනිස්සු.බස් එකේ දි ටිකට් වත් ගන්න ඕන නෑය,අපේ බාගේ ටිකටය ගත්තේ නෑත්නම් කොන්දොස්තර මාමලාගෙන් බලු බෑනුම්ය.මා එසේ බෑනූ අපේ ගමෙ බස් එකේ කොන්දොස්තරට පොලිස් කාරයෙක් වී හොද පාඩමක් උගන්වන්නේය.හංදියෙ හෝටලයෙන් නොමිලේ කන්නට අවස්තාවද මට ලෑබෙන්නේය.
ඉතින් මාගේ අනාගත බලාපොරොත්තුව නම් පොලිස් මාමෙක් වීමය.
(ටීච මට හොදයි එකක් දෙන්න )