.


Did you ever hear about hybrid seeds ?

'හයිබ්‍රිඩ්' එහෙම නෑත්නම් 'දෙමුහුං' බීජ ගෑන ඔයාලා අහලා තියෙනවාද?

අද මම ඔයාලට කෙටියෙන් විස්තර කරන්න හදන්නේ අපිට මේ දවස් වල වෑඩි පුරම ඈහෙන ,ඒ වගේම අපේ ගොවිමහත්තුරුන්ගෙ එහෙම වෑඩිපුරම භාවිතා වෙන වචනයක් ගෑන.මොකද්ද මේ.මේක අපි සිටුවීමට ගන්න බීජ හා සම්බන්ද දෙයක්.හයිබ්‍රිඩ් එහෙම නෑත්නම් දෙමූහුං බීජ ගෑන ඔයාලා අහලා තියෙනවාද,
ඈත්තටම මේ හයිබ්‍රිඩ් නෑත්නම් දෙමුහුං බීජ අපේ ගොවි මහත්වරුන්ට නම් දෑන් හොදට හුරුයි.වගා කලේ මොනවද කියලා ඈහුවෝතින් ගත් කටටම කියන්නේ කියන්නේ මහත්තයෝ මෑලේසියන් ඈට දෑම්මේ කියලා.ඉතින් ඒ ගොල්ලො මේ දෙමුහුං බීජ වලට කියන්නේ මෑලේසියන් ඈට කියලා.එහෙම කියන්න හේතුවක්තියෙනවා.ඒ මේ බීජ වර්ග වෑඩිපුරම නිශ්පාදනය කරන්නේ මෑලේසියාව,තායිලන්තය,තායිවානය වගේ රටවල්වල.
ඉතින් ඈත්තටම මොකද්ද මේ දෙමුහුමක් කියන්නේ? බොහොම සරළවම ගත්තෝතින් එකි නෙකට වෙනස් ලක්ශන තියෙන අම්මේකුයි තාත්තෙකුයි මුහුම් කරලා එන පලවෙනි පරම්පරාව(f1) නෑත්නම් දරුවා තමයි මේ දෙමුහුං ඈට කියලා අපි හිටවන්න ගන්නේ.උදාහරනයක් කිව්වෝතින් තාත්තාගෙ නියගෙට ඔරොත්තු දෙන ගුනයක් තියෙන්න පුලුවන් .දෙමුහුමට යොදාගන්න අම්මාගෙ හොද අස්වෑන්නක් ලබා දීමේ ගුනේ තියෙන්න පුලුවන්.ඉතින් මේ දෙන්නගේ දරුවාට අර ලක්ශන දෙකම එනවා.අම්මාගෙන් පනහයි තාත්තාගෙන් පනහයි.
ඉතින් අපේ ගොවි මහත්තුරු සීග්‍රයෙන් ග්‍රහනය කර ගෙන තියෙනවා මේ හයිබ්‍රිඩ් බීජ වර්ග.උදාහරන විදියට ගස්ලබු ගත්තෝතින් බහුලවම වගා කරන්නේ රෙඩ්ලේඩි හා සින්ටා කියන ප්‍රභේද,තක්කාලි -මාකිස් රෙඩ් බුලට් වගේ ඒවා,වම්බටු -රවීනා ,මෑහි භෝග වලින් වෑටකොලු ගත්තෝතින් නාග වගේ ප්‍රභේද,වට්ටක්කා -අර්ජුන් මේ විදියට කියන්න ගියොත් තව ගොඩාක් තියෙනවා.මේවායේ මිල ගනන් කොහොමද?ඉතාම වෑඩියි.රෙඩ්ලේඩි ග්‍රෑම් 10 ක් රු 7500ක් වෙනවා තක්කාලි ග්‍රෑම් 2.5 රු 350යි.වම්බටු ග්‍රෑම් 2.5 රු 140 යි.ඒත් ඈයි මේවා වගාකරන්න අපේ අය පෙලබිලා තියෙන්නේ?
පලවෙනි කාරනේ තමයි අස්වෑන්න මේ දෙමුහුං වර්ග සාමාන්‍ය ඒවා වගේ එකහමාරක් විතර වෑඩි අස්වෑන්නක් ලබා දෙනවා.අනෙක වගාවේ එකාකාරී බව ඒ කියන්නේ එකම කාලයේ අස්වනු ලෑබීම,අස්වනු වල ස්වභාවය ආදීවූ කාරනා බොහෝ දුරට සමානයි.අවාසි විදියට මේවා අපේ සාම්ප්‍රදායික ප්‍රභේද තරම් ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්නේ නෑ.අනෙක් දේ තමයි,පොහොර අවශ්‍යතාව එහෙම ඉහලයි.අනෙක් දේ තමයි අපේ සාම්ප්‍රදායික ප්‍රභේද නෑති වීමේ අවදානමක් තියෙනවා.මතකද ඉස්සර අපේ වට්ටක්කා ගෙඩිය.ගොඩාක් ලොකුයි.අනෙක් දේ රස,ඒත් දෑන් හරි අඩුවෙන් නේද ඒවා දකින්න ලෑබෙන්නේ,දෑන් තියෙන්නේ හෑම තෑනම දෙමුහුං පොඩි වට්ටක්කා නේ රසත් අඩුයි .නමුත් අස්වෑන්න වෑඩියි.
ඉතින් මේව මේ තරම් මිල වෙන්න හේතුව මොකද්ද.එකක් තමයි මේ දෙමුහුං බීජ නිපදවන ක්‍රියාවලිය සංකීර්නයි.එක ප්‍රභේදයක්අලුතෙන් හදාගන්න වසර ගනනාවක් අත් හදා බෑලීම් කරන්න වෙනවා.ප්‍රභේදයක් හෑදුවාට පස්සේ ඒවා මව් හා පිය ශාක වෙන වෙනම නඩත්තු කරන්න ඕන.ඒ වගෙම දෙමුහුං ක්‍රියාවලිය සදහා විසාල ශ්‍රමයක් වෑය වෙනවා.ඒ ටිකක්.අනෙක් දේ තමයි මේවා පෞද්ගලික සමාගම් විසාල මුදල් ආයෝජන එක්ක කරන්නේ,ඒ අය වෑඩි ලාභයක් ගන්නවා.අනෙක් දේ ඒ සමාගම් ඒවායේ තොරතුරු ඒ කියන්නේ අම්මගේ තාත්තාගේ විස්තර කාටවත් දෙන්නේ නෑ ඒවා රහස්.එහෙම උනා නම් තව අය මේවා හදනවානේ.
ඉතිං මේකට විසදුමක් විදියට දෑන් අපේ රටෙත් මේ දෙමුහුං වර්ග නිශ්පාදනය කරමින් යනවා කෘශිකර්ම දෙපාර්තමේන්තුව විසින්.ඒ විදියට හදපු අලුත්ම තක්කාලි ප්‍රභේදය තමයි.භාතිය හා මහේශි කියලා හදුන්වන්නේ.ඉතාම හොද මට්ටමේ තියෙනවා ව්දේශ ඒවටත් වඩා....වම්බටු දෙමුහුං වර්ගය තමයි අමංදා සහ අන්ජලී.....මේවා අර රට ඒවා වගේ මහා මිල ගනන් නෑ...සේවාවක් විදියට අඩුම මිල ගනන් වලට තමයි ලබා දෙන්නේ.....
ගොඩාක් දේවල් කිව්වා වගේ.මොනවා හරිදෙයක් තියෙනවා නම් අහන්න.එහෙනම් ගිහින් එන්නම්.සුභම සුභ සති අන්තයක් ඔබට...

Related Posts Plugin for WordPress, Blogger...