.


Beautiful & cool Nuwara eliya with me

" සීතල  නුවර එලිය   සහ  මම "

මගෙන් කවුරු හරි ඈහුවොත් යන්න කෑමති ආසම ප්‍රදේශය මොකද්ද කියලා ආයෙ දෙපාරක් හිතන්නේ නෑතුවම මම දෙන උත්තරේ තමයි නුවර එලිය කියලා.ඒ තරම් ම ආස කරන නගරයක් ප්‍රදේශයක් දේශගුනයක් එහේ තියෙනවා කියලයි මට හිතෙන්නේ.මොකද මේ එක පාරටම නුවර එලිය මතක් උනේ.නෑ වෙනහේතුවක් නිසා නෙමෙයි මේ දෙසෑම්බර් මාසේනෙ.මට නම් හිතෙන්නේ නුවර එලියෙ යන්න ඕන හොදම කාලය තමයි දෙසෑම්බර්.කට්ටියට කිව්වාම ගත් කටටම කියන්නේ ආපෝ සීතලයිනෙ දෙසෑම්බර් එහේ....ඒත් ඉතින් සීතල ඒ දේශගුනය නෑත්නම් වෑඩකුත් නෑ කියලයි මට හිතෙන්නේ.මෙහේ වගේ දාඩිය දානවනම් ඒ සිසිලස දෑන්නෙන්නේ නෑත්නම් වෙනසක් නෑනේ. මේ වෙනකන් ගියපු ට්‍රිප් ගත්තොත් 99%ම ගිහින් තියෙන්නේ නුවර එලියට.පොඩි කාලෙ දෙමව්පියන් එක්ක තමයි මුලින්ම ගියේ.ක්‍රමක්‍රමයෙන් මේ පිස්සුව උග්‍ර උනා.කොහොම හරි ඕලෙවල් ලිව්වා විතරයි යාලුවො තුන් දෙනෙක් සෙට් කරගෙන හෝර්ටන් තෑන්න බලන්න ගියා.ඔහිය කියන ස්ටේශමේ පට්ට හීතලේ රෑය පහන් කොරලා පහුවෙනිදා උදේම පයින්ම ඈද්දා නේ.මොකෝ වාහන ගන්න සල්ලි තියෙන එකක්ය.හවස් වෙනකොට ආයෙත් ඔහියට එන්න ඕන නේ අන්තිමට දුවගෙන ආවේ.මොකද ප්‍රමාද උනානම් කෑලේ නෙ නවතින්න වෙන්නේ.එහෙම උනානම් ආයෙත් ඉතින් ඒමක් නෑ.යන්න එන්න කිලෝමිටර් 25 විතර මට මතක හෑටියට නම්.

ඉතින් ඔහොම මෙහෙම නුවර එලියෙ ගියපු වාර ගාන මගේ හිතේ පනහකට වෑඩියි වගේ.ඒ ගියපුවායිනුත් ලෝකාන්තේ පෑත්තේ නොගිහින් හිටිය වාර ගාන ඉතාමත්ම අඩුයි.ගියායින් පස්සේ එනකොට හිතෙනවා ආයෙ නම් කාලෙකට එන්නේ නෑ කියලා.කොහෙද මාසයක් යනකොට ඔන්න ආයි ගියොත් හොදා කියලා හිතීගෙන එනවා.ඉතින් රසවත් කතාත් තියෙනවා ඕවට සම්බන්ද වෙච්චි.
මේ ගෑන දන්න නිසා ට්‍රිප් එකක් යන්න සෙට් කරනකොටත් අපේ යාලුවො මට යෝජනා කරන්න දෙන්නේ නෑ.මොකද උන් දන්නවා අන්තිමට සුපුරුදු විදියටම මම නවතින්නේ නුවර එලියෙන් කියලා.ඒත් වෙන මොනවා යෝජනා උනත් අන්තිමේ තර්ක දාලා දාල ගුන වයලා අන්තිමට නුවර එලියටම වෙනස් කරගන්නවා......
ඔහොම යද්දි එක දවසක් උදේ වෑඩට යන්න ඉන්න ගමන් හිතුනා පොඩි වෙනසකටත් එක්ක අරෙහෙ ගියොත් හොදයි කියලා.ඉතින් අදහස දෑම්මා මාත් එක්ක වෑඩ කොරන අනෙක් සගයට ලොකු පුදුමෙකට වගේ ඌත් මෙන්න ඕකේ.ඒ පාර තව යාලුවෙකුටත් කෝල් කලා මිනිහත් කෑමති උනා.ඒ පාර එවෙලේ පාරෙ බස් එකකට ගොඩ උනා නෑවතුනේ නුවර එලියෙන්.බස් එකේනේ .අනික මෙලෝ ප්ලෑනකුත් නෑනේ.එහේ බහිනකොට රෑ 7යි පොඩි වෑස්සකුත් තිබුනා.අර ගියපු අනෙක් යාලුවා කියනවා හෙට මීටින් එකක් අනිවාර්යෙන් හෙට උදේ ආයෙ වෑඩට ඉන්න ඕනලු.ඉතින් මොකද කොරන්නේ දෑන් 7 යි ආයෙ එන්න පෑය 7 ,8 යනවානේ.ඒ කියන්නේ ආයෙ බස් එකේ නගින්න ඕන.මොන සෙල්ලම දෑම්මත් මූ ඉන්න බෑම කියනවා.ආයෙ බස් එක රෑ9ට ඒ පාර ආයෙ ඒකෙ නගින්න තිරනය කොලා.
දෑන් නමයට පෑය දෙකක් තියෙනවනේ මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට සිතලත් එක්ක අර මිත්‍රයම යෝජනාවක් ගෙනාවා ටවුන් එකේ අකුරු තුනේ නම තියෙන තෑනට යන් කියලා.මෙන්න එතන වාඩි උනා විතරයි ඉස්සරහා ටේබල් එකේ කලින් අවුරුදු ගානක් එකට වෑඩ කරපු මිත්‍රයෙක් .මිනිහා තනියම.පුදුම හමුවීමක් දෑන් එහේලු වෑඩ කරන්නේ.ඒ පාර ඉතින් අපි පරන විස්තර අරව මේව කතා කොර කොර ඔහොම ගියා.මචන් මේ රෑ කොහේ යන්නද අපේ ඈනෙක්ස් එකට ගිහිල්ලා හෙටත් ඉදලා යමු.ඔන්න නවාතෑන් ප්‍රශ්නේ විසදුනා .ඒත් බෑනේ අරුට රෑස්වීමනේ
....8.30 ඈහුවා මචන් යන්න ම ඕන නේ ,,,,,,ඔව්,ඔව්.උබලට බෑරිනන් හිටපන් මන් යනවා.දෑන් 9යි බස් එක නමයටනේ යන්නයි වෙන්නේ........කෝ ඒත් මේ කා බෑලුවා බෑලුවා නෑ.ගියාවත්ද.එලියට ගියා...අපොයි මෙන්න එහා පෑත්තේ ශෙඩ් එක ගාව මල් ගහක් අස්සේ ඉදගෙන ඔක්කෝම දානවා.පිට අත ගාන ගමන් මචන් නමයයි යනවද?????///දෑන් ඕන නෑ වගේ බන් හෙටම යන්. ඔන්න ඔය වගේ බර කටුත් මේ සිද්දිත් එක්ක මතකයට එකතුවෙලා තියෙනවා.
තව පාරක් හිතුනා බයිසිකල් වලින් යන්න ඕන කියලා. ඒ පාර කොහොම හරි ඈද්දා නේ බයිසිකල් වලින්ම.දිගටම වෑස්ස ඒත් හොද අත්දෑකීමක්,අනිත් එක එහෙම ගියාම මාර නිදහසක් නේ තියෙන්නේ.ලස්සන තෑනක් අහු උනොත් එතන පොඩ්ඩක් නෑවතිලා ප්ලේන්ටියක් එහෙම රස බලලා හිමින් සෑරේ යන්න පුලුවන්.
එක පාරක් ගිය ගමනකදි අපි නවතින්න වෙන් කර ගත්තේ කන්දෙ ඈල ජලාශෙ ගාවින් උඩහ පිහිටලා තියෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ආයිති සංචාරක නිවාසය.නුවර එලියෙ ඉදන් හෝර්ටන් තෑන්න ට යන පාරෙ තමයි මේ කන්දෙ ඈල ජලාශය තියෙන්නේ.ගොඩ දෙනෙක් මෙතන නවත්වලා යන්නත් අමතක කරන්නේ නෑ.ඉතින් මේ නිවාසය තමයි ස්වභාවදර්මය විදගන්න පුලුවන් මට හමුවෙච්චි හොදම තෑන.හවස් වෙද්දි වෑව පෑත්තෙන් එන මිදුමත් එක්ක මෑවෙන දර්ශනය වචනයෙන් විස්තර කරන්න අමාරුයි.ඒක කොලඹින් වෙන්කරගන්න පුලුවන් ඔයාලටත් යනවානම්.
මේ අවුරුද්දෙත් දෙපාරක් ගියා.ඒත් දෙසෑම්බර් මාසේ යන්න ඉඩක් ලෑබුනෙ නෑති වීම නම් පොඩි දුකක් තියෙනවා හිතේ.
තව කියන්න දෙවල් නම් ගොඩාක් තියෙනවා ඒත් ඒවා කියන්න ගියොතින් මේ ලිපිය පෑදුරක් වෙනවා.කොහොම උනත් මම ආසම ප්‍රදේශය තමයි නුවර එලිය .ඉතින් ඒ නිසා තමයි මේ සටහන තෑබුවේ ඒ වෙනුවෙන්.

අලුත් අදහසක් ...

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ, නෑත්නම් අපේ සංසදයේ පලමු වෑනි සුහද හමුව අද කොළඹ දි බොහොම උත්කර්ශවත් විදියට පෑවෑත්වුනානේ..ඉතින් ඒකට සහභාගී වෙන්න බෑරි උනත් මේ වෙලාවේ මුලු හදවතින්ම සුභ පෑතුම් එක් කරනවා. ඒ වගේම ප්‍රර්ථනා කරනවා මේ විදියට ශක්තිමත්ව දිගු ගමනක් යන්න වාසනාව ලෑබේවායි කියලා.ඉතින් මේකෙන්ම අදුනගත්තු ගොඩාක් යාලුවො මේකට එනවා නේද කියලත් ඈහුවා .අනේ ඒ අයටත් බොහොමත්ම ස්තුතියි අපිව මතක් උනාට .ලබන වසරේ එකට අනිවාර්යයෙන්ම එනවා හිටියොත්......
ඉතින් මම මේ බ්ලොග් එකේ කෘෂිකාර්මික පෑත්තෙන් වෑදගත් වෙන ලිපිත් සෑරින් සෑරේ එකතු කරනවානේ.හෑබෑයි ගොඩාක් වෙලාවට ලිපි මගින් තමයි ඉදිරිපත් කලේ.ඒ වගේම අපේ යාලුවොත් කියලා තිබුනා විශේෂයෙන් ගෙවතු වගාව ,කොම්පෝස්ට් සෑදීම වගේ දේවල් ගෑනත් තොරතුරු දෙන්න කියලා.ඉතින් මට හිතුනා ඒ වගේ වෑදගත් මාතෘකා යටතේ මට ලෑබෙන එහෙම නෑත්නම් මං හොයා ගනිපු වීඩියො ක්ලිප් එහෙමත් අපේ යාලුවොත් එක්ක බෙදා ගත්තොත් හොදයි කියලා.මොකද මෙවා කට්ටියට ටිකක් හොයා ගන්නත් අමාරුයිනෙ.අනික අපේ රාජකාරිත් එක්ක නම් මේ වගේ ඒවා ලෑබෙනවා
ඉතින් මේ විදියෙ වීඩියෝ ක්ලිප් මට ලෑබුනාම මම ඒවා මීඩියා ෆයර් වගේ එකකට අප්ලෝඩ් කරන්නම් .ඒකෙ ලින්ක් එකක් මම මේ බ්ලොග් එකේ දාන්නම් . ඔයාලට පුලුවන් ඒකෙන් භාගත කර ගන්න. ඔන්න මීඩියා ෆයර් එකේ ගිනුමකුත් හදා ගත්තා මේ වෙනුවෙන්ම. ගොඩාක් ලොකු වීඩියො එහෙම නම් අප්ලෝඩ් කරන්න වෙන්නේ නෑ මොකද සීමා සහිත අන්තර්ජාල සම්බන්ද තාවයක්නේ මන් පාවිච්චි කරන්නේ
ඉතින් මුලින්ම කාබනික පොහොර එහෙම නෑත්නම් කොම්පෝස්ට් පොහොර පිලිබදව හදුන්වා දෙන වීඩියො ක්ලිප් එකකුත් එකතු කරලා තියෙනවා rar ගොනුවක් විදියට තමයි මේක උඩු ගත කලේ.ඒත් එහෙම කලා කියලා ගොනුවෙ ප්‍රමාණය නම් ලොකු ප්‍රමාණයක් අඩු කරගන්න බෑරි උනා.කොහොම උනත් ඉදිරියෙදිත් මේ වගේ වෑදගත් වීඩියෝ ලෑබුනොත් එවා මේ විදියට එකතු කරන්නම්.ඉතින් එහෙනම් ආයුබෝවන් ගිහින් එන්නම්

Related Posts Plugin for WordPress, Blogger...