"කලමෑටියේ පරව් අහු වෙලයි කියන්නේ"
අද මේ කියන්න හදන්නේ ටිකක් වෙනස් විදියෙ කථාවක්.අපිට පොඩි ආරංචියක් දුන්නා අපේ මිත්රයෙක් ඊයෙ,"මචන් අන්න අද කලමෑටියේ පරා අහුවෙලාලු.ගිහින් බලපන්කො" කියලා.ඉතින් ඔක්කෝම වෑඩ පෑත්තකින් තියලා ගියා නෙ ඒ පාර කළමෑටියෙ. කලමෑටිය ඔයාලට නුපුරුදු තෑනක් නෙවෙයි නේ.අපේ රටේ දකුණු කොටසේ පිහිටලා තියෙන කුරුලු අභයභූමියක් විදියට තමයි මේ ස්ථානය ගොඩක් ප්රසිද්ධ වෙලා තියෙන්නේ.ඊට අමතරව දෑනට සුරක්ශිතව පවතින හොද කඩොලාන පරිසර පද්ධතියක් මේ භුමියේ දකින්න පුලුවන්.හරියටම තෑන කිව්වොතින් කොළඹ කතරගම පාරේ හුංගම නගරය පහු කරලා කිලෝමීටර් දෙකක් විතර ඉදිරියට යනකොට දකුණු පෑත්තට තියෙන පාරෙ පොඩි දුරක් යද්දි කලමෑටිය අභයභූමිය හමු වෙනවා.
ඉතින් මේ අභයභුමිය එක් පසකින් මායිම් වන්නේ මහා සාගරයට.ඒ කෙළවරේ තමයි කලමෑටිය ධිවර වරාය පිහිටලා තියෙන්නේ.ඉතින් අපේ ගමනාන්තය උනේ අභය භූමිය හරහා ගොහින් මේ ධිවර වරාය දක්වා ගමන් කිරීම.මොකද පරව් ගන්න හෝ බලන්න නේ මේ ආවෙ,තකහනියේ.
අභය භුමිය අවසන් සීමාවට එද්දි නටබුන් වෙච්චි ගෙවල් තෑනින් තෑන දකින්න තියෙනව .සමහරක අත්තිවාරම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ,මොකද දන්නවද මේ ප්රදේශයට සුනාමියෙන් ලොකු හානියක් වෙලා තියෙනවා ඒ වෙලාවෙදි.
ඉතින් අපි මේ ගියෙ එහෙම අහු උන පලවෙනි දවසේමයි.ඒකයි මේ තරම් කලබලේ කට්ටියගේ.ඉතින් මෙහෙම අහු වෙන්න ගත්තාම සතියක් විතරම මුන් අහු වෙනවලු. ඉතින් ඒකත් එක්ක හොද ආදයමක් ලෑබෙනවලු මේ අයට.දෑන් ඊයෙ නම් ඉල්ලුමට වඩා සෑපයුම ගොඩක් අඩුයි.ඒකයි මේ තරගෙට පොරකන්නේ මාලු ගන්න.ඒ නිසාම මිලත් වෑඩි වෙලා.කිලෝ එකක් කිරුවෙ රුපියල් දෙසීයට.ඉතින් මේ එක පරවෙක් කිලෝ දහයකට වඩා බරයි!
The Srilankan greatest singer , loving heart person ,music director Mr Amaradewa ,wish you happy birth day!
දයාබර... අමරදේව ,නම්වූ සොදුරු සරළ ,සංගීතවේදියානෙනි,මව් බිමට ආදරය කල සහෘදයානෙනි! ඔබට සුභ උපන් දිනයක් වේවා!
ජීවන මං පෙත තරනය කිරීම තුල අසූ දෙවෑනි විය පසු කර යන නමින් දයාබර... අමරදේව ,නම්වූ සොදුරු සරළ ,සංගීතවේදියානෙනි,මව් බිමට ආදරය කල සහෘදයානෙනි!දිවි මං පෙතේ තවත් චිරාත් කාලයක් හෙල අඹර දිදුලන තරුවක් ලෙසින් අප අතරම හිදිමින් දිගු ගමනක් යාමට ශක්තිය වාසනාව ලෑබේවායි එක් සිතින් පෑතුම් එක් කරමි. ඔබට සුභ උපන් දිනයක් වේවා!
ජීවන මං පෙත තරනය කිරීම තුල අසූ දෙවෑනි විය පසු කර යන නමින් දයාබර... අමරදේව ,නම්වූ සොදුරු සරළ ,සංගීතවේදියානෙනි,මව් බිමට ආදරය කල සහෘදයානෙනි!දිවි මං පෙතේ තවත් චිරාත් කාලයක් හෙල අඹර දිදුලන තරුවක් ලෙසින් අප අතරම හිදිමින් දිගු ගමනක් යාමට ශක්තිය වාසනාව ලෑබේවායි එක් සිතින් පෑතුම් එක් කරමි. ඔබට සුභ උපන් දිනයක් වේවා! Labels: අමරදේව ශූරීන්, චරිත, වෙනත්
Subscribe to:
Posts (Atom)
