.


සතියක නිමාව...

තවත් සති අන්තයක්.නමුත් වෙනදා වගේ නම් නෙවෙයි.ගොඩාක්ම කාර්ය බහුලයි.දවස් ගානකින් ඔන්න දෑන් තමයි බ්ලොග් එක පෑත්තට එන්න ඉඩක් ලෑබුනේ ඒත් ටික වෙලාවකට.......හ්ම්ම්.ආයෙත් ඔන්න වහින්න පටන් ගත්තා.මේ සතියෙම එක දෙයක් නම් නොඅඩුව තිබුනා......වෙන දෙයක් නෙමෙයි ඒ වෑස්ස.......
ඉතින් මගේ ජීවිත කාලයේ මම බලාපොරොත්තුව හිටි පෑත්තක් බලන්න යන්න සුවිශේෂි අවස්තාවක් ලෑබීමේ සතුටුදායක ආරංචියත් අපේ යාලුවන්ට කියන්නේ ගොඩාක් සතුටින්.ඈත්තටම හිතුවෙ නෑ මේ තරම් ඉක්මනට ඒ අවස්ථාව ලෑබේවි කියලා ඉතින් ඔන්න ඒ ආසාවත් හෑබෑ වෙලා......ඔන්න කට්ටිය කල්පනා කරනවා ඈති ඔය තරම් අගේ කරන්නේ මොකද්ද මේ කියලා.....ඉතින් ගිහිල්ලා ඈවිල්ලාම ඒ ගෑන සම්පූර්ණ විස්තරයම කියන්නම්කෝ අපේ යාලුවන්ට .චායාරූපත් එක්කම .....
අප්පේ කලුවරත් වෑටීගෙන එනවා .මේවත් වහන්න එපාය ඉතින්.මේ සතියේ මොකුත් ලියන්න වෙන්නෙත් නෑ.ඉතින් යාලුවනේ ගිහින් එන්නම් සාමය සතුට පිරි සති අන්තයක් ඔබ සියලුම දෙනාට.....

අපි මිදි වගා කරමු...

ඔන්න අපේ යාලුවො කීප දෙනෙක්ම අහලා තිබුනු ඒ වගේම කාලීන වෑදගත්කමකුත් තියෙන මාතෘකාවක් ගෑන අද කතා කරන්න හිතුනා.වෙන මොකුත් නෙමේ මිදි වගාව ගෑන. මෙහෙම කියන්නම් .වගාවක් කිව්වාට අපේ යාලුවන්ට ගෙදර මිදි වෑලක් දෙකක් උනත් හදාගෙන රස බලන්න පුලුවන්.ප්‍රදේශය ගෑන හිතන්න එපා.ඕනෑම පෑත්තක හදන්න පුලුවන්. ඒත් ආර්ථික වගාවක් කරන්න නම් සුදුසුම වියළි කලාපය තමා.මේ පෑත්තේ නම් ඒ වගේ මිදි මෑහි තියෙනවා.මෑහි කිව්වම මතක් උනේ....මිදි ගස් නෙමේ වෑල් විදියට යි හෑදෙන්නේ.සාමාන්‍යයෙන් මිදි වෑලකින් අවුරුදු 35-40 විතර කාලයක් අස්වෑන්න ගන්න පුලුවන්.හෑබෑයි අත ඈර දාලා නෙමේ හරි විදියට නඩත්තු කරලා හොදේ. ලංකාවෙ වගා කරන්න පුලුවන් හොද ප්‍රභේද දෙකක් තියෙනවා.එකක් කාඩිනල්.අනෙක ඊශ්‍රායෙල් බ්ලු.චායාරූප තියෙනවානේ.

ඒකෙනුත් මෙහේ වෑඩිපුර කරන්නේ ටිකක් තද පාට වෑඩි ඊශ්‍රායෙල් බ්ලු කියන මිදි ප්‍රභේදය තමයි. තෙත් කලාපෙත් මෙයා හදන්න පුලුවන්. පහලින්තියෙන්නේ ඒ වර්ගය.උඩ තියෙන්නේ කාඩිනල් කියන ප්‍රභේදය...
හිටවන්න තෑනක් තෝර ගන්න කොට හොදින්ම හිරු එළිය වෑටෙන තෑනක් ගන්න ඕන.විශේෂ දෙයක් නිතරම වතුර රෑදෙන තෙතමනය තියෙන තෑනක් නම් තෝරගන්න එපා.එහෙම උනොත් නම් ගෙඩි කන්න නම් වෙන්නෙ නෑ.වෑල විතරයි ඉතුරු වෙන්නේ කොලදාවත් එක්ක.... හරි අඩි3x3x3 වලක් සකස ගන්න ඕන.පොඩි වලවල් ගහලා නම් බෑ හොදේ.ටිකක් මහන්සි වෙන්න වෙනවා .දෑන් මේකට කොම්පෝස්ට් පොහොර කි.ග්‍රෑ 50 විතර පසුත් එක්ක කලවම් කොරලා පුරවාගන්න ඕන.හොදින් දිරාපු ගොම උනත් ගන්න පුලුවන්. හරිනේ දෑන් මිදි පෑලය ගනිමු.මාස 3/4 විතර වයසෙ පෑලයක් තමයි හිටවන්න වඩාත් ම සුදුසු වෙන්නෙ.අලුත් රිකිල්ලේ පුරුක් තුනක්වත් අඩුම ගානේ දුබුරු පාට වෙලා තියෙන්න ඕන.මේ විදියට......... පෑලයේ පොලිතින් බෑග් එක ඉවත් කරලා ගන්න ඕන.මුල් ටිකක් දිග වෑඩි නම් ඒවා හොද මුවහත් පිහියකින් ටිකක් කොට කරගන්න එක හොදයි.එතකොට වර්ධනයත් ඉක්මන් වෙනවා.දෑන් ඉතින් අපි කලින් සකස් කර ගනිපු වලේ මෑද්දට වෙන්න පෑලේ හිටවාගත්තොත් හොදා......
අප්පේ අමතක උනා.ඊට කලින් කරන්න ඕන වෑඩක් තියෙනවා....වලට මූලික පොහොර මිශ්‍රණය කලවම් කර ගන්න ඕන.හොදට මතක තියා ගන්න මූලික පොහොර යොදලා දින තුනකටවත් පස්සෙ තමයි වලේ පෑලය හිටවාගන්න ඕන. ඔන්න මූලික පොහොර යොදන්න ඕන ප්‍රමාණවල් හා ඊට පස්සෙ පොහොර දමන්නේ කොහොමද කියලා මේ වගුවේ තියෙනවා.
හරි වෑල් පුහුණු කිරීම මිදි වගාවේ කල යුතුම කාර්යයක්.මේ ක ක්‍රම කීපයකට කරනවා.ලොකු වගාවලට නම් වෑඩිපුරම භාවිතා කරන්නේ පන්දලම් ක්‍රමය. කොන්ක්‍රිට් කනු හා යකඩ බට යොදාගෙන තමයි මේ පන්දලම හදාගන්නේ.අවුරුදු ගානක්ම අස්වෑන්න ගන්න පුලුවන් වගාවක් නිසා කල් පවතින විදියට ශක්තිමත්ව හදා ගන්න ඕනා.මිදි වගාවේ ලොකු වියදමකුත් යන්නේ මේ වෑඩේට තමයි.
ඒත් ගෙදරක වෑලක් දෙකක් හදාගන්නවා නම් "වෑට ක්‍රමය" හරි "පදුරු ක්‍රමය" ට හරි වෑල් පුහුණු කර ගෑනීම කරගන්න පුලුවන්......
. මිදි වෑලකින් අස්වෑන්න ගන්න නම් මිදි කප්පාදුව අනිවාර්යයෙන්ම කල යුතුමයි.ගොඩ දෙනෙක්ට තියෙන ගෑටලුවක් තමයි හොදට වෑල නම් හෑදිලා තියෙනවා.ඒත් ගෙඩි නම් නෑනේ කියලා.ඉතින් හේතුව කප්පාදුව නොකිරීම .ඒක විශේෂ විදියකට සෙකටියරයක් යොදාගෙන කරන්න ඕන.මිදි කප්පාදුව අවුරුද්දකට දෙසෑරයයි කරන්නේ.කප්පාදුවෙන් පස්සේ තමයි ගෙඩි හෑදෙන්නේ.අවුරුද්දකට අස්වනු වාර දෙකක් ගන්න පුලුවන් ඒ විදියට..... මිදි කප්පාදුව ගෑන වෙනම ලිපියක් ලියන්නම් ඉදිරියේදි අපේ යාලුවන්ට දෑන ගන්න.මේ විස්තර ටිකත් පුලුවන් තරම් කෙටි කරලා තමයි මේ කිව්වේ.වගාවක් නොකලත් පොඩි හරි අදහසක් ගන්න.මොකද දවසක් මගේ යාලුවෙක් ඈහුවා ලංකාවෙ මිදි වවන්න පුලුවන්ද කියලාත්.ඉතින් මේ විදියට නඩත්තු කරලා ආදායම් ගන්න මිදි වගා කරන ගොවි මහත්වරු මේ පෑත්තේ ඉන්නවා.මිදි පෑලයක් රුපියල් 80-100 වගේ මුදලකට ගන්න පුලුවන් පෑල අලෙවි කරන තෑනකින්. ඉතින් මොනවා හරි ගෑටලුවක් තියෙනවා නම් අහන්න යාලුවනේ.........

Related Posts Plugin for WordPress, Blogger...