.



ජීවිතය හරි පුදුමාකාර දෙයක් කාලය ගතවෙලා යනවා අපටත් හොරෙන් හරිම ඉක්මනට.ඉතින් මම බ්ලොග් ලිවීම පටන් ගන්න කොට මම අවිවාහකයි...ඊට පස්සේ මම විවාහ උනා. දෑන් තව එක්කෙනෙක් අපේ ජීවිතයට ඈවිත් ඉන්නවා.ඒ අපේ පුංචි පුතා නමින් සෙහත්.....දෑන් හරියටම එයාට මාස තුනක්.....ඉතින් පුංචි පුතේ දෑන් ඔයා තමයි අපේ ජිවිතය අපේ බලාපොරොත්තුව එකම එක.....හිතෙනවා අපි නෑති උනත් මගේ , අපේ ජිවිතය නෑතිවෙලා නෑ...කියලා  ඒ ඔයා නිසා.....ඔයා ඉක්මනටම තෙරෙන වයසට ආවාම  මම ඔයාට පෙන්වන්නම් ඔයා වෙනුවෙන් ලිව්ව මේ සටහන.ඉක්මනට ලොකුවෙන්න...මම ඒ කාලෙදි ඔයාට කියලා දෙන්නම් බ්ලොග් ලියන්නත්.....ලොකු කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක පෑත්තේ ආවෙ ඒ ඔයා වෙනුවෙන් මේ සටහන තියලා යන්න...

මේ ඔයාගේ තාත්තා....

ගමන පටන් ගත්තේ බෙලිහුල් ඔය ඉදලා.හොදට අව්ව පායලා තිබුනා.ලස්සන දවසක්.මේ යන්නේ බදුල්ල පෑත්තට,

පාරෙ දකුණු පෑත්ත ගොඩක්ම ලස්සනයි.මේ පහලින් පේන්නේ තණමල්විල වෑල්ලවාය සූරියවෑව වගේ ප්‍රදේශ 

 එතකොට මේ කවුද?ඔව් ඒ මම සහ මගේ යාව ජීව මිත්‍රයා.මාත් එක්ක තවත් යාලුවො දෙන්නෙක් ගමනට සහභාගී උනා


මේ අපි සේන්දු වෙන්නේ බෙරගලට,මෙතන ඉදන් හපුතලේ දක්වාම ඉතින් බයිසිකලේ ෆස්ට් සෙකන්ඩ් ගියර වල තමයි අදින්න උනේ.කන්දනේ...

කාලගුනෙත් වෙනස් උනා සීතලත් එක්කම අහසත් වලකුලෙන් බර උනා.නාන්න වෙයි වගේ

ඔන්න අපි හපුතලේටත් ආවා එහෙනම්

හපුතලෙන් අපි ගමන් මග වෙනස් කරලා ටවුමෙන් දකුනු පෑත්තට තිබෙන   මාර්ගයේ ගමන් කලා.පාර නම් හොදටම අබලන් ඒ වගේම පටුයි.බලන්න මීදුම කොයි තරම් ඝනේට තියෙනවද කියලා

ආ මෙයාලා ගෑන කිව්වෙ නෑත්නම් හොද නෑනේ.මේ මාත් එක්ක ගමනට සහභාගී උන අනෙක් යාලුවො දෙන්නා.සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන වසරේ මල්ලිලා දෙන්නෙක්.

මම නම් ජීවත් වෙන්න ආසම පරිසරය මෙතන තියෙනවා.

හරිම ලස්සන වටපිටාවක් තමයි දකින්න ලෑබුනේ

ඔහොම කිලෝමීටර් දහයක් විතර යද්දී පාර දෙකට බෙදෙනවා.එතනින් වම් පෑත්තට තියෙන පටු පාරෙ තමයි අපි යන්න ඕන.මෙතන ඉදන් කිලෝ මීටර් 07 තියෙනවා අපේ ගමනාන්තයට ඒ කිව්වෙ ලිප්ටන් සීට් වලට

කන්දෙ මුදුනට තමයි අපි මේ ටික ටික කිට්ටු කරන්නේ

පාරෙ දෙපෑත්තම ලස්සනයි කොලපාටයි.තේ තමයි ඉතින්....

ඔන්න අපි මුදුනටම ආවා මෙතෙන්ට තමා ලිප්ටන් සීට් කියලා කියන්නේ.හතර වටෙන්ම වලකුලු මීදුමෙන් වෑහුනු වට පිටාවක් තමයි දකින්න ලෑබුනෙ.ආ සීතල ගෑන නම් කියලා වෑඩක් නෑ.මම හිතන්නේ සෙන්ටිග්‍රේඩ් 12 කට වඩා අඩු උෂ්නත්වයක් තමයි ඒ හරියෙ තිබුනේ.මෙතනින් බෑලුවම රටේ දකුනු කොටසේ හම්බන්තොට දක්වාම බලන්න පුලුව්න් විව් පොයින්ට් එකක් තමයි තියෙන්නේ.



හරි මොකද්ද මේ ලිප්ටන් සීට් කියන්නේ.කොහොමද ඒ නම වෑටුනේ මොකද්ද මෙතන විශේශත්වය?ඔන්න ඒ ගෑන විස්තරේ මෙතන තියෙනවා හොදේ.

 පේන්නෙ නෑ වගේනෙ ඔන්න ලොකු කරලා දෑම්මා 

ඉතින් යාලුවනේ එනකොට නම් හොදටම නාගෙන තමයි එන්න උනේ.එ තරම්ම වෑස්සා.ඉතින් ගොඩාක්ම කෙටියෙන් තමයි විස්තරේ කිව්වෙ ඔයාලට.එහෙනම් සුභ සති අන්තයක් ඔයාලට ගිහින් එන්නම්.....

Related Posts Plugin for WordPress, Blogger...